09 කොටස:
කළ කම් එනවා
අප පසු පස්සේ
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
" තමා කළ අකුසල කුසල කර්මවලින් ගැලවී සිටීමට ලෝකයේ කිසිදු පුද්ගලයකුට හැකියාවක්
නැත. බලය , ධනය , රූපය නිසා හෝ තමා කළ වරද සඟවා සිටිය හැකි බවට සාවද්‍ය මතය ඇතිවිය
හැකියි. එය සැබෑවක් නොවේ. අකුසලයේ හෝ පාපයේ හෝ බියකරු බවින් මිදී ජීවත්වන්නට
කිසිවකුටත් හැකියාවක් නැත."
එක්තරා පුද්ගලයෙක් සිටියේ ය. ඔහුට කිරි එළදෙනක විය. අසල්වාසීන්ට කිරි අලෙවි කළ
නිසාම කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ ගෙදර කිරි ගෙදර නමින් හැඳින්වි ය. කිරි අලෙවියෙන්
විශාල ආදායමක හිමිකරුවෙකු විය. ගමේ පන්සලේ ප්‍රධාන දායකයා ද ඔහුම විය. මී කිරි
නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ ගැටලුවක් ඇති විය. කිරිහට්ටියේ කිරි යොදය දුර්වර්ණ වීම
එයට හේතු විය. තරඟකාරී වෙළදාමේ දී එම ගැටලුව ඔහුට විශාල ප්‍රශ්නයක් ඇති කළේ ය.
වෙළෙඳ පොළේ ඉදිරියට යෑමට ඔහු කල්පනා කළේය. හට්ටියේ යොදයට අසිඩ් මිශ්‍ර කිරීම ඔහුගේ
තීරණය විය. කිරි හට්ටිය කෙතරම් ්කල් ඉකුත්වුව ද, කිරිහට්ටියේ යොදය දුර්වර්ණ වූයේ
නැත. කල්යාමේ දී ව්‍යාපාරය අතිශයින් දියුණු විය.
කාලයාගේ ඇවෑමෙන් ඔහුට කිසියම් උදරාබාධයක් ද හටගත්තේය. කෙතරම් වෛද්‍ය ප්‍රතිිකාර
ලබාගත්ත ද සුව නොවීය. බොහෝ කලක් ෙවිදනා වින්ඳ ද ඔහුට අසනීපයක් නොමැති බව වෛද්‍ය
නිගමනය විය. වෛද්‍යවරුන් එසේ ප්‍රකාශ කළ ද කල්යාමේ දී උදරාබාධයේ ෙවිදනා විඳිමින් ම
මරණයට පත්විය.
එක්තරා ගොවි බිරිඳක් සිටියේ ය. ඇය සැමියාට ඇඹුල රැගෙන යන විට බැල්ලක ඇය පසුපස ගියා
ය. ඇය පසු පස හැම තැනකම බැල්ල ද ගමන් කළා ය. ඇතැම් පුද්ගලයන් බැල්ලට ගල්කැට ආදියෙන්
ගැසුහ. එයින් ලජ්ජාවට පත් තැනැත්තිය දඬුමුගුරු ආදියෙන් තළාපෙලා බැල්ලිය එලවා දැමී
ය. එසේ වුව ද, නැවත බැල්ලිය ඇය පසුපසම යන්නී ය. සැමියාට අඹුල රැගෙන ගිය අවස්ථාවක දී
බැල්ලිය සමඟ කිපුණු ඇය සැමියාට ආහාර දී ලණුවක් සහ ආහාර ගෙනා මුට්ටිය ද ගෙන ඇළක් ළඟට
ගොස් මුට්ටියට වැලි පුරවා වැලි පිරවූ මුට්ටිිය බැල්ලියගේ ගෙලෙහි ගැටගසා ඇළට දැම්මා
ය. බැල්ලිය දියේ ගිලී මරණයට පත්විය.
එම පාපකර්මයෙන් අනන්ත කාලයක් සසරේ අපා දුක් විිඳ නැවත මනුස්ස ආත්මයක් ලබා නැවියකුගේ
බිරිඳ බවට පත්වූවා ය. භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ දැකීමට නැව්නැගී
පිටත්ව ගියහ.නැවෙහි කිසිදු දෝෂයක් නැතිවුව ද, නැව මුහුද මැද නතර විය. නැව පරීක්ෂා
කළ නාවිකයා නැව පරීක්ෂා කර බලා එහ්ි දෝෂයක් නොතිබි බැවින් නැව තුළ කිසියම්
කාලාකණ්නියකු ඇතැයි සිතා කුසපත් අද්දේ ය. තෙවරක් කුසපත් ඇදීෙමි දී තෙවරම නැව්
හිමියාගේ බිරිඳ කාලකණ්ණිය ලෙස තේරිණි.. කළ යුතු දෙයක් නැත. නැව් හිමියා තම බිරිඳ
අල්ලා සියලු ආභරණ ගලවා වැලි කොට්ටයක් බෙල්ලේ ගැට ගසා මුහුදට දැම්මීට අණ කළේය.සේවකයෝ
ද එම අණ එලෙසම පිළිපැද්දහ. නැව කිසිදු කරදරයකින් තොරව ඉදිරියට ගමන් කරන්නට විය.
