කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන්...
කොළඹ තරුණ බෞද්ධ සංගම් මූලස්ථානයේ පැවති සිංහල සාහිත්‍ය කමිටුවේ ත්‍යාග
ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණි.
කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත් වූ 2018 ගද්‍ය පද්‍ය ගායනා ජ්‍යෙෂ්ඨ අංශයේ
ප්‍රථම ස්ථානය මෙන්ම ගායනා තරගාවලියේ විශිෂ්ටයන්ගේ විශිෂ්ටයාට හිමි සම්මානය දිනාගත්
අකුරැස්ස, දිගනහේන ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ එම්. හිමංසා සාවින්දි ශිෂ්‍යාව,
ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාගේ සුරතින් සම්මානය ලබාගත් අතර බුදුසරණ කර්තෘ මණ්ඩල
උපදේශක සීසර් සුදුසිංහ, බුදුසරණ කර්තෘ රමණී සුභසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ
වේ.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම් හා පාලන මණ්ඩල සභික සුනිල්
එස්. සිරිසේන මහතා වෙතින් සම්මාන ලැබූයේ සමස්ත ලංකා ගද්‍ය රචනා ජ්‍යෙෂ්ඨ අංශයේ
ප්‍රථම ස්ථානය දිනාගත් රාජාංගනය, යාය 4, සිරි සුමන දහම් පාසලේ එම්.වී.ආර්. කෝසල
වසන්ත බණ්ඩාර ශිෂ්‍යයා ය.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩල සභික සහ හිටපු සභාපති සුමේධ අමරසිංහ මහතා වෙතින්
සම්මාන ලැබූයේ සමස්ත ලංකා බෞද්ධ චිත්‍ර තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු ස්ථානය දිනාගත්
නෑබොඩ, වලකඩහේන, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසලේ ඩබ්.කේ. කවීන් දිල්හාර
ශිෂ්‍යයා ය.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩල සභික හා හිටපු සභාපති සුරේන් අභයගුණසේකර මහතාගේ
සුරතින් සම්මාන ලැබූයේ සමස්ත ලංකා ගද්‍ය රචනා ගුරුභවතුන්ගේ අංශයේ පළමු ස්ථානය
දිනාගත් කළුතර දකුණ, මහා හීනටියන්ගල, ශ්‍රී ආනන්ද දහම් පාසලේ එම්. චමිලා ශ්‍යාමලී ද
සිල්වා මහත්මියයි. |