Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොල්ලුපිටිය, පල්ලිය පටුමඟ පදිංචි එම්.එම්. නජිම් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පුද්ගලයකු වේ නම් පහත දුරකථන අංකයකට අමතන්නැයි 076 9894797/ 072 8523161 ඉල්ලීමක් කෙරේ.

****

අංක 221 හපුගොඩ කඳාන පදිංචි ඩිනේෂ් ලසන්ත ගුණසේකර (44) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර හැකි ඉක්මනින් “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බව කියයි. “ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යගශීලී පින් කැමැති අයෙකුවේ නම් 077 3611945 යන දුරකථන අංකයට අමතන ලෙස ඒ මහතා ඉල්ලීමක් කරයි.

****

344/සී, අශෝකාරාම පාර, ආඬිඅම්බලම ලිපිනයේ පදිංචි එස්.ඩී.පී. නන්දනී මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රිය වීම, නිසා ඇයට “ඒ” වර්ගයේ හෝ “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. එබැවින් ඉහත සඳහන් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු වේ නම් 011 2256686 / 071 6469432 යන දුරකථන අංකවලට අමතන මෙන් ඇයගේ සැමියා ඉල්ලීමක් කරයි.

****

කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වන දිල්කි ප්‍රනාන්දු (අවු. 39) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයගේ වකුගඩු දෙකටම බරපතළ ලෙස හානි පැමිණ ඇති බැවින්, වකුගඩුවක් බද්ධ කළයුතු බව ලංකා හොස්පිට්ල්හි විශේෂඥ වෛද්‍ය සුජිත් සෝමයියා මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඇයට අවශ්‍ය වන්නේ “ඕ හෝ බී” වර්ගයේ වකුගඩුවකි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් සිටී නම් ඇයගේ සැමියා වන නීල් රොෂාන් මහතාගේ 0777 202021 යන දුරකථන අංකයට අමතන ලෙස ඔහු ඉල්ලීමක් කරයි. අංක. 25, අලුත් පාර, වෙන්නප්පුව යන ලිපිනයෙන් ද විමසීම් කළ හැකි ය.