Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

අටලෝ දහම

අටලෝ දහම ලෝක පාලක ධර්ම, නමින් ද හඳුන්වයි. අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ අටලෝ දහම ලෝක පාලක ධර්ම ලෙස හඳුන්වා වදාළේ ලෝ වැසියාගේ හැසිරීම පාලනය කරන කරුණු නිසාවෙනි. අටලෝ දහම යනු, ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක ආදිය යි. මේ ලෝක ධර්ම අට ජීවිතයට අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් බලපාන බව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

ලාභය යනු ලැබීම යි. අලාභය යනු නො ලැබීම යි. යස යනු පරිවාර සම්පත්තිය යි. අයස යනු පරිවාර සම්පත්තිය නො ලැබීම යි. නින්දා යනු ගැරහුම් ලැබීම යි. ප්‍රශංසා යනු ගුණ කීම යි. සැප යනු මනසට දැනෙන සතුට යි. දුක යනු මනසට දැනෙන දුක යි. මේ අට ලෝ දහමේ අර්ථය යි.

මේ අට ලෝ දහමේ හෙවත් ලෝක පාලක ධර්මවල ස්වභාවය යි. මේ ලෝක පාලක ධර්ම අප මහා බුදුරජාණන් වහන්සේට ද බල පෑ බව පැරැණි පොත්පත්වලින් කිය වේ.

****

වරදින් වළකිමු

පස් පව් සැම කර වති
අයුක්තියට හිස දෙති
බොරු කේළම් දොඩ වති
නිතරම සිල් බිඳ ගති

අනුන්ගෙ සිත් රවටති
මුලාව කටයුතු වෙති
හැමවිට බිය පත් වෙති
දුගතිය උරුමය වෙති

****

විශාඛා මහා උපාසිකාව

අංග ජනපදයේ භද්දිය නුවර විසූ සිටුවරුන්ගෙන් එක් අයෙකි, මෙණ්ඩක සිටුවරයා. ඔහුගේ පුත් ධනංජයගේ හා සුමනා දේවියගේ දියණිය විශාඛාව යි. ඇය ඉතාමත් රූමත් ය, බුද්ධිමත් ය, මව්පියන්ට ලැදි ය, වනිතාවකට යෝග්‍ය ඇවතුම් පැවතුම්වලින් යුක්ත ය. විශාඛා දියණිය යොවුන් වියට පත් වූයේ මන නුවන් බඳවන පංච කල්‍යාණයෙන් අනූන රූ සපුවකට හිමිකම් ඇතුව ය. ඇය සැවැත්නුවර මිගාර සිටුතුමාගේ පූර්ණවර්ධන නම් වන සිටු පුතු සමඟ විවාහ වූවා ය. පතිකුලයට පැමිණි විශාඛා සිටු දියණිය සිය නැදි මයිලන්ට ද මවුපියන්ට මෙන් ගරු සැලකිලි කළා ය. මිගාර සිටු පවුල ජෛන බැතිමතුන් වුව ද, විශාඛා ව තම ආගම දහම අත් නොහැරියා ය. බුදු බණ ඇසීමට සලස්වා තමන්ට නිවැරැදි මාර්ගය පෙන්වාදීම ගැන සතුටට පත් වූ මිගාර සිටුතුමා ඇයට මිගාර මාතා යන ගෞරව නම පිදුවේ ය. විශාඛා උපාසිකාව සිදුකළ සුවිශේෂී ශාසනික මෙහෙවර වූයේ තමන්ගේ ඉතා වටිනා මේඝ පළඳනාව මිල කොට පූර්වාරාමය ඉදිකිරීම ය. ශාසනික අභිවෘද්ධිය සඳහා කටයුතු කළ නිසා බුදුරජාණන් වහන්සේ එතුමිය අග්‍ර දායිකා තනතුරට පත් කළ සේක. වසර 120 ක් නිරෝගී ව දිවි ගෙවූ විශාඛා උපාසිකාවෝ මරණින් පසු තුසිත දෙව්ලොව උපන්හ.

****

මත් රකුසා පරදමු

අයියෙ අක්කෙ ළඟට එන්න
නැන්දෙ මාමෙ මේ අහන්න
මත් රකුසා පරද වන්න
ඔබ හැමෝම එකතු වෙන්න

මත් පැන් පානය කෙරේ
කළ කෝළහ වැඩි කෙරේ
නිබඳ සදා සතුට පිරේ
මත් පැන් නැති ගෙදර දොරේ

හැම දෙනාම එක් වෙන්නේ
මත් රකුසා පැන යන්නේ
සාමය ලොව ඇති වෙන්නේ
අපි හැමෝම තුටු වෙන්නේ

****

අභය දානය දෙමු

පාණාතිපාතා වේරමණී යන්නෙන් පැහැදිලි වන්නේ පණ ඇති සතුන් නොමැරීම යි. පණ ඇති සතුන් නම් අපට මෙන් ජීවයක් ඇති සතුන් ය. ඔවුන් සැමදා ආරක්ෂා කළ යුතු ය. ඔවුන් ද අප මෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වයි. සමහරු මදුරුවෙකු හෝ වෙන සතෙකු දෂ්ඨ කළ විට කේන්ති ගොස් එම ජීවියා මරා දමති. නමුත් සැබෑ ධාර්මිකයෙකු එම සතා නො මරයි. දෂ්ඨ කළහොත් එය ඉවසාගෙන සිට මදුරුවා පලවා හරියි. අප කවදාවත් පණ ඇති සතුන් නො මැරිය යුතු ය. එවිට අපට මදුරුවන්ගෙන් නොව අනෙක් සතුන්ගෙන් ද ආරක්ෂා විය හැකි ය. සියලු සත්වයෝ අප මෙන් දඬුවමට බිය වෙති. මරණයට බියවෙති. අපි අද පටන් හෝ ප්‍රාණය ඇති සතුන් නො මරමු.

****

අපේ පන්සල

****

අපේ ගෙවත්ත