Print this Article


අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ට පින් අනුමෝදන් කෙරේ

ගිරාඹේ ආනන්ද නාහිමියන් සමරා පින්කම්

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නාහිමියන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී ඉකුත් දා (16) ආගමික වැඩසටහන් රැසක් පැවැත්විණි.

ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධාන දායකයෙකුවන මංජුල පතිරණ මහතා විසින් එම මහඟු පින්කම් සිදු කරනු ලැබූහ. (16) දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත කිරි ආහාර පාත්‍ර පූජාවක් සිදුකර දෙසිය පනස් දෙනෙකු (250) පමණ සහභාගීත්වයෙන් සීල භාවනා වැඩසටහනක් ද දිනකට පින්කම් හත (07) බැගින් හතළිස් දෙවතාවක් හේවිසි පූජා සිදුකරමින් කාව්‍යමය දම්දෙසුම් හතක්, සත් බුදු වන්දනා, ධර්ම දේශනා හතක්, භාවනා වැඩසටහන් හතක් ද කිරි ආහාර පූජා හතක් ද ආදී පින්කම් මාලාවක් ද පවත්වනු ලැබිණි.