Print this Article


 පඤ්ච මහා අධිෂ්ඨාන පූජාවක් 18 වන දා ස්වර්ණමාලි මහා සෑරදුන් අබියසදී

පඤ්ච මහා අධිෂ්ඨාන පූජාවක් 18 වන දා

ස්වර්ණමාලි මහා සෑරදුන් අබියසදී

අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑරදුන් අබියසදී අගෝස්තු මස 18 වනදා පඤ්ච මහා අධිෂ්ඨාන පූජාවක් කලණ මිතුරෝ ජාත්‍යන්තරය මගින් පැවැත්වේ. අගෝස්තු 18 වනදා පස්වරු 2.00 ට විවිධාකාර වූ කංචුක පූජාවන් සිදු කිරීමද 3-6.30 දක්වා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සමඟ සියලු පූජාවෝ මහත් හරසරින් වැඩමවීමත්, 7-8.30 දක්වා මහා සඟරුවනෙහි අනුශාසනාවන්ද 8.30-9.15 අටවිසි සම්මා සම්බුද්ධ පූජාවද 9.15-10.10 පඤ්ච මහා අධිෂ්ඨාන ධර්ම දේශනාවද 10.10 බොදු සැදැහැවතුන් ඒකාත්මික වෙමින් සිදු කරන්නා වූ පඤ්ච මහා අධිෂ්ඨානයද 11 පිරිත් සූත්‍රාන්ත සත්‍ය ක්‍රියාවද 11.45 සර්ව රාති‍්‍රක ධර්ම දේශනාවද පැවැත්වේ. 19 වනදා පෙරවරු 5 දක්ඛිනෝදක පූජාව, කිරිපිඬු පූජාව, සහ විශේෂ ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පෙරවරු 6 මහා සඟරුවන උදෙසා හීල දානයද දවල් දානයද පූජා කිරීමට කටයුතු යොදා ඇත.