හොඳට නරකටදෙකට කටම ය
නැ/හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී,
නිට්ටඹුව සාරිපුත්ත ජාතික
අධ්‍යාපන විද්‍යාපීඨයේ,
පූජ්‍ය
බැද්දෙවල ධම්මකිත්ති හිමි
සත්ත්වයාට මනා වූ කටක් පිහිටන්නට නම්, පුබ්බේ කත පුඤ්ඤතාවය හෙවත් සංසාරික වශයෙන්
ගොඩනගාගත් පෙර කරන ලද පින් තිබිය යුතු ය. එහි ප්‍රතිවිපාක වශයෙන් සත්වයාට මනා වූ
කටක් පිහිටන්නේ ය.
බොහෝ දෙනා මෙකී කට ම හොඳට , යහපතට මෙන්ම නරකට, අයහපතට ද යොදා ගනිති. එනම් පින් රැස්
කර ගන්නට මෙන් ම, පව් රැස් කරගන්නට ද තම කට උපයෝගී කර ගනිති. පුද්ගලයා වචන පිට
කරන්නේ කටින් ය. වචනය නිසා සිදුවන වැරැදි හෙවත් පාපකර්ම හතරක් දහමේ පෙන්වා දී ඇත.
බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදී ලෙසයි. මිච්ඡා වාචා යනුවෙන්
වැරැදි වචන ලෙස පෙන්වා දී තිබෙන්නේ ද මේ කාරණාවම ය. තම කට නිවැරැදි දෙයට යොමු කරන
පුද්ගලයා ඒ වෙනුවට
බොරු නොකීම , කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම ආදි සම්මා වාචා යනුවෙන්
බුදුන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ පෙන්වා වදාළ යහපත් වචනය භාවිත කරති. මෙය
ලොකු, පොඩි, දුප්පත්, පොහොසත්, ගිහි, පැවිදි භේදයකින් තොරව කාටත් අදාළ කාරණාවකි.
“මහනෙල් සුවඳම ය
කුඩ මසු පිළී ගඳම ය
දෙකට එක දියම ය
හොඳට නරකට දෙකට කටම ය”
සමාජයේ බොහෝ පුද්ගලයන් යහපත මෙන්ම අයහපත සලසා ගන්නේ තම කට නිසා ය. එමෙන්ම සුරා
සූදුව ආදී ශරීරයට අයහපත සලසන බොහෝ මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ ද මුඛය මගිනි. එය තම
ජීවිතය විනාශ වන්නට ද හේතු වේ. එමෙන්ම කේළාම් ආදීි වචන නිසා මහා විනාශයකට ද මඟ
සෑදෙන්නේ ය.
“මාළුවා නහින්නේ කට නිසා ය”
ආදි වශයෙන් විවිධ ප්‍රස්ථා පිරුළු ගොඩනැගී ඇත්තේ ද බොහෝ දෙනා කට නිසා මහා විපත්
සලසාගන්නා නිසාවෙනි. බොහෝ දේ මතක තබා ගැනීමට පවා කටපාඩම් කිරීම ආදිය සිද්ධ කළ යුතු
ය. එවිට වචන උච්ඡාරණය ආදිය ද නිසි ලෙස සකසා ගත හැකි ය.
“සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට”
මුව විදා පාමින් එනම් ශබ්ද නඟා කීම තුළින් කටේ හුරුව මනා ලෙස ගොඩනගා ගත හැකි ය.
එයටද කට ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන්නේ ය. ඇතැම් විටෙක කටහඬ නිසාම , කතා කරන වාග්
විලාශය නිසාම තවකෙක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ද ගොඩනැගේ. එයද කට නිසා ම
සිදුවන්නකි. එමෙන්ම තවකෙකුගේ පිළිකුලට මෙන්ම අප්‍රසංසාවට ලක් වන්නට ද තම කටින්
පිටකරන වචන හේතු වේ. පින්කම් කරන විට ශබ්ද නඟා සාධු නාද දෙන්න මෙන්ම ගාථා සජ්ඣායනා
කරන්නට ද කට ඇවැසිම ය.
“සද්ධම්මදේසනා කාලේ
සාධු සාධුති භාසතෝ
මුඛතෝ වායතෝ ගන්ධෝ
උප්පලංව යථොදකේ”
සදහම් දෙසන කල , පින්කම් කරන කල සාධු සාධු යැයි කීම තුළින් මුවින් උපුල්වන් සුවඳ
හමන බව දහමෙහි දක්වා ඇත. එමෙන්ම කට අවභාවිත කළවුන්ගේ දුඟද කට ඇතිව, අමුවෙන්ම පණුවන්
කා දමන අයුරු ද “පේතවත්ථු’ ආදී කතාවල මනා ලෙස දක්වා තිබේ. එනිසාවෙන් තම කට නිසි
දෙයට යොමු කරමින් යහපත , පින සලසා ගන්නට නිරන්තරයෙන් වෙහෙස විය යුතුම ය.
|