කපටිකමට දඬුවමක්...
එක් සමයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ එක්
සිවුුරු මසන හිමිනමක් උදෙසා බක ජාතකය වදාළ සේක.
දෙව්රම්හි වසන එක් හිමිනමක් සිවුරු කඩ කැපීම, මැහීම ආදියෙහි ඉතා දක්ෂ ය. එහෙයින් එම
භික්ෂුව ‘චීවර වඩ්ඪක’ යැයි ප්‍රසිද්ධ විය. ඒ හිමියෝ දිරා ගිය රෙදි කැබැලි ගෙන පඬු
පොවා මැද, ඔපදමා සිවුරු මසති. සිවුරු මැසීමට නො දන්නා වූ භික්ෂුහු අලුත් රෙදිගෙන ඒ
තෙරුන් වෙත පැමිණ ‘මේ කඩ කපා දුන මැනැයි’ කියති. එවිට ඒ භික්ෂුව
” ඇවැත්නි, සිවුරු කපා මසන්නට කල් යන්නේ ය. මා විසින් කලින් කළ සිවුරු ඇත. ගෙනා
රෙදි මෙහි තබා මේ සිවුරු ගෙන යනු”යි දිරා ගිය සිවුරු දෙන්නේ ය. ඒ භික්ෂුහු සිවුරෙහි
පියකරුබව දැක, ප්‍ර‍්‍රකෘතිය නො දැන ශක්තිමත් ය යන හැඟීමෙන් අලුත් රෙදි දී දිරාගිය
සිවුරු රැගෙන ගොස් පොරවා කිලිටි වූ පසු උණු දියෙන් සෝදන විට ඒ දිරාගිය තැන් දකී.
වැඩිකල් නො ගොස් මේ වංචාව ප්‍රසිද්ධ විය.
මෙවැනි ම සිවුරු මැසිය හැකි තවත් එක් භික්ෂුවක් පිටිසර ව වැඩ සිටියේ ය. දෙව්රම්
වෙහෙරෙහි සිවුරු වැඩදන්නා භික්ෂුවක් අනෙක් භික්ෂුන් රවටන බව අසා, ඒ හිමි රැවටීමට
සිතා ගත්තේ ය. දිනක් අතිශයින් දිරා ගිය සිවුරක් ඉතා මනා ලෙස රක්ත වර්ණ කොට මැද, ඔප
දමා සකසා එය පොරවා ගෙන දෙවුරමට වැඩියහ. වංචනික භික්ෂුව එම සිවුර දැක ලෝභ සිත උපදවා,
”ඇවැත්නි, මා ළඟ අලුත් සිවුරු ඇත. ඒවා ගෙන ඔබගේ මේ පරණ සිවුර මට දුන මැනව“යි කියා
සිවුර ඉල්ලා ගත්තේ ය. එම සිවුර පොරවා දවසක් උණු දියේ ලා සෝදන විට දිරාගිය සිවුරක්
බව දැන ලජ්ජාවට පත්විය. එම කතාව භික්ෂුන් අතර ප්‍රකට විය. දම්සභා මණ්ඩපයට රැස් වූ
භික්ෂුහු මේ පිළිබඳ ව කතිකා කරන විට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ආසනයේ වැඩ හිඳ
”මහණෙනි, මා එන්නට පෙර කවර කතාවක යෙදී සිටියෙහු දැයි” ඇසූහ.
”ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, කපටි භික්ෂුවට වූ දෙය ගැන අප කතා කළෙමු”
“මහණෙනි, දැන් පමණක් නොවේ. පිටිසර හිමියන් විසින් දෙව්රමෙහි වැඩ සිටින හිමියන්
පෙරත් රැවටුයේ යැයි දක්වා අතීත කතාව වදාළ සේක.
යටගිය දවස අප මහා බෝසතාණෝ එක්තරා වන ප්‍රදේශයක පියුම් විලක් අසල තිබු ලුණුවරණ ගසක
රුක් දෙව් ව උපන්හ. ඒ කාලයේ නියඟයක් ඇති වී කුඩා විලෙක දිය සිඳී ගියේ ය. එහි කුඩා
මසුන් බොහෝ ය. එක් කොකෙක් මේ කුඩා මසුන් දැක, උපායකින් රවටාගෙන ගොස් ආහාරයට ගනිමි”
යි සිතා විල අසලට ගොස් දුක්මුස ුව සිටියේ ය. කුඩ මසුහු ඌ දැක “කුමක් සිතන්නේදැ’යි
ඇසූහ.
”මම නුඹලාට වූ විපත ගැන සිතමි.”
”අපට සිදු වූ විපත කුමක් ද?”
”මෙහි දිය මඳ ය. ගොදුරුත් මඳ ය. නියඟය මහත් ය. දැන් නුඹලා කුමක් කරන්නාහු ද?”
”අනේ අප කුමක් කරන්න ද?
