Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය : සද්ධර්මාලංකාරය

සද්ධර්මාලංකාරය

සද්ධර්මාලංකාරය වනාහි සිංහලයේ මා හැඟි රසවත් ගද්‍ය කාව්‍යයකි. ජනසන්නිෙවිදන මාධ්‍යයන් දුර්ලභව පැවැති පැරැණි කාලයේ එම කෘතිය අසන්නන් අතර වඩාත් ප්‍රචලිත විය. අසන්නන් කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි නිසා විෙවික අවස්ථාවලදී බොහෝ දෙනා එයින් ඵලප්‍රයෝජන ලබාගත්හ. මෙහි කතා සාමාන්‍ය ජීවිතයේ දී සම්බන්ධකරගත හැකි නිසා බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනා කියවා හෝ අසා හෝ තේරුම් ගැනීමට ක්‍රියා කළහ.

විශේෂයෙන් සිල් සමාදන් වූ පිරිස් ධර්මශාලාවල දී ශ්‍රවණය කිරීම සඳහා බලවත් ආශාවක් දැක්වූහ. එම නිසා මෙම ග්‍රන්ථය ශ්‍රවණ මාධූර්යයෙන් ද යුක්ත විය. පැරැණි. පාඨකයන් හා අසන්නෝ එම කෘතිය කියවීමට හා ඇසීමට පෙර ශ්‍රද්ධා පුර්වක වූ හ. ගෞරවාදර සහිත වූහ. සද්ධර්මාලංකාරය නමැති ග්‍රන්ථය විශිෂ්ට සිංහල බණ කතා පොතකි. බණ කතා වනාහි අපගේ බෞද්ධ ජනයාට නිරන්තරයෙන් ම මතකයේ රඳවා ගත හැකි සාරගර්භ ගුණයෙන් යුක්ත කෘතීන් ය. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කරවූ පසු පැතිරී ගිය ධර්මයේ ප්‍රතිපල වශයෙන් අමාවතුර ග්‍රන්ථයේ සිට බණකතා සාහිත්‍ය දීර්ඝ ලෙස විහිද යන්නට ඇති බව සිතිය හැකි ය. සද්ධර්මාලංකාරයට මූලාශ්‍රය වී ඇත්තේ පාලි භාෂාවෙන් රචනා වූ රසවාහිණිය නම් ග්‍රන්ථය බැව් විිවිධ සාක්ෂි අනුව පිළිගත හැකිය. මෙය පාලි රසවාහිණියේ පරිවර්ථන කෘතියක් නොවන බැව් පෙනේ. පාලි පොත බලා රචනා කරන ලද ජායානුවාදයක් ලෙස සැලකිය හැකි ය. මීට අමතරව පාලි ධම්මපදය සිහළවත්ථු කථා ද බලපාන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. මෙම ග්‍රන්ථය රචනා කිරීමේ දී මෙහි අන්තර්ගත කරුණු කාරණා අනුව සහස්සවත්ථුපකරණය යන කෘතිය හා ධාතුවංශය වැනි කෘතීන් ද බලපාන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

පොළොන්නරු යුගයේ සිටි ගුරුළුගෝමී පඬිවරයා අමාවතුර ආදී ග්‍රන්ථ මහජනයාගේ ශ්‍රද්ධා භක්තිය දිනවීම සඳහා රචනා කළාක් මෙන් ගම්පොළ යුගයේ වැඩසිටි ජයබාහු ධර්මකීර්ති හිමියෝ බණකතා සාහිත්‍ය කෘතියක් වශයෙන් සද්ධර්මාලංකාරය රචනා කළහ. එකල සිංහල සාහිත්‍යාවලියේ සද්ධර්මාලංකාරය ජන හදවත් දිනාගත් කිර්තිධර කෘතියක් බවට පත් විය. සද්ධර්මාලංකාරය රචිත කාලය වශයෙන් සැලකෙන්නේ හස්තිශෛලපුරයෙන් පසුව එළඹෙන ගම්පොළ රාජ්‍ය අවධියයි. ක්‍රි. වර්ෂ 1938 හා 1410 අතර කාලසීමාවේ දී සද්ධර්මාලංකාරය රචනා වෙන්නට ඇතැයි ඇතැම් උගත්තු ප්‍රකාශ කරති.

