ජපන් ථෙරවාදී විහාරස්ථානයකට පිදූ
චෛත්‍ය පූජාව
සීසර් සුදුසිංහ
ශාරීරික, පාරිභෝගික හා උද්දේශික චෛත්‍යය ලෙස සැදැහැති බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ
අනන්ත අප්‍රමාණ බුදුගුණ මෙනෙහි කරමින් වන්දනා කරනුයේ ශ්‍රද්ධාවත්, ගෞරවයත් පෙරටු
කරගෙන ය.
ජපානයේ ප්‍රධාන සංඝනායක දඹදිව සාංචි චේතියන්හි විහාරාධිපති, කොළඹ මාලිගාකන්දේ
අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති, ජපානයේ සවරා ලංකාජි විහාරාධිපති බානගල උපතිස්ස
නාහිමියන් සහ විහාරාධිකාරී හේනේගෙදර සීලභද්‍ර හිමියන් පැවිදි දිවියට පත්ව අඩසිය
වසරක් සපිරීම සහ ජපානයේ රාමා ඩී.බී.කේ ආයතනයේ සභාපති සහ ලංකාජි විහාර සංවර්ධන
කමිටුවේ අධ්‍යක්ෂ ජගත් රාමනායක මහතාගේ පනස් වන ජන්ම දිනය අනුස්මරණය කරමින් ස්වකීය
සැදැහැති ධන පරිත්‍යාගයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකර ඉකුත් වප් මාසයේ දී
සම්බුදු සසුනට පූජා කරන ලදී. එය ජපානයේ ථෙරවාදී විහාරස්ථානයක ඉදිකළ ප්‍රථම සෑ රදුන්
වහන්සේ වේ.
පූජනීය මහ සඟරුවන ප්‍රධාන ජගත් රාමනායක මහතා ප්‍රධාන එම මහත්මිය වන සමන්තා රාමනායක
මහත්මිය විසින් එම සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණය කරමින් සැදැහැවතුන් හට කුසල්
උපදවා දිවිමග සරු කරගන්නට එය පූජා කෙරිණි.
ජපානයේ එවන් ථෙරවාදී විහාරස්ථානයකට ආරම්භය සනිටුහන් වන්නේ ඉන්දියාවේ සාංචි පුරයේ
සිට ය. ජපානයේ යොෂිඩා ආර්යාව බානගල උපතිස්ස නාහිමියන් වෙත හමු වන්නේ සාංචි නගරයේ දී
ය. යොෂිඩා මහත්මිය විසින් බානගල උපතිස්ස නාහිමියන් ජපානයට වැඩම කරවූ අතර කෙටි
කලකින් උන්වහන්සේ එහිදී ජපන් බස හැදෑරුවේ ය.
ජපානයේ වැඩ සිටි බානගල උපතිස්ස නාහිමියන්ගේ සිත්හි පහළ වූයේ ජපානයේ ථෙරවාදී
විහාරස්ථානයක් ආරම්භ කිරීමේ අදහස යි. එහි මූලික පියවර ලෙස ජපානයේ හිගෂි මේ මොන්ජි
විහාරයේ දී ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාව උදාකරගත්තේ ය. එම
උතුම් ක්‍රියාව ආරම්භ වූයේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් 1984 මැයි මස
26 වන දා ය.
එම අවස්ථාවට භාරත දේශයේ ප්‍රධාන සංඝනායක හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමි, කලාශූරී
මාපලගම විපුලසාර නාහිමි, වේරගොඩ සාරද නාහිමි, තිනියාවල පාලිත නාහිමියන් සහ නෙළුවේ
රතනතිස්ස හිමියෝ ද එම සම්භාවනීය අවස්ථාවට සහභාගි වූ මහ සඟරුවන අතර වේ.
|
බානගල
උපතිස්ස නා හිමි |
ජගත් රාමනායක |
දෙවසරකට පසු එහි වැඩමකළ හේනේගෙදර සීලභද්‍ර හිමියන් සහ යටවර පඤ්ඤාරාම හිමියන් වෙත
බානගල නාහිමියන් සිදුකරගෙන ආ සේවාවන් කරගෙන යාමට අවස්ථාව උදා වුණි. අනතුරුව
තලංගල්ලේ සෝමසිරි හිමියන් හා මොට්ටුන්නේ අංගීරස හිමියන් එම විහාරස්ථානයේ නේවාසික
හිමිවරු වූහ. මෙරට විවිධ ක්ෂේත්‍ර සංවර්ධනයට දායකත්වය දරමින් ක්‍රියාකළ බානගල
නාහිමියන් ඇතුළු නේවාසික මහ සඟරුවන නේවාසිකව වැඩ සිටියේ ස්ථිර නිවසක නොවේ.
තෝකියෝහි
හිගෂිකොයිවා නගරයේ වැඩ සිටි උන්වහන්සේලාට නිවාස කුලී ගෙවීමේ ආර්ථික අපහසුකම් පැමිණි
අවස්ථාවෙහි ෂිබාමතා විහාරාධිපති මොවිසුකි හිමියන් විසින් අඔතෝ නගරයේ ස්වකීය දායකයකු
වාසය නොකළ නිවසක් ලබාදීමට කාරුණික වූ හ.
