Print this Article


අන්තර් ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් රටවල් දහයක භික්ෂූන් වහන්සේ විවිධ විද්වත්හු සමුළුවට

අන්තර් ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් රටවල් දහයක භික්ෂූන් වහන්සේ විවිධ විද්වත්හු සමුළුවට

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) පෙරවරුවේ කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්විණි.

ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්ක්‍ාෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රීලංකාව යි. ථෙරවාදි බුදුදහම ව්‍යාප්තව ඇති රටවල් දහයක භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් එම සමුළුවට එක්ව සිටි අතර, සිතගු විශ්වවිද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඥානිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහි දී ජනාධිපතිතුමා විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිරිනැමූහ.

සම්මන්ත්‍රණයේ පළමු දිනය කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වුණු අතර දෙවන දිනය (28) හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමිපාණන් වහන්සේ , මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක ස්වාමීන් වහන්සේ, අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායකස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති කනත්තෙගොඩ සද්ධාරතන හිමිපාණන් වහන්සේ, ලේකම් කම්මායි ධම්මස්සංමි හිමිපාණන් වහන්සේ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.