UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


කඨින සිවුර

චීවරය ලොව ඇති පැරැණිතම ඇඳුම ලෙස සැලකිය හැකි ය. එය ශ්‍රමණ සම්ප්‍රදායෙහි ආරම්භය දක්වා ඈත ඉතිහාසයට දිව යන්නකි. සාමාන්‍ය ජනතාවගෙන් වෙන්ව භික්ෂූන් වහන්සේ හඳුනාගත හැක්කේ චීවරය නිසා ය.

සිදුහත් බෝසතාණෝ අභිනිෂ්ක්‍රමණය කළ අවස්ථාවේ දී ඝටීකාර බ්‍රහ්ම රාජයා දුන් අටපිරිකර රැගෙන වැඩි බව ප්‍රකට කරණකි. බුදු සසුනේ සමාරම්භයත් සමඟ ම පෙර පැවැති සාටකය භික්ෂූන් වහන්සේට ම අනන්‍ය වූ චීවරයක් ලෙස පත්කරගෙන පරිහරණයට ගෙන ඇත. කඨින චීවරය බෞද්ධ භික්ෂූන් වහන්සේට සුවිශේෂි වූවකි.


අන් අයගේ දියුණුව දැක සතුටු වෙමු

අන් අයගේ දියුණුව දැක එම දියුණුව තමාට ඇති වූවක් සේ සලකා සතුටට පත් වන ස්වභාවය මුදිතාව ලෙස හඳුන්ව යි. ඕනෑ ම පුද්ගලයකු වඩා කැමැති වන්නේ තම දියුණුව ය. තමාගේ දියුණුව දැක සතුටු වනවා සේ ම අන් අයගේ දියුණුව දැක සතුටු වීම ද උසස් ගුණාංගයකි. සැපතට පත් තැනැත්තා තම හිතවතෙකු හෝ ඥාතියකු හෝ නම්, එවිට ඇති වන සතුට මුදිතා ගුණය ලෙස අපට සැලකිය නො හැක. නෑදෑ හිතවත්කම් කිසිත් නොමැති ව ඕනෑම පුද්ගලයකුගේ දියුණුවක දී ආයාසයකින් තොරව සතුටට පත්වීමට හැකිවීම මුදිතා බ්‍රහ්ම විහාරය ලෙස සැලකිය හැකි ය. මුදිතාව නමැති මෙම ගුණය පුද්ගලයකු තුළ නිරායාසයෙන් ම ජනිත වන සිතිවිල්ලක් නොවේ. එම ගුණය ආයාසයෙන් වර්ධනය කර ගත යුත්තකි. පුහුදුන් මිනිසා තුළ වැඩි වශයෙන් ජනිත වන සිතිවිල්ල ඊර්ෂ්‍යාව ය. මෙම සිතිවිල්ල යටපත් කර ගැනීමට අප විසින් ම මෙම මුදිතා ගුණය ප්‍රගුණ කළ යුතුය. මේ සඳහා වැඩිය යුතු වන්නේ ද මුදිතා භාවනාව යි.


වස්සානය

 

දඹදිව් තලයේ
හිමාලය අවටින්
හමා එන සුළඟ සමඟින්
වැටෙයි වැහි බිඳු අහසින්
භික්ෂූන් වහන්සේ
භාවනා කරන්නේ
කැලෑ වන රොදවල
ගස් මුල් අසල සිට
නිකිණි පුන් පොහොය යි
ඇරඹෙන්නේ මේ සමයේ
මහණදම් පිරීමට
කාලයයි එළඹෙන්නේ
එච්.විශ්මි සංකේතා


ශිෂ්‍ය නායිකාවකි

රංචු ගැසී දුව පනිනා දරු කැළ හමුවේ
අපි වෙමු සිසු කැළ ඒ අතරේ
තරු කැට වෙමු අපි සැමදා
දිදුලන රන් ආකාසේ

පැළඳි දින නායකත්වයේ ලාංඡනය
නිම් නැති සතුටක් හිමි විය මට
ඒ සමඟම ගත් වගකීම
ඉටු කරන්නේ තාමත් තුටින් මම


සුන්දරයි මගේ රට

ගංගා දියඇලි ගලා බසින්නේ
පැසුණු ගොයම් කෙත සුවඳ හමන්නේ
මව්බිමේ නාමය සිරිලක වන්නේ
සුන්දර සිරිලක සිරිය තිබෙන්නේ

මුතු ඇටය යි නිබඳවම කියන්නේ
සැමගෙම සිත් සතුටින් සනසන්නේ
සංචාරකයින් සතුටින් පැමිණෙන්නේ
මගෙ මව්බිම දෙවියන් රැකදෙන්නේ

බුදුන් වැඩි මගේ රට
මුහුදෙන් වට වූ මගේ රට
වීර පුතුන් සිටි මගේ රට
සැමදා බැබළේවා මගේ රට


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

382. ආර්.පී.අමාෂා ලක්ෂාණි
08 ශ්‍රේණිය,
අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල ම. විදුහල – ගිරිඋල්ල

383. එච්.ඒ.පී.ඩබ්.ඩබ්.විචක්ෂණා
09 ශ්‍රේණිය,
සුමනා බාලිකා විදුහල – රත්නපුර

384. එච්.එම්.ඩයනි තරුෂිකා
07 ශ්‍රේණිය,
සිරිධම්මරතන දහම් පාසල

385. කේ.ඒ. නිපුනි ශෂිකලා ජයරත්න
11 ශ්‍රේණිය,
යූ.බී.වන්නිනායක නවෝද්‍යා පාසල - බලල්ල

386. ලෙමාරා සංදීපනී ගම්ලත්
09 ශ්‍රේණිය
යූ.බී. වන්නිනායක නවෝද්‍යා පාසල,බලල්ල.


අපේ පන්සල

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]