අනුන්ට හිංසා කිරීම
බරපතළ විපාක
ගෙන දෙයි
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, පසුගිය ලිපි කිහිපය තුළම අප කතා කළේ නරක වැඩ, පව් වැඩ කරන අයට
විඳින්නට සිදුවන දුක් විපාක පිළිබඳව යි. බොහෝ අය වැරැදි කළත් ඒවායෙන් ලැබෙන විපාක
ගැන හිතන්නේ නෑ. පුංචි කාලේ සිටම තමන් සිතන දේ ගැන, කියන දේ ගැන, කරන දේ ගැන හොඳින්
දැනගෙන, ඒ වායේ විපාක දැනගෙන සිටීම මොන තරම් වටිනවා ද?
ඉතින් දරුවනේ, මාතලී දිව්‍ය පුත්‍රයා නිමි මහ රජතුමා රැගෙන තවත් අපායකට රථය
පැදවූවා. එය මළ මුත්‍රාවලින් පිරුණු, අතිශයින් අපිරිසුදු ,අතිශයින් දුර්ගන්ධය හමන
අපායක්. එහි අසූචිවලින් පිරිණු වළවල් රාශියක් තිබෙනවා. ඒවා ගිනිගෙන . දුම් දමමින්
පැසි පැසී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවනේ, ආහාර නැතිව කුසගින්නේ දුක් විඳින අපාගත
නිරි සතුන් එහි සිටිනවා. ඒ අය මොනවාද කරන්නේ දන්නවාද? බඩගින්න ඉවසාගත නොහැකිව, දුම්
දමමින් පැසෙන අර අසූචි ගුලි කොට, පිඬු කොට අනුභව කරනවා. මේ දුටු නිමි රජතුමාට අතිශය
පිළිකුලක් දැනෙනවා. මහත්සේ බියට පත් වෙනවා.
“මාතලී මේ අය මේ සා දුක් විඳින්න කළ අකුසල් මොනවා ද?
රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අසනවා.
“යෙ කෙචි මෙ කරණීක විරොසකා
පරෙසං හිංසාය සදා නිව්ට්ඨා
තෙලුද්ද කම්මා පසවෙත්වා පාපං
මිත්තද්දුනො නීල්හ මදෙන්ති බාලා
පහදො අයං ලොහිත පුබ්බපූරො
දුග්ගන්ධ රූපො අසූචි පූතිවායති”
මේ ගාථාවට අනුව මිනිසුන්ගේ, අනෙකුත් සත්ත්වයන්ගේ අත්පා සිඳලීම, ශරීරාංග වෙන් කිරීම,
මනුෂ්‍යයන්ට දරුණු වධ හිංසා දීම, අවි ආයුධවලින් පහරදීම, පුපුරන ද්‍රව්‍යවලින් ශරීර
විනාශ කිරීම, මෙවැනි අපායක දුක් විඳින්නට හේතු වනවා. ඒ විතරක් නොවෙයි දරුවනේ,
තමන්ගේ යහළුවන් අනවශ්‍ය ලෙස වෙහෙසවනවානම්, ඒ අය සම්බන්ධ කරවා හෝ තමන් විසින් හෝ
අනුන්ට හිංසා පීඩා කරනු ලබනවා නම් ඒ වැනි අයට උපදින්නට සිදු වන්නේ නිමි මහ රජතුමා
අතිශය බියට පත් කළ මේ අපායේ යි.
ඒ වගේම දරුවනේ, අනුන්ගේ ආහාරපාන අනුභව කරලා, ඒ අය විසින්ම සකසන ලද ඇඳ පුටු පරිහරණය
කරලා පසුවට ඒ උපකාර කළ මිතුරන්ගේ ධනය පැහැර ගන්නා අය, ඒ කියන්නේ සමීපව සිට සොරකම්
කරන අය උපදින්නේත් මේ අපායේ ම යි.
