සොඳුරු රුවයි
අකුසලයයි
ශ්‍රී
ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
මිනිසා මෙහෙයවනු ලබන්නේ සිය මනස විසින් ය. මිනිස් සිතට නැගෙන යහපත් හා අයහපත් අදහස්
පෙරදැරිව ක්‍රියා කරයි. ජීවිතය පරිස්සමින් ගොඩනඟා ගත යුතු ය. එසේ කිරීමට උනන්දුවන
කෙනෙකු අනිවාර්යයෙන්ම දහමෙහි උගන්වන කර්ම විපාක කෙරෙහි ද දැඩි උනන්දුවක් දැක්විය
යුත්තේ ය.
මනා රූපශ්‍රීයෙන් පරිපූර්ණ වූ සිරුරක් සහිතව උපත ලබන කාන්තාවන් ආර්ථික
අගහිඟකම්වලින් පිරුණු අතිශය දිළිඳු බවට පත්ව සමාජය තුළ ජීවත්වන අවස්ථා අත්දැකිය
හැකි ය. අප ඒ සඳහා විවිධ කාරණා ඔස්සේ පිළිතුරු සෙවිය හැකි ය. එහෙත් අර්ථවත්
පිළිතුරක් නොලැබෙන තරම් ය. බුදුරජාණන් වහන්සේ මල්ලිකෝවාද සූත්‍රයෙහි දී එම
ප්‍රශ්නයට පිළිතුරු ලබා දී ඇත.
බුදුරජාණන් වහන්ස, යම් ස්ත්‍රියක් මේ ලෝකයෙහි මනා රූ ඇත්තී වේද, දැකුමට පි‍්‍රය ද,
සතුට එළවයිද, ශ්‍රේෂ්ඨ වර්ණයෙන් සෞන්දර්යෙන් යුක්ත වේද එහෙම නමුත් ඉතා දිළිඳුව ධන
ධාන්‍ය උපභෝග පරිභෝග වස්තු නැතිව මහ ධන බලවතියක් නොවී උපදී ද, මෙබදු තත්ත්වයක්
උදාවීමට හේතු කවරේද? රූසිරි පිරි සිරුරක් ලැබීම හා අතමිට හිඟව උපත ලැබීම යන ප්‍රශ්න
දෙකක් අන්තර්ගතව පවතින බව වැටහෙයි. ඒ අනුව සූත්‍රයෙහි සඳහන් පිළිතුර මෙසේ ය.
“මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් ක්‍රෝධ නොකරන්නී වේද, කිපීම බහුල කොට නැත්තී වේද,
නොකිපෙයිද, කිපී ප්‍රකෘති ස්වභාවය අත් නොහරි ද, තද බවට නොපැමිණෙයි ද ක්‍රෝධ ද්වේෂ
ප්‍රකාශ නොකරයිද එසේ වුවත් එබඳු කෙනෙකුට පරිත්‍යාගශීලී සිතිවිල්ල මනසෙහි නැතිද
අන්‍යයන්ට ලැබෙන ලාභ සත්කාර, ගරු සත්කාරවලදී ඒවා ලබන අය කෙරෙහි ඊර්ෂ්‍යා සිතිවිලි
ඇතිකරගෙන මනස අපිළිවෙළ කරගනී ද එබඳු තැනැත්තියකට උරුම වන්නේ මෙබඳු ලක්ෂණයයි.”
සැප පහසු ජීවිතය තීරණය කිරීමටත් ශරීර පැහැය තීන්දු කිරීමටත් මූලික වශයෙන්ම පුද්ගල
මනස බලපාන බව පැහැදිලි වෙයි. පෘතග්ජන සමාජය යම් යම් සිද්ධි දකින දෘෂ්ටියකට වඩා එහා
ගිය කිසියම් නිවැරැදි චින්තනයක පිහිටා බුදුසමය අසිරිමත් වූ විග්‍රහයක් ඉදිරිපත් කර
ඇත. මෙම ගැටලුව නිරාකරණය කිරීමේ දී තවත් එබඳුම ගැටලුවක් ඉස්මතු වනු ඇත. එනම්,
රූපශ්‍රීයෙන් වත් පොහොසත්කමෙන් ආඪ්‍ය වූ අඟනුන් මෙලොව උපත ලබන්නේ කෙසේද? යන්න ය.
