දරුවන් සිව් දෙනෙකු
සසුන් කෙතට...
ශාස්ත්‍රවේදී (ගෞරව)
අම්පාරේ ධම්මානන්ද හිමි
නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක තලාගංගොඩ ධම්මරතනාභිධාන නා හිමි, උතුරු නැගෙනහිර
දෙපළාතේ ද්විතීය ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතනාභිධාන නා
හිමි, අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරාධිපති මානව සම්පත් කළමණනාකරණ විශේෂවේදී
ඇත්පිටියේ චන්දානන්දාභිධාන නා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන්. එන්.එම්.
කුසුම් ශාන්ත පියලත් සහ එම්.එම්. අනෝමා පි‍්‍රයදර්ශනී යන දම්පතීන්ගේ පුතණුවන් වන
එන්.එම්. නුවන් ආසිරි ජයලත් කුමරුවා අම්පාරේ නයනානන්ද හිමි නමින් ද,
එච්.එම්. ඉන්ද්‍රසේන සහ ඩී.එම්. පත්මලතා යන දම්පතීන්ගේ පුතණුවන් වන එච්.එම්. රශේන්
ලක්ෂිත කුමරුවා අම්පාරේ රමිතානන්ද හිමි නමින් ද,
ජී. කරුණාරත්න සහ කේ.ඩී. සුමිත්‍රා යන දම්පතීන්ගේ පුතණුවන් වන ජී. ප්‍රභාත් මල්ෂාන්
කරුණාරත්න කුමරුවා යහල්මුල්ලේ ප්‍රබෝධානන්ද හිමි නමින්ද,
වයි.එම්. සුසන්ත කුමාර සහ ඊ.එම්. ශිරෝමි දීපිකා යන දම්පතීන්ගේ පුතණුවන් වන වයි.එම්.
නඳුන් හංසක යාපා කුමරුවා අම්පාරේ නදීරානන්ද හිමි නමින්ද,
අම්පාර සිව්මුණි සෑ විහාරස්ථානයේදී දරුවන් සිව් දෙනෙකු සසුන් ගත කෙරිණි. |