Print this Article


මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

ජාතික පනතින්...

මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

බාල පරම්පරාවගේ ආගමික හා ජාතික දියුණුව සඳහා රටේ ප්‍රභූන්ගෙන් ප්‍රමාණවත් උපකාර නො ලැබීම අපේ පිරිහීමට හේතුවක් බව විශ්වාස නො කරනු.

පිටරට ගොස් නොයෙක් පළාත්වල ඇවිද ඉගෙන ගැනීම සඳහා ස්වකීය දූ පුතුන් යැවීමට මැළි නො වෙනු.

සිංහල ජාතිය හා බුද්ධාගම තමාගේ ප්‍රවේණි උරුමයක් යැයි කියන්නට ලැබීම ගෞරවයක් සේ සිතනු.

ගමක් ප ාසා බෞද්ධ පාඨශාලා පිහිටුවා බාල පරම්පරාවට ධර්ම ශාස්ත්‍ර පුහුණු කර වනු. පන්සලක් පාසා බෞද්ධ රිවි දින පාඨශාලාවක් පිහිටුවීමට ස්ථානාධිපතීන් වහන්සේලා මෙහෙය වනු

බෞද්ධ පූජ්‍ය පක්ෂයට පෙරපර භාෂාවන් මනාව උගන්වා ගැනීමට බෞද්ධ මහා ජනයා විශේෂයෙන් උද්යෝග වනු.

20,000ක් පමණ සිටින බෞද්ධ භික්ෂූන්ගෙන් රටට හා ජාතියට ඇති පිහිට කෙබඳු දැයි සිතා බලනු ‘පනස් හතර ලක්ෂයක්’ පමණ සාදුවරු සිටින නිසා ඉන්දියාව අනාථ රටක් බවට හැරී තිබෙන්නේ යැයි’ “ජවහර්ලාල් නේරු” කියන්නේ කුමක් දැ’යි සිතා බලනු

ලංකාව හැර අන්‍ය රටවලත්, සෑම තත්ත්වයක මනුෂ්‍යයන් අතුරෙන්, නොපැකිල සමර්ථව කටයුතු කිරීමට හැකි අධ්‍යාපනයක් වර්තමාන භික්ෂූන්ට තිබිය යුතු බව අවබෝධ කරනු.

පාලි, සංස්කෘත , සිංහල හැර අන්‍ය දේ භික්ෂූන්ට උගැන්වීම අනවශ්‍යය යන ව ැරැදි හැඟීම අත් හරිනු.

තාවකාලික මහණ දම් පිරීමේ ක්‍රමයක් ලංකාවෙහි ද ඇති කිරීමට කාලය පැමිණ තිබෙන බව සලකනු.

උපසපන් සීලය පිරිසුදුව රැකීමට තමාට නො හැකි බව හැඟේ නම්, ලෝකයා ද මුලා නොකොට, තමා ද විනාශ නොවී, සාමණේර සීලය හෝ ගිහි භාවය හෝ ගත යුතු බව අවබෝධ කරනු.