නාලක
මහරහතන් වහන්සේ
තණමල්විල රාහුල හිමි
ලෝකය ආරම්භයේ සිට මෙි දක්වා කුමන අන්දමේ නිලතල තිබෙන්නට ඇත්දැයි අප නො දනිමු. එහෙත්
ලෝකයේ තිබෙන උසස් ම නිලතල ප්‍රදානය කරනුයේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් ය.
බුදුරජාණන් වහන්සේ විසින් තනතුරු ප්‍රදානය කරන ලද්දේ පෙර භවයන්හි සිදුකරන ලද
කුසලාකුසල කර්මයන්ට අනුගතව ය. ඡුණ්න හිමියන් බුදුරජාණන් වහන්සේගේ තනතුරු ප්‍රදානය
ගැන කළකිරී තමාට කිසිදු තනතුරක් නො දීම ගැන මැසිවිලි නගන විට බුදුන් වහන්සේ දේශනා
කරන ලද්දේ ඡුණ්න එවන් තනතුරු සඳහා සසර පාරමී පුරා නො මැති බවයි. ඒ අනුව බුදුසසුනෙහි
තනතුරු ලබන්නටනමි ප්‍රාර්ථනා කළ යුතු ය. පින් දහම් හි නිරත විය යුතු ය. සිල් රැකිය
යුතු ය යනුවෙනි.
මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි
එක්තරා කුල පුත්‍රයෙක්ව උපන් මෙතුමා එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසමින් සිටි
අවස්ථාවක එක්තරා භික්ෂුවක් මොනෙය්‍ය පිළිවෙත පුරන භික්ෂූන් අතුරෙහි අග්‍රස්ථානය
ලබනු දැක මම ද අනාගතයේ දී මෙබඳු පදවියක් ලබන්නෙමියි අධිෂ්ඨාන ඇති කර ගත්තේ ය. ඒ
අනුව එම කුල පුත්‍රයා එක් දවසක් මහ දන් දී සත්වන දින බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ
වැටී තමන්ගේ අරමුණ සැලකර සිටියේ ය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එකී ප්‍රාර්ථනාව සඵල වන බව දැන ‘එම්බා කුල
පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි බුදුවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි
ඔබට මෙම අග්‍රස්ථානය ලැබෙන්නේ යැයි’ විවරණ දුන් සේක. එතෙම එතැන් පටන් බොහෝ කුසල්
කරමින් සිට මිය පරලොව ගොස් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි එක් බමුණු කුලයක
කාලදේව (අසිත)තාපසතුමාගේ බෑණනුවන්ව උපන්නේ ය.
මේ කාලදේව(අසිත) තාපසතුමා සුදොවුන් රජතුමාට බාල කාලයේ ශිල්ප ශාස්ත්‍ර උගන්වා පසුව
තාපසයෙක්ව විසුවෙකි. සිද්ධාර්ථ කුමාරයා උපන් බව අසා කුමාරයා දැක බලා ගැනීමට මුලින්ම
පැමිණියේ මෙතුමා ය. ඒ පැමිණි ගමනේ කුමාරයා ඒකාන්තයෙන් ම මතු බුදුවන බව දැන තමන්ට එ
පමණ කාලයක් ජීවත්වීමට ආයුෂ මද බව දැන, තමාගේ නැගණියගේ පුත් නාලක කුමාරයා හමු වී
දැන් ම ගිහිගෙයින් නික්ම ගොස් ඒ බුදුන්ගේ නාමයෙන් පැවිදිව උන්වහන්සේ බුදු වූ කල
බුදු බණ අසා සසරින් එතෙර වේවායි අනුශාසනා කොට ගියේ ය. නාලක කුමාරයා තම මාමාගේ අවවාද
පිළිගෙන අසූමහත් කෝටියක් හැරපියා ගොස් පැවිදි විය. පසුව හිමාල වනයට ගොස් මහණ දම්
පිරුවේ ය. අප මහා බෝසතාණන් වහන්සේ බුදුබව ලබා සත්සති ගතකොට බරණැස ඉසිපතනාරාමයේ පළමු
දම් දෙසුම සිදුකරන අවස්ථාවේ දී නාලක තෙරණුවෝ එහි වැඩමවා බුදුරජාණන් වහන්සේට වැඳ
එකත්පසව හිඳ මොනෙය්‍ය පිළිවෙත අසා දැන ගත්හ.
නාලක තෙරණුවෝ එතැන් පටන් මොනෙය්‍ය පිළිවෙත් පුරමින් දැඩිසේ අල්පේච්ඡ වූ හෙතෙම පර්වත
පාදයට ගොස් එක් වනයක දෙ දවසක් නො නැවති, එක් ගමක දෙ දවසක් පිඩු සිගා නො ගොස් වනයෙන්
වනයට, ගසින් ගසට, ගමින් ගමට වැඩම කරමින් අල්පේච්ඡ ප්‍රතිපදාව පුරන්නේ අවසානයේ දී
රහත් ඵලයට පත් වූ සේක. මෙම අල්පේච්ඡ ප්‍රතිපදාව උත්කෘෂ්ට ලෙසින් පුරන්නාට ජීවත් විය
හැක්කේ මාස හතක් පමණි. මධ්‍යම ලෙසින් පුරන්නාට සත් වසක් ජීවත් විය හැකි ය. හීනව
පුරන්නාට සොළාස් වසක් ආයුෂ ඇති වෙයි. නාලක තෙරණුවෝ අල්පේච්ඡ ප්‍රතිපදාව, උත්කෘෂ්ට
අන්දමින් පිරූ හෙයින් සත්මසක් ජීවත්ව සිට තමන්ගේ ආයු කාලය අවසන් බව දැන ස්නානය කොට
අඳනය ඇඳ, පටිය බැඳ සිවුර පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිසාවට පසඟ පිහිටුවා
වැඳ, ඇගිලි බැඳගෙන සිටි පිය නො සොල්වා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක.
බුදුරජාණන් වහන්සේ නාලක මහරහතන් වහන්සේ මෝනෙය්‍ය වත පුරන්නාවූ භික්ෂූන් අතුරෙහි
අග්‍රයැයි අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක. |