2) පනස් හයවන වරටත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ
සාධු නාද මැද පොසොන් පෝදා (27) පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙනි.
මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්රමුඛ
මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී අති
උත්කර්ෂවත් ලෙස ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවැනි දින වූ පසුගිය 27වනදා ජනාධිපතිතුමා සහ
අග්‍රාමාත්‍යතුමා පුදබිම ආලෝකවත් කළ අවස්ථාව
ආලෝක පූජාව දෙවන දිනයේ දී(27) විවෘත කිරීමෙන් අනතුරුව මිහින්තලා රජමහා විහාරයේ දී
දන්සලක් විවෘත කිරීම හා සැදැහැවතුන් සඳහා දානය පිළිගැන්වීම ද අගමැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී. හැරිසන්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති
රංජිත් සියඹලාපිටිය, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානී බණ්ඩාර මහත්ම
මහත්මීන් ප්‍රාදේශීය සභා නියෝජිතයන් , ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද්
කුරේ මහතා ඇතුළු කර්තෘ මණ්ඩල අධ්යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා සහ
අධ්යක්ෂවරුන් වන දුෂ්‍යන්ත බස්නායක සහ උමා රාජමන්ත්රී, රේ අබේවර්ධන,
සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම්
කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූහ. |