Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මොදරවාන, වාව්ව, හිරිලියද්දපාර, පහළ වත්ත ලිපිනයේ පදිංචි බී.එන්. තිලකරත්න වසර 22 කට වැඩි කාලයක් දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය කැප කළ යුද හමුදා බලලත් නිලධාරියකුව සිට මේ වන විට විශ්‍රාමිකව සිටින බව කියයි. විවාහකයෙකු වන ඔහු සිව් දරු පියෙක් බවද කියයි. වැඩිමහල් පිරිමි දරුවා තැලසීමියා රෝගය වැළඳීමෙන් වසර 14 ක් ජීවත් වී 2013 වසරේ ජීවිතයෙන් සමුගත්බව කියයි. දෙවන හා තුන්වන දරුවන් පාසල් අධ්‍යාපනය ලබමින් සිටින බව ද කියයි.

බාලම දියණිය වන බී.ටෂීනා සෙව්මදි දුවට ද ඉතා දරුණු ලෙස තැලසීමියා රෝගය වැළඳී ඇති අතර, මාතර මහ රෝහල වෙතින් මාසිකව රුධිරය ලබාදීම සිදු කරන බවත් කියයි. නිසි ප්‍රතිකාර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් නිගමනය කර ඇත්තේ දරුවා හට ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කළ යුතු බවත්, ඒ සඳහා විශාල මුදලක් ද ඇට මිදුලු (බෝන්මැරෝ) සාම්පල් ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා විශාල මුදලක් ද වැය වන බව දන්වා ඇති බවත් කියයි. ගිණුම් අංක – 80191279 (ලංකා බැංකුව, වලස්මුල්ල) ශාඛාවේ ගිණුමට ආධාර කළ හැකි බවත් දුර - 0718604270 කියයි.

****

වකුගඩුවක් අවශ්‍යයි

පිළියන්දල, සුවාරපොළ, පින් ළිඳ මාවතෙහි අංක 252/1, දරණ නිවසෙහි පදිංචි මාලනී පාගොඩආරච්චි මහත්මියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 3176352, 011 4897752 දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.