ධම්මදායාද සූත්‍රය
රාජකීය පණ්ඩිත
කථිකාචාර්ය
යෝධකණ්ඩියේ අරියවංස හිමි
ධර්මදායාදයේ වැදගත්කම දැක්වීම සඳහා අට්ඨුප්පත්තික නික්ඛේපයක් වශයෙන් හෙවත් උපන්
කරුණු නිමිතිකොට බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී භික්ෂූන් වහන්සේ අමතා මෙම
ධම්මදායාද නම් මජ්ක්‍ධිමනිකායේ තුන්වැනි සූත්‍රය දේශනාකොට වදාළහ.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පිරූ දාන පාරමි සමූහයාගේ ආනිසංස යම් සේ ද,
එහෙයින් භාග්‍යවතුන් වහන්සේට මහත් වූ ලාභ සත්කාරයෝ උපන්නාහ. ඒ ඒ දිසාභාගවලින් බත්,
පැන්, යහන්, වත්, මල්ගඳ විලවුන් ආදිය ගත් අත් ඇති රජවරු බමුණු ආදිහු ගැල් සිය
ගණනින් සිවුපස ගෙනවුත්, භගවත් ගෞතමයන් වහන්සේ සොයති. එපරිද්දෙන් භික්ෂූන්ට ද
සිවුපසය ආදි ලාභ සත්කාර ලැබිණ. ක්‍රමයෙන් ප්‍රත්‍යය ගරුක වූවාහු ප්‍රත්‍යයෙහි
ගිජුවූවාහු ප්‍රත්‍යය පිළිබඳ බහුල පැවතුම් ඇත්තාහු වූහ. පසුබත් කාලයෙහි ගෙඩිය ගසා
එක්ව, තෙල් මී උක් සකුරු ආදිය අපගේ ආචාර්යයන්ට, අපගේ උපාධ්‍යායන්ට දෙවැයි, උස්හඬින්
ශබ්ද කෙරෙති.
නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යය අකැපයයි ශික්ෂාපද නො පැනවූහ. කුලපුත්‍රයන්ගේ
මහණකම ප්‍රත්‍යය සම්බන්ධ වූවක් ම ය. ඉදින් ධම්මදායාද පටිපදාව දේශනා කරන්නේ නම්, ඕ
තොමෝ හික්මෙන්නා වු කුලපුත්‍රයන්ට ශික්ෂාපද ප්‍රඥප්තියක් මෙන් වන්නේ ය. ශික්ෂාකාමී
කුලපුත්‍රයෝ ශික්ෂා යෝග මණ්ඩනයෙන් තමන් මණ්ඩනය කරනු කැමැත්තාහු, සර්වකායික කැඩපතක්
බඳු වූ දේශනාව ආවර්ජනා කොට, ආමිස දායාද ප්‍රතිපදාව දුරලා ධර්ම දායාද ප්‍රතිපදාව
පුරන්නාහු වහාම ජාති, ජරා, මරණ කෙළවර කරන්නාහු යන අර්ථෝත්පත්තියෙහි සිට ධම්මදායාද
සූත්‍රය දේශනා කිරීමට හේතුවු මෙම නික්ඛේය පපංචසූදනී නම් මජ්ක්‍ධිමනිකායට්ඨකථාවෙහි
දැක්වේ.
මහණෙනි, මාගේ ධර්මය හිමිකොටගත්තෝ වන්න. ආමිසය හිමිකොටගත්තෝ නො වන්න. මාගේ ශ්‍රාවකයෝ
ධර්මය හිමිකොටගත්තවුන් නොවන්නේත්, ආමිසය හිමි කොටගත්තවුන් වන්නේත්, කොහොමද කියා
ඔබලා ගැන මට අනුකම්පාව තිබේ. (ධම්මදායාද, මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදාඅත්ථි මෙ
තුම්හෙසු අනුකම්පා) ඔබලා ධර්මදායාද නොවී ආමිස දායාද වන්නේ නම්, ශාස්තෘන් වහන්ස්ගේ
ශ්‍රාවකයෝ ධර්ම දායාදව නො වසති. ආමිස දයාදව වසති කියා ඔබලාත් ගැරහිය යුත්තෝ වෙති.
මමත් එයින් ගැරහිය යුත්තෙක් වෙමි. ඔබලා මාගේ ධර්මය දායාද කොට වන්නේ නම්, ආමිසය
දායාද කොට නො වන්නේ නම්, එයින් ඔබලාත් ගැරහිය යුත්තෝ නො වන්නාහ. මමත් ගැරහිය
යුත්තෙක් නො වෙමි.
