Print this Article


සරණංකරාරාමයේ දී පින්කම්

සරණංකරාරාමයේ දී පින්කම්

තුම්මෝදර බොරළුතැන්නේ ශ්‍රී සරණංකරාරාම විහාරස්ථානයේදී උග්ගල්ලේ රතනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි වස්සාන සමය තුළ සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම මාඋස්සාගොල්ලේ ඉන්ද්‍රසිරි හිමියන් විසින් අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා සහ සතියේ වෙනත් දිනවල මල් පූජා පින්කම් සිදු කෙරේ. විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ මහා ස්වාමීන් වහන්සේලා සහ විහාරස්ථදායක සභාවේ සිට මිය ගිය අය සිහිපත් කර පින් අනුමෝදනා කිරීමද සිදු කෙරේ.