අනුරාධපුර පංකුලියේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පිළිම වන්දනාව
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා MSC පර්යේෂණ
බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානයක දාගැබ සේ ම, වැදගත් පූජනීය වූ වස්තුවකි.
සාමාන්‍යයෙන් දාගැබක් ඉදිකර ඇත්තේ එළිමහනෙහි ය. එසේ වුව ද බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ
සඳහා සෑදු කුටියක, නැතහොත් මන්දිරයක තැන්පත් කරනු ඇත.
මෙම කුටියට පිළිම ගෙවල් හෙවත් ප්‍රතිමාඝර යන නාමය භාවිත කෙරේ.මෙවැනි පිළිම ගෙවල්
හෙවත් ප්‍රතිමාඝර, අනුරාධපුර, පොළොන්නරුව, මිහින්තලේ, තිස්සමහාරාමය හා සිතුල්පව්ව
වැනි පුදබිම්වල බහුලව දැකිය හැකි ය.
එසේ වුවද, බුද්ධ ප්‍රතිමා වහන්සේ ලංකාවේ පමණක් නොව පුරාණ භාරතයේ පවා නිර්මාණය වූයේ
සම්බුද්ධ පරිනිර්වානයට වසර 500 පමණ පසුව ය. බුදුපිළිම භාරත දේශයේ ගන්ධාර සහ මථුරා
පුදබිම්වල ක්‍රි.ව. දෙවැනි සියවසේ දී කුෂාණ රාජවංශික කනිෂ්ක රජුගේ කාලයේ දී
නිර්මාණය කළ බව බොහෝ විද්වත්හු පෙන්වා දෙති. බුදුපිළිම නිර්මාණයට පෙර පුරාණ භාරතයේ
සිරිපතුල, ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ස්තූපය වජ්‍රාසනය, ඡත්‍රය ආදී නිරූපිත මූර්ති
කැටයම්වලට වැඳුම් පිදුම් කළ බව පුරාණ භාරතයේ සාංචි – භාරුත් හා අමරාවතී පුදබිම්වල
ඇති මූර්ති කැටයම්වලින් පැහැදිලි වේ. ලංකාවේ සිරිපතුල් හා ආසනවලට පුදපූජා කළ බවට
සාක්ෂි හමුවී ඇත. මේවා සතරැස් ගල් පුවරුවල නිර්මාණය කර තිබේ.
සමාධි පිළිම දාගැබක සතර පැත්තේ තැබීමට පෙර ( බුදුපිළිම නිර්මාණය නොවූ යුගයේ) ලංකාවේ
ඉහතින් සඳහන් කළ සිරිපතුල් ගල් තැන්පත් කර ඒවාට වැඳුම් පිදුම් කර ඇත.
(හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 62-63 (2010)
පංකුලියේ මෙම හිඳි පිළිමය සඳහා ද පිළිමගෙයක් ( ප්‍රතිමා ඝරයක් තිබුණු බවට මේ
ආශි‍්‍රතව නටබුන් වී ඇති ගල්කණු වලින් ද, බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර ඇති
ආසනයෙන් ද පමණක් නොව ඒ සඳහා වූ සඳකඩපහණ සහ මුරගල් දෙකෙන් ද, එහි වූ පඩිපෙළෙන් ද
මනාව පැහැදිලි වනු ඇත. පංකුලිය, අභයගිරි විහාරයට අයත් වන විහාරයක් ලෙසින් බොහෝ
විද්වතුන් විසින් සලකනු ලැබේ. මෙහි භික්ෂූ ආරාමයක් ලෙසින් ද පැවති බව සමහරු සඳහන්
කරති.
පුරාණ ලංකාවේ බොහෝ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර තිබෙන්නේ වීරාසන
ක්‍රමයට ය. අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සමාධි පිළිමය ඇතුළු සියලුම ( හිඳි පිළිම)
සමාධි පිළිම නෙළා තිබෙන්නේ වීරසාන ක්‍රමයට ය. එය සමාධි බුදු පිළිමයේ පාද තබාගෙන
සිටින ආකාරය අනුව යොදන නාමයකි. වීරාසන ක්‍රමය අනුව හිඳි පිළිමයක පාද නෙළා තිබෙන්නේ
නවාගත් වම්පාදය මත දකුණු පාදය නවාගෙන සිටින සේ ය. (හෙළ කලා විස්කම් – සිරිසමන්
විජේතුංග පි. 80-2010)
පංකුලියේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ
අනුරාධපුරයේ කුට්ටම්පොකුණ පසුකර මද දුරක් යන විට හමුවන මංසන්ධියෙන් හැරී
කිලෝමීටරයක් පමණ ඉදිරියට යන විට දැනට පංකුලිය නමැති ගමෙහි අශෝකාරාමය යන නාමයෙන්
හඳුන්වන පුරාණ විහාරස්ථානයක නටබුන් හමුවේ. සමාධි පිළිමයක් වන මෙය මෙම වර්ගයේ ඇති
එකම පිළිමය ලෙසින් සැලකේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරමින් කිසියම් ගැටලුවක්
විසඳන ආකාරයෙන් බුද්ධ ප්‍රතිමාවේ දෙඅත් මූර්තිමත් කර ඇත. (අනුරාධපුර විහාරාරාම ශරන්
වත්තල පි. 21- 52 (1991) සංස්කෘතික කටයුතු අමාත්‍යංශය)
පංකුලියේ සමාධි බුදු පිළිමය අභය සහ ආහ්වාන මුද්‍රා පිළිබිඹු කරයි. මෙය හුනු ගලින්
නෙළන ලද සමාධි පිළිමයකි. මෙම බුදු පිළිමය පිහිටි පුදබිමෙහි ඇති තවත් නටබුන් අතර මෙම
ප්‍රතිමාව සඳහා සාදන ලද ප්‍රතිමාඝරය ( පිළිම ගෙයක නටබුන් ද, ඒ පිළිමය තැන්පත් කර
ඇති ආසනයක් ද, ඒ පිළිම ගෙයට යෑම සඳහා පියගැට පෙළක් මෙන්ම ඒ දෙපස මුරගල් දෙකක් ද,
මුරගල් පාමුල සඳකඩ පහණක් ද (ශිලාමය) නිර්මාණය කර ඇත. අප මීට ඉහත දී විස්තර කරන ලද
මුරගල්, පඩි පෙළ සහ සඳකඩපහණ යන සියල්ලෙන්ම සමන්විත වූ මෙම ප්‍රතිමා ඝරය සහ සමාධි
පිළිමය අනුරාධපුර යුගයට අයත් වෙයි.
