අනුරාධපුර සිරි සම්බුද්ධ ප්‍රතිමාලංකාර විහාරය
අනුරාධපුර නැගෙනහිර සමූහ
සේනපුර ඩී.නිශ්ශංක
අලුත්ගමබෝගමුවේ සද්ධාරංසි නාහිමි |
චෛත්‍යරාජයාණන් වහන්සේ
|
|
බුදුරජාණන් වහන්සේගේ භෛසජ්ජගුරු මුද්‍රාව නිර්මාණය කර ඇති
අයුරු
|
බුදුරජාණන් වහන්සේගේ සමාධි මුද්‍රාව දැවයෙන් කර ඇති අයුරු
|
බුදුරජාණන් වහන්සේගේ නවසිකා නිර්මාණ
|
ඉදිකර ඇති කුටියන්
|
සුවහස් සිත්පහන් කරවන, දුටුදුටුවන් සිත් ඇදගන්නා බෞද්ධ සිද්ධස්ථාන තුනක් නිර්මාණය
කර (අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ අසූමහා ශ්‍රාවක විහාරය ,අනුරාධපුර
නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය, ඇලය පත්තුව කොක්කිච්චිය සිරි
සම්බුද්ධ ප්‍රාතිහාරි විහාරය) බෞද්ධ ජනතාවගේ වන්දනීය තත්ත්වයට එය පත් කළ අනුරාධපුර
සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම ප්‍රභා
ධීරානන්දාභිධාන, කල්‍යාණිධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, රජරට
පාර්ශ්වයේ උපාධ්‍යාය, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමිපාණන් වහන්සේ ගුණ
නැණින් මෙන් ම නිර්මාණශීලිත්වයෙන් ද හෙඹි මහතෙරනමකි.
සද්ධාරංසි නා හිමියන්ගේ හතරවැනි නිර්මාණය වන්නේ අනුරාධපුර , තන්තිරිමලේ මාර්ගයේ
ඔයාමඩුවට නුදුරින් පිහිටි වන්නිහැළඹෑව “සිරිබෝධි බෝධිරුක්ඛාරාමය” නමැති නටබුන්
විහාරස්ථානය වැඩිදියුණු කර එය අනුරාධපුර සිට තන්තිරිමලේ යන බැතිමතුන්ට සිත්සේ
වන්දනාමාන කර ගැනීමට හැකි වන පරිදි අංග සම්පූර්ණ බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීම
ය. මෙම විහාරස්ථාන භූමි භාගය අක්කර අටක පමණ වපසරියකින් යුක්ත වේ.
“සිරිබෝධි බෝධිරුක්ඛාරාමය” වසර හතළිහකට වඩා පැරැණි විහාරස්ථානයකි. එම විහාරස්ථානය
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේ. ගොවිතැන සිය ජීවනෝපාය කරගනිමින්
ජීවත් වන පවුල් 175 ක් පමණ විහාරස්ථානය වටා වාසය කරති. ගරා වැටෙමින් පැවතුණ මෙම
විහාරස්ථානය තුළ වැඩවාසය කළේ මින්නේරියේ සද්ධාතිස්ස හිමියන් ය. උන්වහන්සේ වයෝවෘද්ධ
බැවිනුත්, කාය ශක්තිය යොදවා කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක පසුවූ නිසාත්, දායක
කරකාදීන්ගේ කැමැත්ත පරිදි විහාරස්ථානය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන් වෙත
භාර කරන ලදී. ටික කලකට පසුව සද්ධාතිස්ස හිමියෝ අපවත් වූ හ.
වනපෙතක් එකලු කොට දෙව්රමක් මවා අසිරිමත් පුද බිමක් නිර්මාණය කොට සුවහසක් බොදු දනට
වන්දනීය, පූජනීය බිම්කඩක් සකසා දුන් සද්ධාරංසි නා හිමියෝ හැමවිටම නිර්මාණශීලි බුද්ධ
පුත්‍රයෙක් බව බැතිමත්හු හොඳින් දනිති. විහාරස්ථානය අධිෂ්ඨානශීලිව භාරගත් සද්ධාරංසි
නා හිමියෝ දායක කාරකාදීන් කැඳවා මුලින්ම කළේ, ඔවුන්ගේ කුසගින්න නිවා දැමීම ය. එම
දායක කාරකාදීන්ට වියළි ආහාර රැසක් බෙදා දුන් උන්වහන්සේ ගර්භනී මාතාවන්ට අවශ්‍ය
ආහාරපාන,දරු ප්‍රසූතියේ දී ප්‍රයෝජනයට ගත හැකි ඇඳුම් පැළඳුම් හා වෙනත් දෑ ද දානමය
පරිත්‍යාග වශයෙන් ලබා දුන්හ.
