ඇසට පෙනෙන රූපය
නුවණින් දකින්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි
යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
නීවරණ විදර්ශනාව පිළිබඳ ව පසුගිය ලිපි මඟින් සඳහන් කළා. සිත විනාශ කරන, අපායට ඇද
දමන, කායික මානසික දුක් ඇතිකරන, මහා ව්‍යසනයට පත් කරන තණ්හාව, තරහව , කම්මැළිකම,
සිතේ විසිරීම සහ සැකය ආදී කරුණු පහ පිළිබඳ ව පසුගිය ලිපි මඟින් සඳහන් කළා. ඉන්පසුව
යි ස්කන්ධ විදර්ශනාව මෙනෙහි කරන්නේ. විදර්ශනාව යනු ඇසින් බලන්නා සේ නුවණින් බැලීම
යි. ඇත්ත ඇති සැටියෙන් දැකීම යි.
ඇත්ත ඇති සැටියෙන් බලනවා යනු ශරීරය සැකසී ඇති ආකාරය නුවණින් බැලීම යි. පඨවි , ආපෝ,
තේජෝ, වායෝ ධාතු සතරකින් මේ ශරීරය සැකසී තිබෙනවා. කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ම
සෑම කොටසක ම සතර ධාතූන් අන්තර්ගත යි. කෙළ, සොටු, මළ, මූත්‍ර දෙස බැලුවත් සතර ධාතුව
ම අන්තර්ගත යි. මිනිසාට පමණක් නොවෙයි, සතුන්ටත් පංචස්ඛන්ධය තිබෙනවා. ඒවාටත්
තිබෙන්නේ ඉහත සඳහන් කළ ධාතු කොටස්ම යි. ගස් කොළන් දෙස බැලුවත් ධාතූන්ගෙන් සමන්විත
යි. පංචස්ඛන්ධය යනු කුමක්දැ’යි පසුගිය ලිපියෙන් සඳහන් කළා. පංචඋපාදානස්ඛන්ධය යනු
රූප උපාදානස්ඛන්ධය, වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය,
විඤා්ඤාණඋපාදානස්ඛන්ධය යි. මේ නාමයන් පහ මෙසේ වුවත් අර්ථ වශයෙන් ගත් කල බොහොම
සංකීර්ණ වෙයි. අද පංචස්ඛන්ධ විදර්ශනාවේ පළමු කොටස වන රූප උපාදානස්ඛන්ධය ගැන සඳහන්
කරමු.
ඇසට පෙනෙන රූපය පිළිබඳ සිහි නුවණින් බැලිය යුතු යි. ඇතිවීම, නැතිවීම රූපස්ඛන්ධ
විදර්ශනාව යි. ශරීරය මෙලෙස පැවතුණාට එහි රූප විසි අටක් තිබෙයි. ඒ එකක් පාසා ම
අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. ඒ රූප විසි අටම පඨවි, ආපෝ,
තේජෝ, වායෝ ධාතු කොටස් වලින් සමන්විත යි. මේ රූප විසි අට පිළිබඳව ඇති කරගන්නා මනා
දැනීම ඉදිරියට පිවිසෙන්න බොහොම වැදගත්.
ගැඹුරින් සීතීමට අපහසු නම්, රූපස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන්
පමණක් සිතන්න. තමාගේ නැණ පමණින් ධර්මය වටහා ගන්න. ඇතැමෙක් භාවනාව ගැඹුරටම මෙනෙහි
කරනවා. අනේ! මට බැහැනේ යනුවෙන් නො සිතා තම නැණ පමණින් භාවනාව ඉදිරියට ම මෙනෙහි කළ
යුතු යි. රූප විසි අටේ තිබෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගැනීම රූපස්ඛන්ධ
විදර්ශනාව යි. භූත රූප සතරක් වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන් වෙයි. මේවා භූත
යනුවෙන් සඳහන් කරන්නේ වෙනස් වන, විකාර බවට පත්වන නිස යි. මෙහි රූප විසි අට අනිත්‍ය,
දුක්ඛ, අනාත්ම වශයෙන් ගනි යි. පඨවි රූපය මම නො වෙ යි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙ
යි. එමනිසා පඨවි රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස් වර මෙනෙහි
කළ යුතු යි. එසේම ආපෝ රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, ආපෝ රූපය
අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. තේජෝ රූපය මම නොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය
නොවෙයි , එමනිසා තේජෝ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වායෝ රූපය මම නො
වෙයි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙයි, එමනිසා වායෝ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි,
අනාත්ම යි. චක්ෂු ප්‍රසාද රූපය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, එමනිසා
චක්ෂු ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සෝත ප්‍රසාද රූපය මම නො
වෙයි, ම ගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සෝත ප්‍රසාද රූපය අනිත්‍යය යි,
දුක්ඛ යි, අනාත්ම යි. ඝාන ප්‍රසාද රූපය මම නො වෙ යි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි,
එමනිසා ඝාන ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජිව්හා ප්‍රසාද රූපය මම
නො වෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ජිව්හා ප්‍රසාද රූපය අනිත්‍යය යි,
දුක්ඛ යි, අනාත්ම යි. කායද් ප්‍රසාද රූපය මම නො වෙයි. මගේ නො වෙ යි, මගේ ආත්මය නො
වෙ යි. එමනිසා කායද්ප්‍රසාද රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූප රූපය මම නො
වෙ යි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා රූප රූපය අනිත්‍යය යි, දුක්ඛ යි,
අනාත්ම යි. ශබ්ද රූපය මම නො වෙයි, මගේ නොවෙ යි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ශබ්ද
රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ රූපය මම නො වෙ යි, මගේ නො වෙ යි, මගේ
ආත්මය නො වෙ යි, එමනිසා ගන්ධ රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස රූපය මම
නොවෙ යි, මගේ නොවෙ යි, මගේ ආත්මය නොවෙ යි, එමනිසා රස රූපය අනිත්‍යය යි, දුක්ඛ යි,
අනාත්ම යි. භාව රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා භව රූපය
අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. හදය වත්ථු රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ
ආත්මය නො වෙ යි, එමනිසා හදය වත්ථු රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි.