මෙම පංකුලියේ සමාධි බුදු පිළිමය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා මෙසේ
සඳහන් කරයි. අනුරාධපුර අභයගිරි විහාරයට සම්බන්ධ පංකුලිය විහාරයේ බුදුපිළිමය අත්වල
ඇඟිලි හා මුහුණ වැසි සහිත දැඩි සුළං පහරට සේදී ගොස් ඇත. මේ හිඳි බුදු පිළිමයේ අඩක්
ඔසවන ලද දකුණු අත අභය මුද්‍රාවෙන් ද එසේම ඔසවන ලද වම් අත කටක මුද්‍රාවෙන් ද යුක්ත
ය. වම් පය නවා තිරස් අතට ආසනය මත තබා දකුණු පය නමා එලෙසම වම්පය මත සිටින සේ නෙළා
ඇත. මේ පිළිමයෙහි හිස මුදුණේ සර්වාස්තිවාදින් සහ මහායානිකයන් විසින් පිළිගෙන ඇති
උෂ්නිෂය වෙයි. එය ක්‍රි.ව. 6 වන සියවසේ දී නිර්මාණය කර ඇති මේ වර්ගයේ බුදු පිළිමවල
ඇති උෂ්නිෂයට වඩා විශාල ය. උෂ්නිෂය මුදුනේ සිරස් පත සවිකර තිබුණු බවට ද ලකුණු තිබේ.
වඩාත් හොඳින් ආරක්ෂා වී ඇති අනුරාධපුරයේ තොලුවිල ශෛලමය පිළිමයේ උෂ්නිෂය මත ද
සිරස්පත සවිකිරීමට සිදුරක් ඇත.
පංකුලිය විහාරයේ බුදු පිළිමයෙහි චීවරය බොහෝදුරට සේදී ගොස් ඇත. ඒ නැතත් මේ ශෛලියෙන්
යුක්ත තොලුවිල පිළිමයේ හා අභයගිරියේ දෙවන සමාධිය නමින් හඳුන්වනු ලබන පිළිමයේ සිවුරට
අයත් රැළි තිබුණ බවක් කිව නොහැක.
(මූර්ති කලාව සියවස් සමරුපොත් පෙළ – සංස්කාරක ආචාර්ය නන්දදේව විජේසේකර – ග්‍රන්ථයට
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ ලියූ ලිපිය – පි. 49- 50 (1990) පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි)
අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා පිළිබඳ අපට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය
සාධකවලට අනුව ලෝහමය සහ පාෂාණමය අමුද්‍රව්‍ය භාවිතයෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර
ඇත. මේ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බුද්ධ ප්‍රතිමා වර්ග තුනකි. එනම් හිඳි
පිළිමය, හිටි පිළිම සහ සැතපෙන පිළිම වේ. මෙතෙක් හමු වී ඇති හොඳ තතත්වයෙන් පවතින
ප්‍රකට හිඳි බුදු පිළිමය වන්නේ අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව, පංකුලියේ හිඳි
බුද්ධ ප්‍රතිමාව , අනුරාධපුර ථූපාරාම ප්‍රතිමාව සඳගිරි විහාර ප්‍රතිමාව ය.තවත්
ප්‍රතිමා රැසක් ඊට අයත් වේ.
හිඳි පිළිම ( සමාධි පිළිම)
හිඳි පිළිම බොහෝ සංඛ්‍යාවක් සමාධි පිළිම ලෙසින් සැලකේ. පංකුලියේ හිඳි පිළිමය සමාධි
පිළිමයක් නොවේ. හිඳි පිළිම රැසක්ම අනුරාධපුරයෙන් හමුවී ඇත. ඉතා ප්‍රකට හිඳි පිළිමය
නම්, අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමයයි. මෙම සමාධි බුදුපිළිමය ලොව ඉතා
ප්‍රකට ය. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු මහතා එක් කාලයක
අගමැතිවීමට පෙර ධෙරා ධූන්හි එම සිර මැදිරියේ සිටින අවස්ථාවේ දී ඔහු තම සිත සනසා ගෙන
තිබෙන්නේ අනුරාධපුරයේ මෙම මහමෙවුනා උයනේ සමාධි පිළිමයේ ඡායාරූපයක් සිරකුටියේ තබා
ගෙන ඒ දෙස බැලීමෙන් බව ඉතා ප්‍රකට වූවකි. (හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි.
75-2010) |