බාලපණ්ඩිත සූත්‍රය: කළ කුසල් සිහිවීම
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
මෙම ලිපියේ
තවත් කොටසක් ජූලි 06 දා පත්‍රයේ පළවිය
රජවරු අපරාධකාරයෙක්, හොරෙක් අල්ලගෙන ඔහුට විවිධාකාර දඬුවම් පමුණුවනවා. මීට පෙරදි
සඳහන් කළා වගේ දෙතිස් වද දෙනවා. මේවා සත්පුරුෂ නුවණැත්තාට දකින්නට ලැබෙනවා.
සත්පුරුෂ නුවණැත්තා කල්පනා කරනවා මම ඒ වගේ අපරාධ කරන්නේ නැහැ. ඒ නිසා මට නම් ඒ වගේ
කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා. මේ ජීවිතයේ දීම එයා සැප සොම්නස් විඳින දෙවැනි
කාරණය තමයි ඒක.
ඊළඟට සත්පුරුෂ නුවණැත්තා පුටුවක වාඩිවෙලා ඉන්න වෙලාවක, ඇඳක හාන්සිවෙලා ඉන්න වෙලාවක
එයා ඉස්සර සිතෙන් කයෙන් වචනයෙන් කළ පින් මැවිල පෙනෙන්න ගන්නවා. ඒකම තමයි හිතට මතු
වෙවී එන්නේ. ඒකම තමයි සිත වැළඳ ගන්නේ. ඒක මේ වගේ දෙයක් කියනවා. විශාල පර්වතයක ඡායාව
හවස් වෙද්දී පොළවේ වැතිරෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා සත්පුරුෂ නුවණැත්තාට ඉස්සර
කරපු පින් මැවිල පේන්න ගන්නවා. ඒකම තමයි සිත වෙලා ගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා
කරනවා සත්පුරුෂ නුවණැත්තාට මෙන්න මෙහෙම හිතෙනවලු. ඒකාන්තයෙන්ම මම පව් වැඩ කරල නැහැ.
රෞද්‍ර වැඩ කරල නැහැ. දුෂ්ටකම් කරල නැහැ. යහපත් දේවල්මයි මම කරල තියෙන්නේ. කුසල්මයි
කරගත්තේ. ඒ නිසා මට මරණින් මතු යන්න වෙන්නේ හොඳ සත්පුරුෂ අය උපදින තැනකට. පව් නොකළ
අය, දුෂ්ට වැඩ නොකළ අය පින් කළ අය උපදින තැනකට තමයි මට යන්න වෙන්නේ. ඒ නිසා එයා ශෝක
කරන්නේ නැහැ. ක්ලාන්ත වෙන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. පපුවේ අත් ගසමින් අඬන්නේ නැහැ.
සිහිමුලා වෙන්නේ නැහැ. එයා මේ ලෝකයේ සැප සොම්නස් විඳින තුන්වැනි කරුණ මේයැයි
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊළඟට සත්පුරුෂ නුවණැත්තා සිතෙන් කයෙන් වචනයෙන් යහපතෙහි යෙදිලා මැරුණාට පස්සේ දිව්‍ය
ලෝකයේ උපදිනවා. ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වූ, ඒකාන්තයෙන්ම කාන්ත වූ, ඒකාන්තයෙන්ම මනාප වූ,
තැනක් තියෙනවානම් ඒ තැන තමයි දිව්‍ය ලෝකය. ඒකාන්තයෙන්ම අමනාප තැන තමයි නිරය.
උපමාවක්වත් කියන්න ලෙහෙසි නැහැ කියනවා. එතකොට එක භික්ෂුවක් අහනවා ‘ස්වාමීනි අපට
උපමාවක් කියන්න බැරිද’ කියලා එවිට උන්වහන්සේ කියනවා පින්වත් භික්ෂුව ‘සක්විති රජ
කෙනෙක් ඉන්නවා කියනවා. ඒ සක්විති රජුට මාණික්‍ය හතක් ඒ වගේම සතර ආකාරයක සෘද්ධියක්
තියෙනවා කියනවා. ඒ නිසා එයාට සැපයක් සොම්නසක් ඇතිවෙනවා. මොනවාද එයාට ලැබෙන මාණික්‍ය
රත්න හත? ඔටුනු පළන් මේ රජු පුන් පොහෝ දවසක වතුර නාලා, පෙහෙවස් සමාදන් වෙලා,
උඩුමහලට වෙලා ඉන්නකොට දහසක් නිම් වළලු තියෙන, නැබ තියෙන මුළුමනින්ම පරිපූර්ණ වූ
දිව්‍ය වූ චක්‍ර රත්නය පහළ වෙනවා. එහෙම චක්‍ර රත්නය පහළ වෙන කෙනා තමයි සක්විති රජු
වෙන්නේ කියල මම අහලා තියෙනවා. එහෙනම් මම සක්විති රජ කෙනෙක් දෝ කියල මෙයාට හිතෙනවා.