නිරාමිස සුවය අරභයා උපකාරීවන පාරිසරික සහසැබඳියාව ඉතසිතින්ම අගය කළ අප නා හිමිපාණන්
වහන්සේ සිය විස්කම් නිර්මාණ සියල්ලම පරිසරයට අනුරූපීව නිර්මාණය කිරීමට ඉටාගත්හ.
විහාර භූමියේ ඉදිකළ කටුඉඹුල |
සද්ධාරංසි හිමියන්ගේ ඊළග කාර්යය වූයේ බෝධිරුක්ඛාරාම පුද බිම සම්පූර්ණයෙන් ම
එළිපෙහෙලි කිරීම ය. පැරැණි බෝධිය අවට පිරිසිදු කර භික්ෂූන් සඳහා කුටි දෙකක් ද,
රුපියල් ලක්ෂ විස්සක් පමණ වැයකර ධර්මශාලා ගොඩනැගිල්ලක් ද ඉදි කරන ලදී. එපමණක් ද නොව
බුද්ධ ප්‍රතිමාවේ විවිධ මුද්‍රා විදහාපාන සිවු මහල් නව විහාර මන්දිරයක් ද තනවනු
ලැබීය. විවිධ මුද්‍රාවන්ගෙන් යුත් බුද්ධ ප්‍රතිමා එම සිව්මහල් නව විහාර මන්දිරය තුළ
නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මීට අමතරව තන්තිරිමලේ වැඳපුදා ගැනීමට යන බැතිමතුන්ට දැකබලා ගත හැකි වන පරිදි
‘කුක්කරවතී නරකය’ විදහාපාන ‘කටුඉඹුල’ විහාර භූමියේ නිර්මාණය කර ඇත.
සිරිබෝධී බෝධිරුක්ඛාරාමය යන පැරැණි නම වෙනුවට ‘සිරි සම්බුද්ධ ප්‍රතිමා ලංකාර’
විහාරය යන නම තබා ඇති එම විහාරස්ථානයේ දැනට ගරා වැටෙමින් පවතින බුදුමැදුර
‘සංඝාවාසය, දාන ශාලාව කඩිනමින් ඉදිකර දීමට සද්ධාරංසි නාහිමියන් දැනටමත් පියවර ගෙන
තිබීම බොදු සිත් සනසා ලීමට හේතු වේ.
සිරි සම්බුද්ධ ප්‍රතිමාලංකාර විහාරයේ සිවු මහල් නව විහාර මන්දිරයේ පළමුවෙන් දක්නට
ලැබෙන්නේ ‘සමාධි මුද්‍රාවෙන්’ යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේය.
අතීත නිර්මාණකරුවා ආගමික උත්තරීතර බව සඳහාම මහා ගිරිහිසක මහා පව්වක සිය සෙල්පිළිම
නිර්මාණය කළහ. වන අරණක ආරාම බිහි කළහ. හුදෙකලා ගිරිලෙනක ලෙන් විහාර ස්ථාපිත කළහ.
නූතනයේ නා හිමියන් වූ සමස්ත පරිසර පද්ධතියම ප්‍රයෝජනට ගනිමින් බුදුසිරිත වර්ණවත්
කිරීමට කැපවූහ. ජනශූන්‍ය, ගිරිදුර්ග, මහා වනාන්තර වෙනුවට ජනතාවට පහසුවෙන් ළඟාවිය
හැකි, වන්දනාකළ හැකි වන රොද සිය ශාසනික මෙහෙවර සඳහා උපයෝගී කරගත් උන්වහන්සේ මේ
සියලු කාර්යයන් ඉටුකරන ලද්දේ සැදැහැවතුන්ගෙන් ලද පුණ්‍යාධාර වලින් හා උන්වහන්සේගේ
පිරිවෙන් සේවාවෙන් ලද මුදල් වලිනි.
|