Print this Article


යටපාන සිරි ජිනරතන දහම් පාසල

යටපාන සිරි ජිනරතන දහම් පාසල

නාවලපිටිය ගඟ ඉහළ කෝරළේ උඩහෙන්තැන්න යටපාන ශ්‍රී ජිනේද්‍රාරාමයේ මීට වසර 51කට පෙර දරු දැරියන් සුළු පිරිසකින් ආරම්භ කළ සිරි ජිනරතන දහම් පාසල මේ වන විට දරු දැරියන් එකසිය පනහක් පමණ ඉගෙනුම ලබති. ගුරු මහත්ම මහත්මීන් දොළොස් දෙනකුගෙන් සමන්විත ව පවත්වාගෙන යයි.

මෙහි විහාරාධිපතිව සිටි මොරගොල්ලේ ජිනරතන හිමි මෙය ආරම්භ කර ඇත. නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු වත්මන් විහාරාධිපති හිටපු විදුහල්පති ගඟ ඉහළ ශාසන රක්ෂක බල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන නාවලපිටියේ සරණ ජෝති හිමියන් ශාසනික සමාජීය සේවා රැසක් ඉටු කරමින් මෙම යටපාන තියඹරාඔය උඩහෙන්තැන්න ගල්කඩුල්ල පැල්ලපිටිය මාරකන්ද ඇල්ලෙගොඩ ගම්මානවල දෙමාපියන්ගේ දරුවන් යහ මඟට ගැනීමට දිවා රෑ වෙහෙසෙති.

දරුවන්ගේ ආගමික දැනුම වඩා වර්ධනය කිරීම සඳහා ආගමික සංස්කෘතික වැඩ සටහන් පවත්වමින් සමාජයට වැඩ ඇති දරුවන් තරුණ පිරිසක් බිහි කිරීමට නාවලපිටිය සරණජෝති හිමියන් සමත්ව ඇත. මාසිකව සිල් සමාදන් කරවීම සතියකට වරක් පන්ති මට්ටමින් පින්කම් පැවැත්වීම ජාතික ආගමික සංස්කෘතික කටයුතුවල නිරතවීම කරන අතර මතින් තොර ගමක්, විනය ගරුක ගමක් බිහි කරන්න මෙම දහම් පාසල කටයුතු කරයි.
 

ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ගුරු මඬුල්ල
 
ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ගුරුවරුන් සහ ශිෂ්‍යනායක මඬුල්ල
 
දහම් පාසල් සිසුවියන් පිරිසක්
 
දහම් පාසල් සිසු දරුවන් පිරිසක්