එවිට ඒ ඔටුනු පළන් රජ්ජුරුවෝ අසුනෙන් නැගිටලා වම් අතෙන් කෙන්ඩිය අරගෙන දකුණු අතින්
අර චක්‍ර රත්නයට පැන් වඩනවා. චක්‍ර රත්නය කරකැවේවා! චක්‍ර රත්නය කරකැවේවා!
විශේෂයෙන් ඔබට ජය ලැබේවා! කියල පැන් වඩනවා. එවිට අර චක්‍ර රත්නය නැගෙනහිර දිශාවට
කරකැවී කරකැවී යනවා. සක්විති රජ්ජුරුවෝ සිව්රඟ සේනාව සමගින් පිටුපසින් යනවා. යම්
ප්‍රදේශයක චක්‍ර රත්නය නවතිනවා නම්, අන්න එතැන සක්විති රජ්ජුරුවෝ සිව්රඟ, සේනාව සමඟ
නවතිනවා. එවිට පෙරදිග දිශාවේ යම්කිසි විරුද්ධ රජ කෙනෙක් ඉන්නවානම් සක්විති රජු කරා
ඇවිත් කියනවා. ‘මහා රාජයාණන් වහන්ස වඩින්න. ඔබගේ පැමිණීම ඉතාම යහපත්. මේ රාජ්‍යයත්
ඔබගේ. කරුණාකර අපට අනුශාසනා කරන්න කියනවා. ඉතින් කිසි යුද්ධයක් නැහැ. සක්විති
රජ්ජුරුවෝ කියනවා. ‘ප්‍රාණ ඝාතය කරන්න එපා, සොරකම් කරන්න එපා, වැරැදි කාම සේවනයේ
යෙදෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න එපා කියලා කියනවා.
කාල බීල සතුටින් ඉන්න කියනවා. එවිට පෙරදිග දිශාවේ සක්විති රජුට සතුරුව යම්කිසි
රජෙක් සිටියානම් ඒ රජුගේ කීමට අනුව ජීවත් වෙනවා. ඔය විදියට චක්‍ර රත්නය නැගෙනහිර
සාගරයට වැටිල දකුණු දිශාවට කරකැවෙනවා. දකුණු සාගරයට වැටිල බටහිර දිශාවට කරකැවෙනවා.
බටහිර සාගරයට වැටිල උතුරු දිශාවට කරකැවෙනවා. සක්විති රජ්ජුරුවෝ සිව්රඟ සේනාව සමඟ අර
විදියටම ඒ ඒ ප්‍රදේශවල නතර වෙනවා.
ඒ ඒ ප්‍රදේශවල රජවරු පෙර පරිදිම පැමිණ කියනවා ඔබ වහන්සේගේ පැමිණීම බොහොම හොඳයි.
අනුශාසනා කරන්න කියනවා. එවිට ‘පන්සිල් රැකගෙන සතුටින් ඉන්න” මේ ඔබගේම රාජ්‍යයයි”
කියලා කියනවා. මේ ආකාරයට චක්‍ර රත්නය මේ මහ පොළවම දිනාගෙන ආපසු රාජධානියට පැමිණ
ඇතුල්නුවර දොරටුවේ කිසිවෙකුටත් සොලවන්න බැරි විදියට තැන්පත් වෙනවා.
ඊළඟට මේ සක්විති රජුට හස්ති රත්නයක් ලැබෙනවා. එයා සුදු පාටයි. සප්ත අංගයන් පොළවේ
වදිනවා. ඍද්ධිමත්. අහසින් යන්න පුළුවන්. උපෝසථ වර්ගයේ ඇත් රජෙක්. ඒ ඇතා දුටු පමණින්
සක්විති රජුගේ හිත පැහැදෙනවා. මේ ලස්සන හස්ති රාජයෙක්නෙ. දමනය කරගන්න තියෙනවානම්
හොඳයි කියලා හිතෙනවා. සිතූ ආකාරයෙන්ම ඒ අජානීය හස්තියා බොහෝ කාලයක් හොඳට දමනය වෙලා
ඉන්නවා.
ඉතිරි කොටස ඇසළ පුරඅටවක පෝදා
( ජූලි 19) පත්‍රයේ පළවේ.
- අයන්ති විතාන |