|
|
කැලණිය
පුදබිම |
|
|
|
බුදුරදුන් වැඩි කැලණි පුදබිම
වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත්
බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය ත් සම්බුද්ධත්වය ත්, බුදුරජාණන් වහන්සේගේ මහා
පරිනිර්වාණයත් සිහිකරන වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධ වන්නේ
උන්වහන්සේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහෝ දිනකම සිදු වූ නිසා ය.
බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන්
වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට වැඩම කළ උන්වහන්සේ මහියංගනයේ
මහානාග උද්‍යානයේ දී යක්ෂයින් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ
මණිඅක්ඛික නාග රජු ද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ
සීලයේ පිහිටි බව ද සිහි කරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන්
පස්වැනි වර්ෂයේ දී සිදුවිය. චූලෝදර නාරජු සහ මහෝදර නාරජු අතර මිණිපළගක් අරභයා එනම්
සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම
කරන ලදී. මහෝදර නාරජුගේ සහෝදරිය වූ තිරච්ඡිකා උතුරේ නාගදීපයේ කන්වඩමන් පව්වේ වාසය
කළ නාරජුට සරණ පාවා දෙන ලදී. ඇගේ පියා විසින් එහි දී මණිපල්ලංකය ඇයට දෙන ලදී. ඇගේ
ඇවෑමෙන් ඇගේ පුත් චූලෝදරට එය අයිති විය. නමුත් චූලෝදරගේ මාමා වූ මහෝදර ඊට විරුද්ධ
වූ බැවින් දෙපක්ෂය අතර මහා සටනකට සූදානමක් ඇතිවිය. ශාස්තෘන් වහන්සේ ගැටුම
වැළැක්වීමට එම ස්ථානයට පැමිණි සේක. එහි දී ද කැලණියේ මණිඅක්ඛික නාරජුට බුදුරජාණන්
වහන්සේ හමුවිය. එහි දී සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන් වහන්සේට
ආරාධනා කළේ ය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදුනොවූ නිසා මණිඅක්ඛික නාරජු
ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන
ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසට බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහෝ දිනක
පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැලණියට වැඩම කළහ.
ඉතිරිය»
|
|
දුරුතු පුර පසළොස්වක
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21
වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා
ඉරිදා ය.
මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා
|
|
|
|
|
|
|