කුසගින්නේ පැමිණ භික්ෂූන් දෙදෙනෙකු අමතා තමන් වළඳා ඉතිරි ආහාර ඇති බවත්, කැමැති නම්
ඒවා වැළඳිය හැකි බවත්, නැතහොත් ඉවත දැමිය හැකි බවත් පවසමි. එවිට එක් භික්ෂුවක් ධර්ම
දායාදයට කැමැත්තෙන් මා මේ ආහාරය නො වළඳා මේ බඩගිනි දුබලතාවයෙන් ම මේ රෑ දාවලගෙවන්නේ
නම් මැනවයි සිතයි. අනෙක් භික්ෂුනම සිතනුයේ භාග්‍යවතුන් වහන්සේ පමණ ලෙස වළඳා නිම කොට
සෑහී අහරකිස නිමවා තිබේ. අහරකිස දැමිය යුතු ඉතිරි අහරත් තිබේ. අප නො වැළඳුවොත්
භාග්‍යවතුන් වහන්සේ දැන් තණ නැති තැනැක හෝ හළති. සතුන් නැති දියක හෝ පා කරති.
මා මේ ආහාර වළදා සාදුක් රහිතව ම මේ රෑ දාවල ගෙවතොත් මැනවි යනුවෙනි. මේ දෙදෙනාගෙන්
පළමු භික්ෂු නම මා විසින් පූජ්‍යතරත් ප්‍රශංසනීයත් වෙයි. ඒ භික්ෂුනම බොහෝ කල්
අප්පච්ඡතාව අල්ප වූ අපේක්ෂා ඇති බව) සන්තුට්ඨිතාව ( ලද දෙයින් සතුටුවීම) සල්ලේඛය (
දුරුකළ යුතු දේ දුරු කිරීම) සුභරතාව (පහසුවෙන් පෝෂණය කළ හැකි වීමය) විරියාම්භය
(ආරම්භ කළ විර්යය ඇති බව) පිණිස පවත්නා හෙයිනි. එබැවින් මහණෙනි, ධර්ම දායාදයෝ වව්.
කෙසේ ධර්ම දායාදයෝ වෙත්දැයි ඔබලා ගැන මට අනුකම්පාව තිබේ යැයි පැවසු බුදුරජාණන්
වහන්සේ ආසනයෙන් නැඟිට විහාරයට පිවිසියහ.
බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩමවා, නොබෝ වේලාවකින් එහි වැඩම කළ සැරියුත් තෙරුන්
වහන්සේ ශාස්තෘන් වහන්සේ විවේකීව වැඩසිටිය දී ශ්‍රාවකයෝ ද දුරුකළ යුතු ලෝභය, ද්වේෂය
සහ මෝහය හේතුවෙන් හටගන්නා වු ක්‍රෝධය (කිපීම) උපනාසය (වෛරය අත් නො හැරීම) ගුණමකුකම
( අනුන්ගේ ගුණ නැසීම) පළාසය ( තම ගුණ නැතිව ගුණවතුන්ට සමාන කොට සිතීම) ඉස්සය
(ඊර්ෂ්‍යාව හෙවත් අනුන් සැප නො ඉවසීම) මච්ඡය (මසුරුකම ) මායාව (පාපය වැසීම)
සාඨෙය්‍ය (කපටිකම හෙවත් අනුන් සැප නො ඉවසීම) මච්ඡය, (මසුරුකම) මායාව (පාපය වැසීම)
සාඨෙය්‍ය (කපටිකම හෙවත් තමා තුළ නැති ගුණ කීම) ථම්භය (සිතේ තදබව) සාරම්භය (එකට
වැඩියෙන් එකක් කිරීම) මානය (උසස්යැයි හැගීම) අධිමානය (අහංකාරබව) මදය (මත්බව) පමාදය
(කාමයෙහි සිත් බැස ගැනීම ) දුරු කරමින්, නීවරණ බැහැර කරමින්, නිවන පිණිස වූ මධ්‍යම
ප්‍රතිපදාව නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා
ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, කැමැතිව විවේකය පුරුදු කළ යුතු බව
පෙන්වා දුන්නේ ය.
සැරියුත් තෙරුන් වහන්සේ මෙය වදාළ කල්හි එයට සතුටු සිත් ඇති ඒ භික්ෂූහු සැරියුත්
තෙරුන් අවසන් කරන ලද ධම්මදායාද සූත්‍ර දේශනයට මනාප වූහ. |