සද්ධර්මාලංකාරය නමැති මාහැඟි පොත කියවීමෙන් පළමුකොටම එහි ඇති සම්භාවනීය පෙනුම නිසා සිත පහදවා ගත හැකි ය. බණ පොතක් යන හැඟීම ඇතිකර ගත හැකි ය. පාලි රසවාහිණී ග්‍රන්ථයෙන් මෙම පොතට කිසියම් ආභාෂයක් ලැබී ඇති බව ද සිතයි දඹදිව පැවැති කතා ,සහ ලංකාද්වීපයෙහි නිර්මාණය වූ කතා ද එම ග්‍රන්ථයෙහි ඇති බව වටහා ගනී.තවද බණ පොතක් වශයෙන් සිතා පාඨකයා බණකතා පිළිබද අවබෝධයක් ලබාගැනීමේ අදහසින් පොත කියවයි. තවත් සමහරු පොතේ විවිධ කතා කියාදීමෙන් සමාජයේ දුර්වලකම් හා ප්‍රබලකම් පිළිබඳ වින්ඳනයක් ලබති. බණ පොතක් වශයෙන් එම ග්‍රන්ථය ගිහියනට කියවා අර්ථය තේරුම් කර දෙන ගිහියෝත් මෙහි කතා තේරුම්ගෙන ධර්මය දේශනා කරන පැවිදි දේශකයෝත් ප්‍රසාදය තුළින් අමන්දානන්දයට පත්වෙති. සාහිත්‍ය කෘතියක් වශයෙන් ද පාඨකයාට අගය කළ හැකි ය. උගතුනට හා පර්යේෂකයන්ට යම් යම් පර්යේෂණ ආදි කටයුතුවලට යොදා ගත හැකි ය. ආධුනිකයන්ට ද ගද්‍ය සාහිත්‍ය කෘතියක ලක්ෂණ උගත හැකි ය. ගම්පොළ අවධියේ සද්ධර්මාලංකාරය රචනා කිරීම සඳහා යොදාගත් භාෂාව පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකි ය. භාෂාවේ විශේෂ යෙදුම් ලක්ෂණ ගැනත් අධ්‍යයනය කිරීමට හැකි බව පෙනීයයි. වර්ග දහඅටක් මෙහි දක්වා ඇත. පරිච්ජේද වශයෙන් සූවිස්සකි. මුලින්ම ප්‍රකාශවන ධර්මසංග්‍රහ වර්ගයේ නිදාන වර්ගය හා අභිනය වර්ගය හැරුණු විට ධම්මසොණ්ඩ වර්ගය වශයෙන් වර්ග කොට තිබේ. අන්තිම වශයෙන් අනාගත වංශ දේශනාව ද දක්වා ඇත. කතා වශයෙන් ගත්විට ප්‍රධාන කතා වස්තු කොටස් දෙකකට බෙදී පවතී. ජම්බුද්වීප උප්්පත්ති කතා සහ ලංකාදීප උප්පත්ති කතා වශයෙනි. සද්ධර්මාලංකාරයට මුල්වූ නිදාන කෘතිය වූ පාලි රසවාහිණිය සඳහන් වෙයි. ජම්බුද්දීපේ සිංහල දීපේ මේ හැරුණුු කොට මෙහි අන්තර්ගත කරුණු තවත් විවිධාකාරයෙන් කොටස් කර ඇති බැවි ද පෙනේ. මෙහි එන සෑම කතාවක්ම සැබවින්ම සිත්ගන්නා සුළු ය.