එක්තරා සහෝදරයන් තිදෙනෙකු විය. ඔවුහු ජීවනෝපාය ලෙස මී පැණි අලෙවි කළෝය. වැඩිමහල්
සහෝදරයා ගම්දනව් පුරා ඇවිද එකතු කරන්නට යෙදුන මී පැණි දෙවෙනි සහෝදරයා රැගෙන ආවේ
ය.බාල සහෝදරයා මී පැණි අලෙවි කළේ ය. ඔවුහු ව්‍යාපාරයෙන් දියුණු වූහ. දිනක් පසේ
බුදුරජාණන් වහන්සේ නමක මී පැණි ස්වල්පයක් අවශ්‍ය වී මී පැණි සොයමින් පිඬුසිගා වඩින
විට ලැබුණ ආරංචියකට අනුව බාල සොහොයුරාගේ වෙළද සැලට පිඬුසිගා වැඩියහ. බාල සොහොයුරා ද
පසේ බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යථාව දැන මී පැණි කළයක්ම පූජාකොට එම පින්කමේ බල
මහිමයෙන් මට දඹදිව අගරජකම ලැබේවායි ප්‍රාර්ථනා කළේය. පසේ බුදුරදුන්ට මී පැණි පිළිබඳ
ආරංචිය ලබාදුන් ස්ත්‍රිය සිය සළුව පුජාකොට ඒ අගරජතුමාගේ අගබිසව වේවායි පැතී ය. පසේ
බුදුරජාණන් වහන්සේ සියල්ල පිළිගෙන අහසට නැගී වැඩම කළහ.
පසුකලෙක වෙළදාමෙහි ලාභ පාඩු පිරික්සීෙමි දී බාල සහෝදරයාගෙන් සිදුව ඇති පාඩුව විමසී
ය. ඒ පිළිබඳ විමසන විට තමා මී පැණි කළයක් පසේ බුදුරාජාණන් වහන්සේ නමකට ්පූජා කළ බව
පැවසී ය. එම බසට කිපී විඩිමල් සහෝදරයා එම්බල, බ්‍රාහ්මණ චණ්ඩලයෝ ද කාෂාය වස්ත්‍ර
පොරවාගෙන ඇවිදින්නාහුය. එබැවින් තොපගේ අතින් දන් පිළිගත්තේ චණ්ඬලයෙකු යැයි සිතමි
යි. කියමින් දොස් නැඟීය. පසේ බුදුරජාණන් වහන්සේ ගෙන ගොස් මුහුදින් එතෙරට දමවයි දෙවන
සොහොයුරා ද ප්‍රකාශ කළේය. දෙදෙනාගේ කේන්තිය නිවී ගිය පසු බාල සොහොයුරා වැඩිමහල්
දෙදෙනාට කරුණු පැහැදිලි කර දීමෙන් අකුසලය පිළිගෙන මී පැණි කළය පිදීමේ පින්
අනුමෝදන්ව සතුටු වූහ.
එම පින්කමේ මහිමයෙන් තිදෙනාම දෙව් මිනිස් සැප විිඳ බුද්ධ පරිනිර්වාණයෙන් පසු බාල
සහෝදරයා දඹදිව ධර්මාශෝක නමින් රජවිය. පසේ බුදුරජාණන් වහන්සේට මී පැණි අලෙවිසැළ
පෙන්වූ කාන්තාව ධර්මාශෝක රජුට අසන්ධිමිත්‍රා නම් අගමෙහෙසිය වූවාය. පසේ බුදුන්ට
චණ්ඩාලවාදයෙන් බැණ වැදුන සහෝදරයා චණ්ඩාල ග්‍රාමයක නිග්‍රෝධ වෘක්ෂ මූලයක උපත ලැබ
නිග්‍රෝධ සාමණේර නමින් ප්‍රසිද්ධ විය. පසේ බුදුන් මුහුදින් එතෙර දමන ලෙසට කී මද්දුම
සහෝදරයා මුහුදින් එතෙර වූ ලංකාවෙහි දේවානම්පියතිස්ස නමින් රජ විය. මේ තිදෙනාම ශාසනය
වෙනුවෙන් බුද්ධාගම වෙනුවෙන් මහත් සේවයක් කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
පෙර කරන ලද කර්මය පුද්ගලයා පසුපස හඹා විත් කර්මවිපාක ලබාදෙන බව බුදු දහමේ ඉගැන්වීම්
එම බණකතා තුළින් තහවුුරු වේ.
තමා කළ අකුසල කුසල කර්මවලින් ගැලවී සිටීමට ලෝකයේ කිසිදු පුද්ගලයකුට හැකියාවක් නැත.
බලය , ධනය , රූපය නිසා හෝ තමා කළ වරද සඟවා සිටිය හැකි බවට සාවද්‍ය මතය ඇතිවිය
හැකියි. එය සැබෑවක් නොවේ. අකුසලයේ හෝ පාපයේ හෝ බියකරු බිවින් මිදී ජීවත්වන්නට
කිසිවකුටත් හැකියාවක් නැත.
බෞද්ධයාගේ අවසාන පරමාර්ථය තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණීම ය. එබඳු
තත්ත්වයට පත් උතුමෙකුට වුව ද,පෙර කළ තමාගේ අකුසල කර්මවලින් මිදීමේ හැකියාවක් නැත.
එබඳු හැකියාවක් සහිත බුදුරජාණන් වහන්සේ පවා එම හැකියාව කර්මයෙන් ගැලවීම සඳහා
යොදාගනු ලැබුවේ නැත.
+ හේමමාලා රන්දුනු |