යම් කිසි වැඩක් කර දෙන්නම් යැයි පවසා අල්ලස් ගන්නා අය, සුළු පරිමාණයේ, මහා පරිමාණයේ
සොරකම් කරන අය, මිත්‍රද්‍රෝහී අය මේ හැම කෙනෙකුටම උපදින්නට සිදු වන්නේත්, මේ අසූචි
අනුභව කරන භයානක අපායේ කියලා මාතලී දිව්‍ය පුත්‍රයා නිමි රජතුමාට පැහැදිලි කළා.
ඉන්පසු ඒ අපායේ සිට තවත් අපායකට නිමි මහ රජතුමා රැගෙන ගියා. මේ අපාය හරිම දුර්ගන්ධ
යි. රුධිරය සහිත සැරව පිරුණු ඉවසාගත නොහැකි දුර්ගන්ධවත් විලක් එහි තිබෙනවා. ගිනි
රශ්මියෙන් අතිශයින් ම පීඩාවට පත්, පිච්චි, පිච්චී දැවෙන එහි සිටින නිරි සතුන් හරිම
පිපාසයෙන් සිටිනවා. බීමට වතුර බිංදුවක් හෝ එහි නෑ. පිපාසය දරාගන්නට නොහැකිව ඒ නිරි
සතුන් අර අපවිත්‍ර විලෙන් අපවිත්‍ර වූ ලේ සැරව පානය කරනවා. පෙර සඳහන් අපාය දැක
අතිශයින් පිළිකුලට පත් වූ නිමි රජතුමා මේ අපායේ නිරි සතුන් විඳින මේ සා දරුණු විපාක
දැක මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඒ ගැන විමසනවා. “මාතලී, මේ අය මේ තරම් දරුණු විපාක
ලැබුවේ කවර නම් අකුසල් කරලා ද?”
යෙ මාතරං වා පිතරංවා ජීව ලොකෙ
පරාජිකා අරහන්තෙ හනන්ති
තෙ ලුද්ද කම්මා පසවෙත්වා පාපං
තෙ මෙ ජනා ලොහිත පුබ්බ භක්ඛා
මාතලී දිව්‍ය පුත්‍රයා පැහැදිලි කළා. මේ ගාථාවට අනුව අම්මා, තාත්තා, මරණයට පත් කළ
අය, හිංසා කළ අය, මහරහතන් වහන්සේ ඝාතනය කළ අය, ස්වාමීන් වහන්සේලාට වධ හිංසා කළ අය
උපදින්නේ මේ අපායේ යි. ඒ වගේම මව්පියවරු, ස්වාමීන් වහන්සේලා නිකරුණේ හිරේ විලංගුවේ
දැමූ ගිහි පාරාජිකා බවට පත් වූ අය ඒ කියන්නේ ජීවිතේ පැරදුණු අය උපදින්නේ මේ අපායේ
යි. ඒ වගේම පූජා සත්කාරයන්ට. වඳින්නට පුදන්නට සුදුසු සිල්වත්, ගුණවත් බුද්ධ
ශ්‍රාවකයින්ට ඒ කියන්නේ භික්ෂු, භික්ෂුණී. උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසම
නැසූ, වධහිංසා කළ පව්කාර පුද්ගලයන්, මේ අපායේ ඉපදී ලේ සැරව අනුභව කරමින් අනන්ත දුක්
විඳින බව මාතලී දිව්‍ය පුත්‍රයා පැවසුවා.
ඉතින් දරුවනේ, තමන්ට වඩා සිල්වන්ත, ගුණවන්ත උතුමන්ට වචනයකින්වත් හිංසා පීඩා කළොත්.
අපහාස කළොත්, වධ හිංසා දුන්නොත් ඒ හැමෝටම යන්නට වන්නේමේ අපායට බව මතක තබා ගන්නට
ඕනෑ.
- රමණී සුබසිංහ |