Print this Article


පූනාහැල විමලරතන හිමියෝ අපවත් වෙති

පූනාහැල විමලරතන හිමියෝ අපවත් වෙති

කුලියාපිටිය මාහිම්පිටිය ශ්‍රී ජයසුන්දරාරාමය, වීරඹුව ශ්‍රී බෝධිමාලකාරාමය, වෙරළු ගම ශ්‍රී සුමනකුසුමාරාමය යන විහාරයන්හි විහාරාධිපතිව වැඩ සිටි පූනාහැල විමලරතන හිමියන් ඉකුත් දා (09) අපවත් වූ සේක.

උන්වහන්සේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පූනාහැල ග්‍රාමයේ දී 1944.10.22 දින ජන්ම ලාභය ලබා ඇත. ළමා වියේ දී ම කුලියාපිටිය, මාහිම්පිටිය ශ්‍රී ජයසුන්දරාරාම විහාරයට පැමිණි උන්වහන්සේ 1960.09.24 දින පැවිදි දිවියට ඇතුළත් වූ හ. 1964 වසරේ දී උපසම්පදාව ලද උන්වහන්සේ හෙණ්ඩියගල සඳලංකාව ශ්‍රී ශාස්ත්‍රෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍යයෙකි.

වසර 58 ක පැවිදි දිවියක් ගතකළ පූනාහැල විමලරතන ලොකුහාමුදුරුවෝ ප්‍රදේශයේ ජාතික හා ආගමික කටයුතුවලදී අනූපමය සේවයක් ඉටු කළහ.

උන්වහන්සේ ගෙන ගිය ශාසනික මෙහෙවර ඉදිරියට ගෙනයාමට පැවිදි ශිෂ්‍යයන් රාශියක් සසුනට දායාද කොට ඇත. එම ශිෂ්‍ය හිමිවරු අතර වීරඹුව මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රවේදී තලහිටිමුල්ලේ විමලවංශ හිමියෝ ද වෙති.

වසර 58 ක පැවිදි දිවිය සහ වසර 74 සිය ජීවන ගමන නිමා කළ උන්වහන්සේ ඉකුත් 09 වන දා අපවත් වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳආදාහන පූජෝත්සවය විහාරාසන්න ආදාහන මළුවේ දී පසුගිය 12 දින සිදු කිරීමට නියමිතව තිබිණි.