බුදුරදුන් වදාළ
දාන කතා
කේ.කේ. සුගතපාල
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික)
ත්‍රිපිටක ග්රන්ථ
පරිවර්තන මණ්ඩලයේ ලේකම්,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධශාසන අමාත්‍යංශය
දක්ඛිණ විභංග සූත්‍ර අටුවාවේ කාසාවකණ්ඨක සංඝයාට වුව ද බුද්ධශ්‍රාවකයකු සේ සලකා දන්
දීම හා සාමණේර නමකට දන් දීම ගැන පැහැදිලි කරන තැනක් වේ.
කාසාවකණ්ඨකයන්ට වුවද සැරියුත් පරපුරෙන් එන භික්ෂු සංඝයා උදෙසා දෙන දක්ෂිණාවක්
ලෙසින් සලකා දානය දුනහොත් ගුණ සංඛ්‍යාවෙන් අසංඛ්‍යෙය වන බව එහි දක්වා ඇත. භික්ෂු
සංඝගත දක්ෂිණාවක් වූ එය ද අතීත – වර්තමාන – අනාගත අරහත් සංඝයා කෙරෙහි ගෞරව පිණිස ම
දෙන්නක් මිස එවන් පුද්ගලයකු උදෙසා දෙන දක්ෂිණාවක් ලෙසින් සලකා දානය දුනහොත් ගුණ
සංඛ්‍යාවෙන් අසංඛ්‍යෙය යි වන බව එහි දක්වා ඇත. භික්ෂු සංඝගත දක්ෂිණාවක් වූ එය ද
අතීත – වර්තමාන , අනාගත අරහත් සංඝයා කෙරෙහි ගෞරව පිණිස ම දෙන්නක් මිස එවන්
පුද්ගලයකු උදෙසා දෙන්නක් නො වන හෙයිනි.
කාසාවකණ්ඨක කෙනෙක් හට දෙන දානය කවරෙක් පිරිසුදු කෙරේ ද? සැරියුත් මුගලන් ආදී අසූ
මහා ශ්‍රාවක තෙරහු කෙරෙහි ම පිරිසුදු කෙරෙති. මේ වන විට ඒ අරහත් උත්තමයෝ පිරිනිවී
බොහෝ කල් යයි සිතට එති. එසේ වූ විට පිරිසුදු වන්නේ කෙසේ ද? ඒ සැරියුත් – මුගලන්
දෙනම වහන්සේගෙන් ආරම්භ ව, අද දක්වා වැඩ සිටින රහත්හු ම මේ දානය පිරිසුදු කෙරෙති.
(මජ්ක්‍ධිම නිකාය පාලි අටුවා 4 දක්ඛිණා විභංග සූත්‍රය – පිටුව 202-203) (එනම් අප
දෙන සාංඝික දානයක දී මේ වැඩ ඉන්නේ ද රහත්හු ම යයි සිත සකස් කර ගත යුතු බව මෙයින්
කියැවේ. එසේ සකස් කොට පිහිටුවා ගත් සිතින් අපගේ දානය දුන්නේ නම්, බුද්ධ ප්‍රමුඛ
සැරියුත් මුගලන් මහ පරපුරට දුන් දානයක් ම වන්නේ ය) තව ද යමෙක් තම නිවසෙහි – තම
විහාරයෙහි හෝ සංඝගත දක්ෂිණාවක් කරගෙන, පන්සලට ගොස්, (විහාරාධිපති හිමි හමුව)
“ස්වාමීනි , සංඝයා උදෙසා දානයක් දීමට එක් තෙරුන් කෙනෙක් දෙන්න ය යි” ආරාධනා කළ විට,
ඔබේ දානයට වැඩියේ එක් කුඩා සාමණේර නමකි. මෙහි දී ඒ හිමි දැක අපේ සිත අන්‍ය බවකට
පමුණුවා ගතහොත් දානය සංඝගත වූවෙක් නො වෙයි. එ පමණක් නොව ඔබට පි‍්‍රය මහා තෙර නමක් ඒ
දානයට වැඩියා යි ඔබ සතුටු වුවහොත් එම දක්ෂිණාව ද සංඝගත නොවෙයි.
යමෙක් කුඩා සාමණේර
නමක් හෝ උපසම්පන්න නමක් හෝ තරුණ භික්ෂුවක් (සාමණේර) හෝ පණ්ඩිත භික්ෂුවක් හෝ වෙනත්
කිසියම් තෙරුන් වහන්සේ නමක් ( මැනවින් දන්නා සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් හෝ හොඳින්
දන්නා දුශ්ශීල භික්ෂුවක් හෝ ) ලැබ සිත පසුතැවිලි කොට ගෙන සතුටක් ඇති නො කරගෙන, මේ
දානය මා දෙන්නේ බුද්ධ ශ්‍රාවකයකු වූ භික්ෂූන් වහන්සේ නමකට ම යි. සිත සකස් කරගෙන සංඝ
ගෞරවයෙන් යුතු ව දෙන්නේ ද, ඔහුගේ දක්ෂිණාව සංඝගත වූවක් ම වෙයි. මෙහිදී කෙරෙන්නේ
බුද්ධෝත්තමයන් , රහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් හා දුශ්ශීලයන්, කාසාවකණ්ඨකයන් සමාන
කිරීමක් නොව “උදෙසා” දන් දීමකි. එනම් දුශ්ශීලයා වුව ද බුද්ධ මගට පිළිපන්නකු සේ සලකා
දානය දුනහොත් විශේෂ ආනිසංස ඇති බව දැක්වීමේ දේශනාවකි. මෙ පමණක් නොව, දිනක් එක්
දායකයෙක් සාංඝික දානයකට එක් නමක් දෙන්න ය යි ගමේ විහාරයට ගොස් ආරාධනා කළේ ඔහුට
ලැබුණේ ඔහු හොඳින් දන්නා එක් දුශ්ශීල භික්ෂුවකි. එනමුත් ඔහු සිත විපිළිසර
(පසුතැවිලි) කර නො ගෙන දන් දෙන ස්ථානය මැනවින් පිරිසුදු කොට ආසනයක් පනවා ඇතිරිලි
අතුරා උඩුවියන් බැඳ, පාවඩ එළා, සුවඳ මල් පුදා, පා සෝදා, තෙල් ගා අරහත් බුද්ධ
ශ්‍රාවකයකුට සැලකුම් කරන්නා සේ සලකා සංඝයා කෙරෙහි සිත පිහිටුවා ගෙන ආදරයෙන් තම දාන
වස්තූන්) පූජා කළේය.
මෙම ලිපියේ ඉතිරි කොටස මීළඟ කලාපයේ පළවේ. |