Print this Article


අධිසිල් ලබති

අධිසිල් ලබති

පල්ලව දම්පිටිය පුරාණ විහාරය, හංහමුණව දහයියාගල ශ්‍රී ශෛලතලාරාමය, කුඹල්ලුව ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ආණමඩුව මරියාගම ශ්‍රී සාමබෝධි විහාරය යන සිව් මහා විහාරාධිපති විචිත්‍රභාණි කිඩපොල සද්ධානන්ද හිමිපාණන් වහන්සේගේ සහ තත් විහාරාධිවාසී ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විශාරද මඩුගල්ලේ රතනවංස හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජකීය පණ්ඩිත අම්පිටිගම සුදස්සී සාමණේරයන් වහන්සේ සහ රත්මලේ රතනසේල මහ පිරිවෙණෙහි උසස් අධ්‍යාපනයෙහි නියුතු රාජාංගනේ මහින්දානන්ද සාමණේරයන් වහන්සේ මෙම මස 22 දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයෙහි දී අධිසීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවනු ලබති. උන්වහන්සේලා පිළිගැනීමේ උත්සවය මෙම 23 දින සවස 2.30 ට දහයියාගල ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී සිදුකරනු ලැබේ.

අම්පිටිය සුදස්සි පොඩි හාමුදුරුවන් වහන්සේ 2013 වර්ෂයෙහි පැවැත්වූ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් සමස්ත ලංකාවෙන් ම ප්‍රථම ස්ථානයත් 2017 වර්ෂයේ පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් කුරුණෑගල දිස්ත්‍රික් දෙවන ස්ථානයත් හිමි කරගත්හ. උන්වහන්සේ ආණමඩුව අම්පිටිගම ආර්.එම්.එම්. කපිල බණ්ඩාර මහතාගේ සහ ඩී.එම්. නන්දාවතී මහත්මියගේ පුත්‍රරත්නය වෙති. රාජාංගනේ මහින්දානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ රාජාංගනයේ පදිංචි එල්.ඒ. මුතුබණ්ඩා මහතාගේ සහ යූ.ආර්. යසවතී මැණිකේ මහත්මියගේ පුත්‍රරත්නය වෙති.