සමාජය අධ්‍යනය කරන විට කාන්තාවන් අතර මෙවැනි ස්වභාවයක සමාජ වටපිටාවක් පවතී. සූත්‍ර
දේශනාව අනුව එම ප්‍රශ්නයට පිළිතුර මෙසේ ය. බුදුරජාණන් වහන්ස, කවර කාරණයකින් මේ
ලෝකයේ යම් ස්ත්‍රියක් යහපත් රූ ඇත්ති ද, දැකුම්කළු ද, සතුට එළවයි ද ශ්‍රේෂ්ඨ
වර්ණයෙන් හා සෞන්දර්යෙන් යුක්ත වේද ධන ධාන්‍ය සම්පත් ඇත්තීවේද මහා භෝග සම්පත් ඇත්තී
වේද, පිරිවර ඇත්තී වේද, මෙයට හේතු කවරේද යනුයි.
මෙම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුර මෙසේ ය. මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් ක්‍රෝධ නොගන්නී
වේද, ක්‍රෝධ බහුලකොට නැත්තේ වේද, බහුල ක්‍රෝධයෙන් යුතුව ප්‍රකෘති ස්වභාවය අත්නොහරී
ද තද බවට නොපැමිණේ ද, නිතර නිතර කෝපය, ද්වේෂය නොසතුට ප්‍රකාශ නොකරයි ද
පරිත්‍යාගශීලී වන්නී ද, ඊර්ෂ්‍යා සහිත සිත් නැත්තීද අනුන්ගේ ලාභ සත්කාර ගරු සත්කාර
වැඳුම් පිඳුම්වලදී ඊර්ෂ්‍යාව නොකරයිද ඉන් යමි ආත්මයක උපත ලබයි ද ඊර්ෂ්‍යා ක්‍රෝධ
නොකළ නිසාත් අනුන්ගේ ලාභ සත්කාරවලදී ඊර්ෂ්‍යා නොකළ නිසාත් මනා රූ ඇත්තියක වෙයි.
දැකුමට පි‍්‍රය වී ප්‍රසාද එළවයි. ශ්‍රේෂ්ඨ වර්ණයෙන් හා සෞන්දර්යෙන් යුක්ත වෙයි.
පරිත්‍යාගශීලී වූ නිසා මහත් ධන ඇත්තේ වෙයි. මහත් පරිසර ඇත්තේ වෙයි යනුවෙන් වදාළහ.
මේ අනුව පුද්ගලයකුගේ පැහැය තීරණය වීමට මූලික වශයෙන්ම පුද්ගල මනස විශාල වශයෙන් බලපාන
බව බුදුදහම අවධාරණය කර ඇත. එසේම යම් පුද්ගලයකුගේ වත්පොහොසත්කම් වැඩිදියුණු
කරගැනීමටද පුද්ගල මනස බලපානු ඇත.
අනෙකා වැරැදි අඩුපාඩු නිතර නිතර මතු කරමින් ඒවා හුවා දක්වනවා නම් හේ ඒ පිළිබඳව තමන්
දුක්වෙනවා නම්, එතන සමාජය පිළිබඳව හිතවත්කමක් නැත. බොහෝ කාන්තාවන් තුළ ද මෙම අවර
ලක්ෂණය එදා මෙදා සංසන්දනාත්මකව බලන විට ප්‍රමාණාත්මකව වැඩි බවක් ඇතැයි සිතිය හැකි
ය.
කුරු රට හස්කිනී පුරයෙහි වඩාත් බුදුදහමට ලැදි වූ මිනිසුන් ජීවත්ව සිටි බැවින් මුළු
ප්‍රදේශයම ආගමික පසුබිමක සරසවා භික්ෂූන් රැස්කරවා දන් පැන් පූජා කළහ. බොහෝ පිරිස්
එය දැක සතුටු වුවද, එක්තරා කාන්තාවක් එම පින්කම දැක කිසිදු සහයෝගයක් නොමැතිව කිපී
බැණ වැදුණා ය. අනෙක් සැදැහැතියෝ “ඔබත් මේ පින් අනුමෝදන් වෙන්න” යැයි කී විට වඩාත්
කිපුණා ය.
“මේ මුඩු මහණුන්ට දන් දීමෙන් ඇති ප්‍රයෝජන කුමක්දැයි” කියා තම අප්‍රසාදයම පළ කළා ය.
එම ඇත්තිය පසුකාලීනව මියගොස් එක්තරා ගමක දිය අගලක විරූපී ප්‍රේතියක් ලෙස උපත ලැබුවා
ය.
ඇතැම් පිරිස් හිතාමතා අකුසල් රැස්කරගනී. තමනට කුමන ආකාරයකින් හෝ අදාළ නොවන දේවලට
සහයෝගයක් හෝ පළ නොකොට අදහස් පළ කරන්නට යාමෙන් අකුසල් සිදුකර ගනු ලබයි. සේරිජ්
ප්‍රේතියගේ කතාව ද ඒ සඳහා නිදසුනක් ලෙස දැක්විය හැකි ය.
- හේමමාලා රන්දුනු |