Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු අවශ්‍යව ඇති බව කියයි. ලේ වර්ගය සුවිශේෂිත නැත. විමසීම් 0778409908


අඹේපුස්ස, කීනදෙනිය අංක 56/5 නිවසෙහි පදිංචි වයස අවු. 60 ක් වන කේ.පී. සරත්චන්ද්‍රට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුචිර ලැනරෝල් මහතා නිර්දේශ කොට ඇත. එබැවින් “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ.

දුරකථන අංක 071 856 40 39, 0777 316 985

 

 


බණ්ඩාරගම වල්ගම ශ්‍රී සද්ධාතිස්ස විදුහලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රහුලී යසාරා ගමගේ දියණිය දරුණු වකුගඩු ආබාධයකට ලක්ව ඇති අතර දැනට වසර 2 ක පමණ කාලයක් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රුධිර පිරිසුදු කිරීමට ලක්වෙමින් පසුවන බව කියයි. ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කෙනෙකු ඉදිරිපත් වී ඇති බව ද කියයි.

එම වකුගඩුව ඇයට බද්ධ කිරීමට සුදුසු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවින් එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් අවශ්‍ය වන අතර එම මුදල ඇයගේ මව්පියන්හට තනිව දරාගැනීමට අපහසු තත්ත්වයක් පවතින බවද කියයි. ඇය වෙනුවෙන් මූල්‍යමය සහයෝගයක් ලබාදීම ඉතා වටිනා පුණ්‍ය ක්‍රියාවක් ලෙස සලකන බවත් සඳහන් කරයි.

මූල්‍ය ආධාර කොමර්ෂල් බැංකුවේ නගර ශාඛාවේ 8001318339 ජී.එච්.ජයසිරි දරණ ගිණුමට බැර කළ හැකි ය. තොරතුරු දැනගැනීම සඳහා (පියා) හේමන්ත ජයසිරි 0716799698/0770087552 යන දුරකතන අංකවලින් දැන ගත හැකිය.

 


හෝමාගම අතුරුගිරිය පාර හාට්ලන්ඩ් පෙදෙස 207/ ඒ ලිපිනයේ පදිංචි යු.කේ.එස්.ඒ. උඩවත්ත නමැති අය වකුගඩු ආබාධයකින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අයෙක් බව කියයි. ඔහුට හැකි ඉක්මනින් “ඕ වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බවද කියයි. “ඕ වර්ගයේ” වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0764438747 හෝ 071 7529571 දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.