බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ
බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කෙරේ
කේ.බණ්ඩාරනායක
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක
දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නා හිමියන්ගේ ආරාධනයෙන් කැලණිය රජමහ
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන්
මුරුතලාව දොඩම්වල ගැරැප්පිටිය පුරාණ විහාරයේ අභිනව දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල
සම්භාවනීය ගිහි පැවිදි අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා විවෘත කරන ලදී.
දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියන්ගේ හා කැලණිය රජමහා විහාරාධිපති
මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සහභාගිත්වයෙන් එම
පුණ්‍යොත්සවය පවත්වන ලදී. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
මහතා විසින් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිල ඇඳුම් පරිත්‍යාග කිරීමද එම උත්සවයට
සමගාමීව සිදු කෙරිණි. |
|
|
දුරුතු අව අටවක පෝය
දුරුතු අව අටවක පෝය ජනවාරි 27 වනදා ඉරිදා අපර භාග 03.02 ට ලබයි. 28 වනදා
සඳුදා අපරභාග 02.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වනදා ඉරිදාය.
මීළඟ පෝය පෙබරවාරි 04 වනදා සඳුදා
|
|
|
|
|
|
|