අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු):
බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ
ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (2)
කුරුණෑගල දඹුල්ල පාර
ශ්‍රී සාරානාත් මහා විහාරාධිපති
කුලියාපිටිය සාරානාත්
විද්‍යාලයේ
හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
(අ) ඍග්වේදයේ පුරුෂ ශුක්තයට අනුව බ්‍රාහ්මණ නිර්මාණවාදය ගෙන හැර දක්වන්න
නිර්මාණවාදය යන්නේ මැවීමක් පිළිබද ව අදහස් කරනු ලබයි. එනම්, විශ්වාය හා සත්ත්වයා යන
සියල්ල කිසියම් සැලැස්මකට අනුව මවන ලද බව යි. විශ්වය හා ප්‍රජාව මැවීම කරන ලද්දේ
මහා බ්‍රාහ්මයා ය. ඔහුට අපරිමිත බලයක් තිබුණි. බමුණන්ගේ විශ්වාසයට අනුව නිර්මාණකරු
වූ මහා බ්‍රහ්මයා සර්ව බලධාරී ය, සර්ව ව්‍යාපී ය, සර්වඥ ය, සර්ව දර්ශී ය,
සර්වතෝභද්‍ර ය, සර්ව වාග්පථාතීර්ණ ය, සර්ව භෞම ය මෙබඳු අපරිමිත ශක්තියකින් හා
බලයකින් මහා බ්‍රහ්ම සමන්විත ය. ඔහු විසින් සියල්ලම නිර්මාණය කරන ලදැ’යි යන අදහස
ඍග්වේදයේ සඳහන් ව ඇත.
(ආ) මනුස්මෘතියේ දැක්වෙන පරිදි බ්‍රාහ්මණ හා ක්ෂත්‍රීය වර්ණයන්ට නියමිත ස්වධර්මයන්
ගෙනහැර දක්වන්න.
මනුස්මතියේ දැක්වෙන පරිදි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් යැ’යි සලකනු ලබන
බ්‍රාහ්මණවංශිකයන්ට පැවැරුණු කාර්යයන් වශයෙන් මනුස්මතිය 38 ශ්ලෝකයේ දක්වා ඇත්තේ
මෙසේ ය.
අධ්‍යාපන මධයනං -
යජනං යාජනං තථා
දානං ප්‍රතිග්‍රහණං චෛව - බ්‍රාහ්මණෝනාම කල්පයත්
ඒ අනුව ඉගෙනීම, ඉගැන්වීම, ගාය කිරීම, යාග කරවීම, දන්දීම, දන් පිළිගැනීම යනු
බ්‍රාහ්මණ ස්වධර්මයෝ ය.
මනුස්මතියේ 89 ශ්ලෝකයෙන් ක්ෂත්‍රීයන්ගේ ස්වධර්ම මෙසේ දැක්වේ.
ප්‍රජානං රක්ෂණං දානං – මිජ්ඣාධ්‍යයන මේවච
විෂයේශ්ව ප්‍රශක්තිශ්ව –
ක්ෂත්‍රියස්‍ය සමායත
ඒ අනුව ඔවුන්ට නියමිත වූයේ ප්‍රජා පාලනය, දන්දීම, යාග කිරීම, ඉගෙනීම, කාමයෙහි නොඇලී
ක්‍රියාකිරීම යන කාර්යයන් ය.
(ඇ) බ්‍රාහ්මණ ඉගැන්වීම් විස්තර කරන වෛදික සාහිත්‍යයට අයත් ග්‍රන්ථ පහක් නම් කරන්න.
වේද නොහොත් වෛදික සාහිත්‍යයට අයත් ග්‍රන්ථ පහක් නම් කරන්න.
වේද නොහොත් වෛදික සාහිත්‍යයට අයත් ග්‍රන්ථයෝ නම්
1. ඍග් වේදය
2.යජුර් වේදය
3.සාමන් වේදය
4. අතර්වන් වේදය
5. මනුස්මතිය යනු එම ග්‍රන්ථයන් ය.
(ඈ) වේද සාහිත්‍යටය අනුව ඉන්දීය ඉතිහාසයේ යුග බෙදෙන ආකාරය ලියා දක්වන්න
1. වේද යුගය
2. බ්‍රාහ්මණ යුගය
3. ආරණ්‍යයක යුගය
4. උපනිශද් යුගය යනු එම යුගයන්
ය.
(ඉ) වෛදික යුගයේ පුද පූජාවන්ට පාත්‍ර වූ දෙවිවරු නම් කරන්න
1. අග්නි 2. මරුත් 3. චන්ද්‍ර
4. සූර්යය 5. පර්ජන්‍ය 6.මේඝ
7. විජ්ජු 8. ඌෂස් 9.පෘථිවි
10. වරුණ
3) (අ) පංචහීනකුල නම් කරන්න.
බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව සමාජය ප්‍රධාන කුල හතරකින් නිර්මාණය වී ඇත. එහි හතරවන
කුලය ශුද්‍ර කුලය යි. එම ශුද්‍ර කුලය ද නැවත කුල පහකට පංචම කුල නමින් බෙදා දක්වා
ඇත. එනම්,
1. වෙණ – කුළුපොත්තන්
2. නේෂාද – දඩයක්කරුවන්
3. රථකාර – රථ සාදන්නන්
4.පුක්කුෂ – කසළ ශෝධකයන්
5. චණ්ඩාල - සැඬොලන්
(ආ) බමුණන් විසින් හඳුන්වා දෙන ලද ආපද් ධර්මය නම් කුමක්දැ’යි පැහැදිලි කරන්න.
මනුස්මෘතියෙහි අලුත් පරිච්ඡේදය ආපද් ධර්ම පරිච්ඡේදය යි. එයින් හඳුන්වා දී ඇත්තේ
ආපදා අවස්ථාවක දී ඉහළ කුලවල අයට තමන්ට වඩා පහළින් ඇති කුලයන්හි කාර්යයන් කළ හැකි බව
යි. ඉහළ වංශිකයන්ට පහළ කාර්යයන් කළ හැකි වුව ද පහළ කුලවල අයට ඉහළ කුල අයගේ කාර්යයන්
කළ නො හැකි ය. උදාහරණ වශයෙන් බ්‍රාහ්මණ වංශිකයන්ට ක්ෂත්‍රීය කාර්යයන් ද ක්ෂත්‍රීයන්
ට වෛශ්‍ය කාර්යයන් ද කළ හැකි ය. ශුද්‍රයන් ද ආපද් ධර්මයක් නොමැත. |