ජීවිතේන්ද්‍රිය රූපය මම නො වෙයි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙයි, එමනිසා
ජීවිතේන්ද්‍රිය රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ආහාර රූපය මම නො වෙයි, මගේ
නො වෙයි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ආහාර රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි.
ආකාශ ධාතු රූපය (පරිච්ඡේද රූපය) මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි,
එමනිසා ආකාශ ධාතු රූපය (පරිච්ඡේද රූපය) අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාය
විඤ්ඤප්ති රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා කාය විඤ්ඤප්ති
රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. වචී විඤ්ඤප්ති රූපය මම නො වෙ යි, මගේ නො
වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා වචී විඤ්ඤප්ති රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම
යි. ලහුතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙ යි, එමනිසා ලහුතා රූපය
අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. මුදුතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය
නො වෙයි, එමනිසා මුදුතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. කම්මඤ්ඤතා රූපය මම
නො වෙයි, මගේ නො වෙ යි, මගේ ආත්මය නො වෙ යි. එමනිසා කම්මඤ්ඤතා රූපය අනිත්‍යය යි,
දුක්ඛ යි, අනාත්ම යි. උපචය රූපය මම නො වෙයි, මගේ නො වෙයි මගේ ආත්මය නො වෙයි, එමනිසා
උපචය රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සන්තති රූපය මම නො වෙයි, මගේ නො වෙයි,
මගේ ආත්මය නො වෙයි. එමනිසා සන්ථති රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජගතා
රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජගතා රූපය අනිත්‍යය යි,
දුක්ඛ යි, අනාත්ම යි. අනිච්ඡතා රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි,
එමනිසා අනිච්ඡතා රූපය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. අටවිසි රූපය මම නො වෙයි,
මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එම නිසා අටවිසි රූපය අනිත්‍යය යි, දුක්ඛ යි,
අනාත්ම යි. යනුවෙන් රූප විදර්ශනාව හැකිතාක් මෙනෙහි කරන්න.
රූප විසි අට කටපාඩම් කරගන්න පුළුවන් අය, එය කටපාඩම් කරගෙන එකක් බොහෝ වාරයක් මෙනෙහි
කරන්න. උදාහරණයක් වශයෙන් පඨවි ධාතු රූපය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො
වෙයි. එමනිසා පඨවි ධාතු රූපය අනිත්‍යය යිි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සියවර,
දහස් වර මෙනෙහි කරන්න . ඊළඟට එකක් පාසා ම හොඳට සිතට ගෙන මෙනෙහි කරද්දී නුවණ හොඳින්
වැඩෙයි. විදර්ශනා ඥාන උපදවා ගන්න පුළුවන්. එය සම්මසන විදර්ශනා ඥාන නම් වෙයි. එසේ ම
ඇතිවීම, නැතිවීම දැකීම උදයබ්භය ඥාන නම් වෙයි. මෙලෙස විදර්ශනා ඥාන ලබාගෙන කවුරුත්
රූපස්ඛන්ධ විදර්ශනා ලෙස තම සිරුර අනිත්‍යය , දුක්ඛ , අනාත්ම , වශයෙන් වටහා ගෙන තම
රූපය තුළ තිබෙන රූප විසි අටක් බව වටහා ගෙන රූප විසි අට ඉගෙන ගෙන එකක් පාසා ම මෙනෙහි
කළ යුතු යි. අවසානයේ රූපස්කන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. එසේ නැතිනම්, මේ
ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස් වර හොඳින් මෙනෙහි කරන්න.
එවිට තම ශරීරයේ තිබෙන තත්ත්වය හොඳට වටහා ගන්න පුළුවන්. බණ භාවනා ක්‍රමය දියුණු
තියුණු කරගෙන ඉදිරියට ගියොත් තමන්ට හසල දැනුමක් ලැබිය හැකි යි. ගැඹුරින් මෙනෙහි කළ
නො හැකි නම්, මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් දවසට සිය වර
දහස්වර රැකියාවට යද්දී, බස් රියේ යද්දී නිදැල්ලේ හැසිරෙන සිතට මෙවැනි අදහස් ලැබුණහ
ම බණ භාවනා ඉබේ ම පුරුදු වෙයි. ඒ සඳහා අමුතුවෙන් මහන්සි ගත යුතු නැහැ.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |