ඓතිහාසික රිදී විහාරයේ
රන්දෝලි පෙරහර 27 වනදා සිට
කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මෙම මස 27 වනදා ආරම්භ කෙරෙන අතර
අවසන් රන්දෝලි මහ පෙරහර මෙම මස 31 වනදා වීථී සංචාරය කෙරේ.
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්
රිදී විහාරයේ භාරකාර තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පෙරහර
පැවැත්වේ.
ඉතිරිය» ශ්‍රී දළදා සමිදු තේවාවට
අස්ගිරි පාර්ශ්වයේ මහ සඟරුවන පත්වෙති
ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳුන් වෙත තේවාව පැවැත්වීමේ චිරාගත චාරිත්‍ර
කටයුතු මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට පැවරීමේ සම්ප්‍රදායික චාරිත්‍රය
ඇසළ පුර පසළොස්වක පෝය දිනට පසු දින සිදු කෙරුණි.
ඉතිරිය»
සෙංකඩගලපුර ඇසළ පෙරහර
මංගල්‍යය
පෙරහර සංකල්පය යනු ප්‍රාග් බෞද්ධ යුගය දක්වා දිවෙන සංස්කෘතික සංකල්පයකි. සිද්ධාර්ථ
කුමාරෝප්පත්තියට පූර්වයෙන් ඇසළ සමය තුළ සිදු කළ විවිධ සැණකෙළි හා පෙරහර උත්සව
පිළිබඳ බෞද්ධ ඉතිහාසයේ තොරතුරු අනාවරණය කරන අතර ඇසළ පොහෝ දින උයන් කෙළියට ගිය පුවත
මෙන්ම එදින රාත්‍රියේ සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගත් බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන්
වේ. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුව සිටි අපරදිග මානවයා නිසි කල වැසි ලබා ගැනීමේ
අරමුණින් දෙවියන් සතුටු කිරීම උදෙසා විවිධ උත්සව හා යාග හෝම ආදිය පැවැත් වූ කාල
පරිච්ඡේදයක් ලෙස ද ඇසළ සමය හඳුන්වා දිය හැකි ය. කෘෂිකාර්මික ජීවිතයත් ගත කළ ප්‍රාග්
බෞද්ධ ලක්වැසියන් ද තමන්ගේ ගොවිතැන් කටයුතු කර ගැනීමට හා නිසි කලට වර්ෂාව ලබාගෙන
ස්වකීය ගොවිතැන් කටයුතුවල සශ්‍රීක භාවය ඇති කරගැනීමට අව්ව, වැස්ස ආදී ස්වභාව ධර්මය
දේවත්වයෙන් සලකා ඒ සඳහා විවිධ පුද පූජා පවත්වා තිබේ. එනමුත් අනු බුදු මිහිඳු
මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම මෙරටට හඳුන්වා දීමෙන් පසුව පෙර පැවැති ප්‍රාථමික
ඇදහිලි වෙනුවට තෙරුවන් මුල්කරගත් විවිධ පුද පූජා චාරිත්‍ර සමුදායක් ගොඩනැගුණු ආකාරය
දක්නට ලැබේ. ඒ තුළින් රත්නත්‍රයේ ආශිර්වාදය ලබා තමන්ගේ සියලු කටයුතු සඵල කරගත හැකි
බව ඔවුහු විශ්වාස කළහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට ...
“අචරිත්වා බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චාව ඣායන්ති
ඛීණ මච්චේව පල්ලලේ
අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා
යොබ්බනේ ධනං සෙන්ති චාපාතිඛිණා ව
පුරාණානි අනුත්ථුනං”
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මයෙහි සාරය ලෙස ධම්මපදය
හඳුන්වා දෙන්න පුළුවන්. මාතෘකාව වශයෙන් දැක්වූ ගාථාවන්හි දැක්වෙන ආකාරයට බ්‍රහ්ම +
චරියං අචරිත්වා - ඒ කියන්නේ උතුම් හැසිරීමේ නොහැසිරවීමයි. බ්‍රහ්මචරිය - මෙය
දේශනාවේදී කොටස් දෙකකට බෙදා දේශනා කර තිබෙනවා. සාසන බ්‍රහ්මචරිය මග්ග බ්‍රහ්මචරිය
වශයෙන් සාසන බ්‍රහ්මචරිය යනු :- ගිහි ජීවිතයෙන් නික්මි මහණ දම් පිරීමෙන්, සිල්
රැකීමෙන්, ගත කරන ජීවිතය හඳුන්වා දෙන්නට පුළුවන්. මග්ග බ්‍රහ්මචරිය :- ලොව්තුරා මග
- පල පත්ව බ්‍රහ්මචාරීව ජීවත්වීම ලෙස දේශනා කොට ඇත. බ්බනෙ ධනං අලද්ධා :- තරුණ වයසේදී ධනය හරි හම්බ නොකර කයේ හා සිතේ ශක්තිය ඇති
කාලසීමාවේ දී උපන් ධනය රැකීමෙන් තොරව හා නූපන් ධනය වෙනුවෙන් ගොවිතැන් කටයුතු හා
වෙළදාම් ආදිය නොකොට කල්ගත වීමේදී පසු තැවීමට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා හරියට වැසි සමයෙහි මසුන් අල්ලා නොගෙන පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු
තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙමින්, සුසුම්ලමින් ජීවත් වීමට සිදු
වන්නාක් වගෙයි යනුවෙන්.
ඉතිරිය» |