”මගේ කීම නුඹලා පිළිගන්නේ නම්, මම එකා එකා තුඩින් ඩැහැගෙන ගොස් පස් පියුමෙන් සැදි
මහ විලට අරලවන්නෙමි.
යහළුව, ලෝකය පටන් ගත් දා පටන් මත්සයන්ට යහපතක් කිරීමට සිතු එකදු කොකෙක් නො වූයෙ ්ය.
අප රවටා කනු කැමැත්තේ ද?”
”මාගේ වචනය විශ්වාස නො කරන්නේ නම්, එකකු එවා විල ඇති බව ඔහු වෙතින් අසා දැන ගනු”
අවසානයේ කොකා කී ය.
කුඩා මසුන් එයට කැමැති ව එක් මත්සයෙකු යැවී ය. කොකා ඌ හොටෙන් ගෙන ගොස් විල පෙන්වා
නැවත ගෙනවුත් මසුන් විලෙහි තැබුවේ ය. ඒ මත්සයා විලෙහි සිරිය වර්ණනා කළ විට මත්සයෝ
එහි යන්නට කැමැති වූහ.
කොකා එකින් එක මත්සයන් රැගෙන ගොස් ලුණුවරණ ගෙසහි ඉඳ තුඩින් විද මස් කා ඇටකටු බිම
දැමී ය. මෙසේ මසුන් සියල්ල ම කෑවේ ය.
දිය සිඳුණු විලෙහි ඉතිරි වූයේ එක් කකුළුවෙකි. අවසානයේ කොකා කකුළුවාට ද විලට යාමට
කතා කළේ ය. එවිට කකුළුවා “මිතුර, විල දක්වා මා කෙසේ ගෙන යන්නේ ද?”
” මසුන් මෙන් ම තොපත් තුඩින් ගෙන යමි.”
” එසේ ගෙන යන විට තොපගේ තුඩෙන් ගැලවී මා බිම වැටෙන්න පුළුවනි. එබැවින් ඩැහැගෙන
යනවාට මගේ කැමැත්තක් නැත. ඔබගේ බෙල්ල මාගේ අඬුවලින් අල්ලාගෙන යාමට ලැබෙයි නම් මම
එමි”.
කොකා කකුළුවාගේ බහට රැවටී එය පිළිගත් නිසා කකුළුවා කොකාගේ බෙල්ල තදින් අල්ලා ගත්තේ
ය.
කොකා කකුළුවා රැගෙන පුරුදු ගහ දෙසට පියාඹන්නට විය. එවිව කකුළුවා “මා විලට නො හැර
කොහි ගෙන යන්නෙහි ද?”
එකල්හි කොකා, “කිමෙක් ද කකුළුව, නුඹ මට මායිම් කියයි ද? මේ ලුණුවරණ ගසමුල තිබෙන කටු
ගොඩ බලව. යම් සේ මත්සයන් අනුභව කළේ ද, එසේ ම නුඹ ද අනුභව කරමි යි කී ය.
”එම්බලය, ඒ මත්සයන් නුවණ නැති හෙයින් නුඹට ගොදුරු විය. මා එසේ රැවටෙන්නේ නැත.
මැරෙන්නේ නම් දෙදෙනා ම මැරෙමු’යි කියා කකුළුවා කොකාගේ බෙල්ල අඬු වලින් තද කළේ ය.
එවිට ජීවිත දානය ඉල්ලු කොකා කකුළුවා විලට හළේ ය. එකනෙහි ම කොකාගේ බෙල්ල තියුණු
ආයුධයෙකින් වෙන් වෙන්නා සේ කකුළු අඩු වලින් වෙන් විය. එවිට ලුණුවරණ ගසේ සිටි රුක්
දෙවියා ඒ සියල්ල දැක “වංචා බුද්ධි ඇති කෛරාටික පුද්ගලයාට තමාගේ වංචාවෙන් සට
කපටකමින් හැමදාම හැමතැන සැපසේ පිහිටිය නො හැක. කෛරාටික පාපී පුද්ගලයා තමන් කළ
වංචාවට, පාපයට දුක් විපාක විිඳින්නේ ය. ඒ කෙසේ ද යත් කකුළුවාගෙන් බෙල්ල කැපුම් කෑ
කොකා මෙනි” යැයි කී හ.
එ දවස කොකා නම් දැන් දෙව්රම් වෙහෙරේ වසන කෛරාටික ස්වභාව ඇති හිමියෝ ය. එක්ලහි
කකුළුවා නම් දැන් මේ පිටිසර ව වසන තෙරණුවෝ ය. එකල ලුණුවරණ ගසෙහි අධිගෘහිත දිව්‍ය
පුත්‍රයා නම්, ලෝකදිවාකර මම වෙමි”යි බක ජාතකය නිමා කරමින් වදාළ සේක.
- නයනා නිල්මිණී |