Print this Article


හව්පේ ශ්‍රී සෝමානන්ද නාහිමියෝ අපවත් වෙති

හව්පේ ශ්‍රී සෝමානන්ද නාහිමියෝ අපවත් වෙති

පාමංකඩ ශ්‍රී මහා විහාරය, කලුබෝවිල ශ්‍රී සුනන්දාරාමය යන විහාරද්වයාධිපති බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති “සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර” ශාස්ත්‍රවේදී හව්පේ ශ්‍රී සෝමානන්දාභිධාන හේවාගම්කෝරළයේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මද කලක් රෝගාතුරව සිට ඉකුත් දා (06) අපවත් වී වදාළහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයක් දැරූ සෝමානන්ද නාහිමියෝ දෙහිවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූහ.