ගැලක් ඇද ණයක් ගෙවයි
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ තමන් මෙන් එකල සිටි වෙනත්
ශාස්තෘවරයෙකුට කළ නො හැකි වූ යමක මහා ප්‍රාතිහාර්ය දැක්වීම පිළිබඳ දම් සභාවේ ඇති වූ
සංවාදයක් මුල්කොට ගෙන මේ ජාතක කතාව වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙකු රාජ්‍යය කරන කාලයේ බෝධි සත්ත්වයන්
වහන්සේ ගවයකුව උපත ලැබූහ. මෙම ගව පැටවාගේ අයිතිකරුට නිවසේ කුලිය ගෙවනු නොහැකිව ඊට
හවුල පිණිස එක් මහලු කාන්තාවකට ගව පැටියා ලබා දුන්නේ ය. ඇය ගව පැටවා ඉතා ආදරයෙන්
රැකබලා ගත් අතර, තමාගේ පුතෙකු මෙන් පෝෂණය කළා ය. ගව පැටියා “ආර්ය කාකාලක” නමින්
ප්‍රසිද්ධව හොඳින් හැදී වැඩුණි.
ඉතා ශීලාචාර ගව පැටවාට ගමේ දරුවෝ ද බොහෝ ආදරය කළහ.දරුවෝ සෙල්ලම් කරද්දී ගවයාගේ
කරෙන්, වලිගයෙන්, අදිමින් එල්ලෙමින් සෙල්ලම් කළහ. දිනක් මේ ගව පැටවා
”මගේ මෑණියෝ ඉතා දුප්පත් ය. තමාගේ ම පුතෙකු ලෙස ඉතා දුකසේ මා පෝෂණය කරන්නීය. ඒ නිසා
මම ද කුලීවැඩක් කර හෝ ඇයට උදව් විය යුතුයි” යැයි සිතා කුලියට වැඩක් සොයමින්
ඇවිදින්නට විය.
එදින එක් ගැල් නායකයෙක් තමාගේ ගැල් පන්සියයක් මඩෙහි එරීම නිසා එය ගොඩට ගන්නට නො
හැකිව ඒ සඳහා දක්ෂ ගවයෙකු සොයමින් සිටියේ ය. අනෙකුත් ගවයන් සමඟ ඇවිදිමින් සිටි ආර්ය
කාකාලක ගවයා දුටු ඒ ගැල් හිමියා ඔහුගේ ශරීර ලක්ෂණ අනුව “මේ මඩෙහි එරී ඇති ගැල්
පන්සියය ගොඩ ගැනීමට මොහු හැර වෙනත් ගවයකු සමර්ථ නො වන්නේ ය යැයි සිතා අවට සිටි
මිනිසුන්ගෙන් ගවයාගේ ස්වාමියා පිළිබඳව විමසී ය.
”මිත්‍රය, මේ ගවයාගේ අයිතිකරු මෙහි නැත. එනිසා මොහු ලවා ඔබගේ කාර්යය කර ගන්න” යැයි
කී ය.
එය ඇසු ගල් නායකයා ආර්ය කාකාලක අසලට ගොස් නාස් ලණු බැඳ ඇදගෙන යන්නට සූදානම් වුව ද
ගවයා සිටි තැනින් සොලවන්නටවත් නොහැකි විය. එම බෝසත් ගවයා ද “ගැල් අදින කුලිය
දෙන්නම් යැයි කී කල්හි යන්නෙමි යැයි සිතා සිටියේ ය. ගවයාගේ අදහස දැනගත් ගැල් නායකයා
ගවයා අසලට ගොස්
දරුවා “ ගැල් පන්සියය ගොඩට ඇද දෙන්නේ නම්, එක ගැලකට කහවණු දෙක බැගින් කහවණු දහසක්
දෙමි”යි කී ය.
එවදන් ඇසු කාකාලය ගැල් පන්සියය එක් වරකට එක බැගින් ගොඩට ඇද්දේ ය. ගැල් පන්සියය ගොඩට
ඇද අවසන් වූ කල්හි ගැල් නායකයා ද එක ගැලකට එක කහවණුව බැගින් වනසේ කහවණු පන්සියයක්
පොදි බැඳ මේ සද්පුරුෂ ගවයාගේ කරෙහි බැන්දේය. ඒ බව දැනගත් බෝධිසත්ත්වයෝ “ගැල් නායකයා
විසින් මුලින් පොරොන්දු වූ මුදල නොදී යන්නට නො දෙමි” සිතා ගැල් ඉවතට ගත නොහැකි සේ
ගැල් ඉදිරිපිටට වී මග අහුරාගෙන සිටියේය.
එවෙලෙහි ගැල් නායකයා ද ආර්ය කාකාලක ගේ අදහස දැනගෙන කහවණු දහසක පොදියක් ගෙන කරෙහි
බැන්දේය. බෝධි සත්ත්වයෝද ඒ කහවණු දහස රැගෙන මෑණියන් සමීපයට ගියහ. ගැල් පන්සියයක්
ඇදීමෙන් පීඩාවට පත් ව ඇති අයුරු දුටු මහලු කාන්තාව ඉතා ශෝකයට පත්ව ගොපළු දරුවන්
වෙතින් කරුණු දැනගෙන බෝසතුන් උණු පැනින් නහවා ශරීරය පුරා තෙල් ගල්වා ආහාරපාන ආදිය
දී සතුටු කරවී ය. මේ අයුරින් ඒ මහලු කාන්තාව සහ ආර්ය කාකාලක බෝධිසත්ත්ව ගවයා
සතුටින් ජීවත්ව ආයු කෙළවර මිය පරලොව ගියහ.
එකල මහලු ස්ත්‍රිය නම්, දැන් උප්පලවන්නා තෙරණිය යි. ආර්ය කාකලක නම් තිලෝගුරු
බුදුරජාණන් වහන්සේ බව යටගිය දවස බණකතා ග්‍රන්ථයේ සඳහන්ව ඇත.
- නයනා නිල්මිණී |