ජාතික පනතින්...
මානව හිතවාදී සමාජයකට
දම්පල්
චින්තනයෙන් . . .
*
පුළුවන්කම තිබිය දී තම දෙමව්පියන්ට නො සැලකීම වසල ගතියක් බව සිතනු
*
ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හැකි පමණින් දන් දෙනු. උපස්ථාන කරනු
*
ප්‍රිය වචන, සත්‍ය භාෂණ, ශක්තිමත් ආයුධ සේ සිතනු
*
අසල්වාසීන් ගේ විපත තමාගේ සැපත සේ කිසි විටෙකත් නො සිතනු
*
ගව මස් කෑව වුන් පුරාණ ආර්යයන් විසින් රොඩී රැළට එක් කළ බව සිහි කරනු
*
ගව සම්පත ජාතික දියුණුවේ මාර්ගයක් බව සලකනු
*
හැකි තරම්, එළවළු, පලතුරු හා කිරි වර්ග වැළඳීමට පුරුදු වනු
*
විහාරස්ථාන වලදී පොල් මල්, පුවක් මල් පූජා කිරීමේ සිරිත සම්පූර්ණයෙන් අත් හරිනු
*
අසරණයන්ගේ ශතය සම්මාදම් කරන පින්කම් ආරම්භ නො කරනු
*
ගිලනකුට, අසරණ අනාථයකුට පිහිට වීම උතුම් බුද්ධ පූජාවක් බව සිතනු
*
ඉන්ට තැනක් නැතිව, කන්ට දෙයක් නැතිව, දැඩි දුක් විඳින සිය දහස් ගණන් අපේ සහෝදර
සහෝදරියන්ට උපකාර නො වන ධනවතුන්ගෙන් රටට වන ශාපය සිහි කරනු
*
“පිහිට ඉල්ලන්නාට පිහිට නො වීම මාගේ පරාක්‍රමයට නො සෑහේ” යන උදාන වාක්‍යය කී
සිංහලයා ගැන සිහිකොට අන්‍යයන්ට පිහිටවීමට එඩිතර වෙනු
*
පොලීසි ගානේ හා උසාවි ගානේ රස්තියාදු වීම තරම් නින්දාවක් නැති බව සලකනු
*
කපටි නීතිඥයන්ගේ අතට අසු වී, විනාශ වී පසුතැවිලි නො වෙනු
*
ඉඩ කඩම් වලට නඩු හබ කියාගෙන එක පවුලේ අය විනාශයට පැමිණීම නින්දාවක් සේ සලකනු
*
වුවමනාවෙහි එඩිතර වෙනු. නො කටයුත්තෙහි මැළි වෙනු |