|
|
ධම්මචක්ක රාජකීය
සම්මානයෙන් පිදුම් ලබති
තායිලන්ත රජයේ
ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලද
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති
ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් පිළිගැනීමේ
විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා
(15) මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද
බෞද්ධ විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී
ගොඩගම මංගල නා හිමියන් වෙත ජනාධිපතිතුමා
අතින් සම්මානය පිළිගැන්වූ අවස්ථාව. |
|
|
|
|
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26 – 27
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම ඔක්තෝබර් 26, 27 දිනයන්හි පැවැත්වේ. 26
වෙනි දින සවස 7.15 ට ගිලන්පස පූජාව සහ රාත්‍රී යුගාසන ධර්මදේශනාවකි.
මෙම කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන කොළඹ වෝඩ් පෙදෙසේ අංක 72 නිවසේ පදිංචි චන්දන
වික්‍රමරත්න මහතා සහ මංජුලා වික්‍රමරත්න මහත්මියගේ නිවසේ සිට පංචතූර්යය වාදන සහිතව
පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විසිතුරු ධර්මයාත්රාවක් සහිත රථ පෙරහරකින් කඨින චීවරය
කටුකැලේ ලේඩි බ්ලේක් ආරාමයට වැඩමවා පසුදින අලුයම අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින්
කඨින චීවරය ශ්‍රී දළදා මාළිගාවට වැඩමවා අලුයම කඨින චීවරය මහා සංඝරත්නය වෙත
පිළිගන්වනවා ඇත.
ඉතිරිය» |
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි.
24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24
වන දා බදාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා
|
|
|
|
|
|
|