වසල සූත්‍රය
- 3 ෙකාටස:
ගල්කිස්ස
උසස් බාලිකා විද්‍යාලයේ
සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති
බුස්දුල්ලේ
සිරිධම්ම හිමි
මිනිසුන් දිට්ඨ මංගලිකාට සිනාසෙති. තම පාප කර්මයෙන් සැඩොල් බවට පැමිණි මැය මහා
බ්‍රහ්මයාට අයිති වන්නේ කෙසේ ද? දිට්ඨ මංගලිකා මෙයින් සයවෙනි දවසේත්, පස්වෙනි
දවසේත්, හතරවැනි දවසේත් ආදි ලෙසම තම ස්වාමියා තමා සමීපයට එන්නේ යැයි ප්‍රකාශ කළා ය.
අවසාන දවසෙහි අහස බලා සිටිද්දී මාතංග අහස් තලයට නැග සඳ විමන බලා සිටින්නවුන්
පුදුමයට පත් කරමින් මහා බ්‍රහ්ම රූපයෙන් නික්මුණේ ය.
ජනතාව ද අනුක්‍රමයෙන් තමන් වෙත මහා බ්‍රහ්ම ලීලාවෙන් පැමිණෙන්නා දැක දිට්ඨ මංගලිකා
ඇත්තක් ම කී යැයි යන අදහස ඇති කර ගත්හ. මහා බ්‍රහ්ම තෙමේ ද දිට්ඨ මංගලිකා සිටි තැනට
ම බැස්සේ ය. දිට්ඨ මංගලිකා ඒ මොහොතෙහි දරු ගැබක් දරා ගැනීමට සුදුසු තත්වයට පත් වූවා
ය. මාතංග ඇඟිලි අගින් නාභිය පිරිමැද ඇයට දරු ගැබක් දුන්නේ ය. අනතුරුව ඇයට අනාගතයේ
දී පුතෙකු ලැබෙන්නේ ය. ඔහු හේතු කොටගෙන ජීවත් වේවායි ප්‍රකාශ කොට මහජනයා බලා
සිටියදීම නැවත සඳ විමනට පිවිසියේ ය. නගරවාසීන් ද, ජනපදවාසීන් ද අප්‍රමාණව පැමිණ
දිට්ඨ මංගලිකාට සැලකිලි සත්කාර කරති. කාලයාගේ ඇවෑමෙන් දිට්ඨ මංගලිකා දරුවෙකු බිහි
කළා ය. විවිධ දේශයන්ගෙන් සිය දහස් ගණන් කුමාරයා ඉල්ලාගෙන පිරිස් පැමිණියේ ය. මාතංග
පණ්ඩිතයා ද තමාගේ පුතා දන් දෙන්නේ දැයි බලා බ්‍රාහ්මණයන්ට
පමණක් දන් දෙන බව දැක
සිවුරු පොරවා සියල්ලන්ට ම දන් දෙන්නේ යැයි පැමිණ දොරකඩ සිටියේ ය. කුමාරයා ඔහු දැක
මෙබඳු අපිරිසුදු චණ්ඩාලයෙකු, වසලයෙකු කොහේ සිට පැමිණියේදැයි කෝපයෙන් ප්‍රශ්න කළේ ය.
නුඹ මේ ස්ථානයට නොපැමිණිය යුත්තෙකි. දක්ෂිණාවට නුසුදුස්සෙකු වී යි කී ය. බමුණෝ ද
අල්ලා ගනුවයි කියමින් අල්ලා ගෙන මාතංග පණ්ඩිතයාට පීඩා කළහ. ඒ අවස්ථාවේ දී දෙවියන්
කිපී කුමාරයා අල්ලා ඔහු ගෙලෙන් අල්ලා හිස පොළවට ද, පා ඉහළට ද සිටින සේ පිහිටෙව්වේ
ය. දිට්ඨ මංගලිකා තම පුතා මුහුණ දී ඇති තත්වය දැක එය සිදු වූ ආකාරය විමසා වහා මාතංග
පණ්ඩිතයා වෙත දිව ගියා ය. දිට්ඨ මංගලිකා තමාගේ දාසයන් නොදැන කළ දේට සමාවන්නැයි
මාතංග පණ්ඩිතයාගෙන් ඉල්ලා සිටියේ ය. එකල්හි මාතංග පණ්ඩිතයා තමන් අනුභව කළ කැඳ
කෝප්පයෙන් ටිකක් ඉතිරි කර යමෙකුට භූත විකාර ඇත්නම් ඔහු ගේ ශරීරයට මෙම කැඳ ටික
ඉසීමෙන් විකාර රහිත වන්නේයැ යි ප්‍රකාශ කළේ ය. දිට්ඨ මංගලිකා එසේ කළා ය. කුමාරයා
ප්‍රකෘති තත්වයට පත් විය. පණ්ඩිතයන් වහන්සේ සමා කර ගන්නා ලෙස දිට්ඨ මංගලිකා ඉල්ලා
සිටියා ය. පුතා ද බමුණන් ද එහි ගොස් සමාව ඉල්ලී ය. ඔවුන්ට ධර්ම කතාවක් ද සිදුකර
මාතංග පණ්ඩිතයා සමාව දුන්නේ ය.
පුරුෂයන් අතර ප්‍රකට වූ මණ්ඩප්ප කුමාරයා ද දමනය කළ යුතු යැයි කල්පනා කොට බන්ධුමතී
නදී තීරයෙහි වසන ජාතිමත් තාපසයා දැක්කේ ය. ඔහු මම ජාතියෙන් උසස් වෙමි. අන්‍ය ජාතීන්
පරිභෝජනය කරන ජලය පරිභෝජනයට නොගන්නෙමි යි නදියේ ඉහළ කොටසේ වාසය කරයි. මාතංග
පණ්ඩිතයා ඉහළ කොටසෙහි වාසය කරමින් දැහැටක් කා ජලයට විසි කළේ ය. මණ්ඩප්ප කුමාරයා එය
දැක කවුරුන් විසින් දමන ලද්දක් දැයි විමසා මාතංග පණ්ඩිතයා විසින් බව දැන එහි ගොස්
ගඟේ ඉහළ කොටසෙහි වාසය නොකරන ලෙස දැනුම් දුන්නේ ය. මාතංග පණ්ඩිතයා ද හොඳම’යි යැයි
කියා එසේ කළේ ය.
මාතංග පණ්ඩිතයා නැවත දවසක් දැහැටි දණ්ඩක් ගඟට දැම්මේ ය. මණ්ඩප්ප කුමාරයා ගඟේ ඉහළට
ගොස් තොගේ හිස සත් කඩකට පැලේවා යැයි ප්‍රකාශ කළේ ය. මාතංග පණ්ඩිතයා ද හොඳමයි
ගුරුතුමනි කියා පවසා සූර්යයා නැගෙන්නට ඉඩ නොදෙමියි ප්‍රකාශ කොට සූර්යා නැගීම
වැළැක්වූයේ ය. රාත්‍රිය අවසන් නො වී අන්ධකාරය දිගටම පවතී යැයි බියවූ බන්ධුමතී
වාසීහු තවුසා සමීපයට ගොස් අපගෙන් අයහපතක් ඇත්දැයි ඇසූහ. මාතංග පණ්ඩිත තෙමේ ඔවුන්ට
සියල්ල කීය. නගරවාසීන් ගොස් කුමාරයාට මාතංග පණ්ඩිතයා සමාකර ගනුවයි ඉල්ලා සිටියෝ ය.
නමුත් ඔහු අකැමැති විය. මිනිස්සු ඔහු බලෙන් ඇදගෙන ගොස් බලහත්කාරයෙන් ම බිම දන
ගස්සවා සමාව ඉල්ලීමට සලස්වන ලදී. නමුත් මාතංග පණ්ඩිතයා ප්‍රකාශ කරන්නේ මණ්ඩප්ප
කුමාරයා පිළිබඳව අනුකම්පාවෙන් සූර්යයා උදාවීමට අවකාශ නොලැබෙන බවයි. සූර්යයා
උදාවුවහොත් ඔහුගේ හිස හත් කඩකට පැලෙන්නේ යැයි කී ය. මිනිස්සු කුමක් කළ යුතු දැයි
විමසූ හ. මාතංග පණ්ඩිතයා, මණ්ඩප්ප කුමාරයා ජලයෙහි පිහිටුවා මැටි පිඬකින් මොහුගේ හිස
වසන ලෙස උපදෙස් දුන්නේ ය. හිරු උදාවත්ම මැටි පිඬ සත් කඩකට පැලෙන්නේ ය. එය පැලුණු
විට මොහු වෙන තැනකට ගෙන යා යුත්තේ ය. පසු පිඬ සත් කඩකට පැලුණු පසු මණ්ඩප්ප කුමාරයා
වෙන තැනකට පලා ගියේ ය. මිනිස්සු එය දැක පින්වත්නි, ශ්‍රමණයාගේ බලය බලන්නයැයි කී ය.
ඔහු කෙරෙහි පැහැදුනේ ය. එතැන් සිට ක්ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝ ද මාතංග පණ්ඩිතයාට
උපස්ථාන කිරීමට එහි ගියහ.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේ කෙනෙකු ජාතියෙන් උසස් අයෙකු හෝ පහත් අයෙකු නොවන බව
දේශනා කොට යමෙකු අකුසල කර්ම කරන්නේ නම් පාප කර්ම කරන්නේ නම් පරලොවෙහි දුගතියට පත්වන
බවත්, ජාතිය ඔවුන් එයින් මුදවාලීමට සමත් නොවන බවත් දේශනා කළහ. සූත්‍රය අවසානයේ බොහෝ
දෙනෙකුට ධර්ම අවබෝධය සිදු විය. |