දෙවසරකට පසු ජපන් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථාන සංවර්ධන සභාවේ තීරණයකට අනුව තෝකියෝ
නුවරින් බැහර වූ චිබා ප්‍රාන්තයෙහි සවරා නගරයෙන් මඳක් නුදුරින් ග්‍රාමීය පරිසරයක
භූමි භාගයක් මිල දී ගෙන එහි විහාරස්ථානයක් ඇරඹීමට පියවර ගැනුණි. එම භූමි භාගය මිලදී
ගැනීමට බානගල නාහිමියන්ගේ හිතවතුන් පිරිස නොමසුරු දායකත්වය ලබා දුන්හ.
සවරා නගරයේ ස්වකීය භූමි භාගයක ඉදිකළ විහාරස්ථානය ජපානයේ විහාර දේවාලගම් පනතට අනුව
නීත්‍යානුකූල විහාරස්ථානයක් බවට පත් කිරීමේ දී එතෙක් භාවිත කළ නාමය වෙනුවට ලංකාජි
විහාරය නාමය ස්ථාපිත කළේ ය.
ලංකාජි විහාරය හෙවත් සවරා පන්සල ජනාකීර්ණ නොවූ පරිසරයක පිහිටි හෙයින් මුල් කාලයේ දී
ශ්‍රී ලාංකිකයන් පවා එහි යාම් ඊම් නොකළ ස්ථානයක් බවට පත් වූයේ ශ්‍රී ලාංකික පිරිසක්
ආසන්නයේ වාසය නොකළ හේතුවෙනි. සීත සෘතුවේ දී දැඩි සීතලත්, ගී‍්‍රස්ම සෘතුවේ දැඩි
රශ්මියත් දරා ගනිමින් බානගල උපතිස්ස නාහිමියන් ඇතුළු නේවාසික හිමිවරු එතෙක් කරගෙන ආ
ආගමික සමාජ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන ගියහ.
තුන් හිටියාවේ ධම්මාලෝක හිමියන් එම විහාරස්ථානයට වැඩමවා ස්වකීය අධ්‍යාපන කටයුතු
කරගෙන යන අතරතුර ලාංකික තරුණ පිරිසගේ සහයෝගයෙන් ධර්ම මන්දිරයක් ඉදිකරවූහ. 2011 දී
ඇති වූ භූචලනයක් හේතුවෙන් වර්තමානයේ දී ඇති දුර්වලතාවයට පත්ව ඇත.
සවරා ලංකාජි විහාරස්ථානය ගොඩනැඟීමේ දී තකිතෝ යොෂිඩා මැතිණිය, ජුංකයි ඔසාද හිමියන්,
ෂිංකයි තකද හිමියන්, අයිකාවා මහතා, නකසතෝ හෝකයි මහතා කඔරු අයිද මහතා මූලිකව කටයුතු
කළහ. පසු කාලීනව විශාල පිරිසකගේ සහාය ඊට නොඅඩුව ලැබුණි. ඒ නිසාම විහාරස්ථ භූමිය
මිලදී ගැනීමටත්, සම්බුදු මැදුර, සංඝාවාසය ආදී විහාරාංග සපිරීමටත් හැකිවිය.
වසරෙන් වසර ගෙවීයන විට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකේය පිරිස් ස්වකීය ආගමික වතාවත් ඉටු
කර ගැනීමට ලංකාජි විහාරය වෙත පැමිණෙන්නට වූහ. ‘ලංකාජි විහාර සංවර්ධන සභාව‘
ආරම්භවීමෙන් අනතුරුව ලාංකික සැදැහැවතුන්ගේ ද සහාය ඊට නොඅඩුව ලැබුණි. බෝධි රෝපණය
සිදු කිරීමත් ඒවටා බෝධි ගෘහය නිර්මාණය කිරීම ද සිදුවිය. කොස්වත්තේ පාලිත හිමියන්
2011 වසරේ දී වැඩමවීමත් සමඟ විහාරස්ථානය සංස්කෘතික වශයෙන් ද දියුණුවට පත් විය.
විවිධ විහාරාංගයන්ගෙන් ලංකාජි විහාරය සම්පූර්ණ වෙමින් පැවතිය දී ලංකාජි සංවර්ධන
කමිටුවේ අධ්‍යක්ෂ ජපානයේ රාම ඩී.බී. කේ. ආයතනයේ අධිපති ජගත් රාමනායක මහතාගේ ස්වකීය
ධන පරිත්‍යාගයෙන් සෑ රදුන් වහන්සේ ඉදිකෙරිණි. සවරා ලංකාජි විහාරයේ සුදෝ සුදුවන්
සෑරදුන් වහන්සේ දුටුවන්ගේ සිත් පහන් කරවන අධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ සංකේතයක් බඳු
ය. |