Print this Article


යටියන ශ්‍රී සුධර්මාරාමයේ දී ධර්ම දේශනා මාලාවක්

යටියන ශ්‍රී සුධර්මාරාමයේ දී ධර්ම දේශනා මාලාවක්

යටියන ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති යටියන සද්ධාතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි හසලක සුමනතිස්ස හිමියන්ගේ මෙහෙයවීමෙන් 8 වෙනි වරටත් සතර පේරුවේ සැදැහැවත් දායක දායිකාවන්ගේ උපකාර මත මෙවරත් මැයි මස 20 වන දින සිට 29 වන දින දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 20 වන දා ශාස්ත්‍රවේදී දෙනිපිටියේ සුධම්ම හිමි, 21 වන දා කාව්‍ය විශාරද කිවිපති පන්නල ඤාණාලෝක හිමියන් සමඟ, කාව්‍යමය ධර්මදේශනාව කාව්‍ය විශාරද මහබුලන්කුලමේ ගුණරතන හිමි, 22 වන දා කොළඹ 7 අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථාන වාසී බෝගහවැව රතන හිමි, 23 වන දා අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානවාසී බොරැල්ලේ මංගල හිමි, 24 වන දා සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති මොරාවත්තේ සුබෝධි හිමි, 25 වන දා යාගොඩමුල්ල සද්ධාතිස්ස පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති පේරවැල්ලේ ශීලානන්ද හිමි, 26 වන දා සද්ධර්ම වාචිස්සර කාව්‍ය විශාරද මහබුලන්කුලමේ ගුණරතන හිමි, සමඟ කාව්‍ය විශාරද කිවිපති අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුන් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව, 27 වන දා වල්පල චේතියාරාමාධිපති ශාස්ත්‍රපති කිඹුලාපිටියේ සද්ධානන්ද හිමි, 28 වන දා කොළඹ 7 අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බොරැල්ලේ අතුල නා හිමි, 29 වන දා සම්මාජීව බෞද්ධ ආශ්‍රමවාසී ඕවිටියගම විසුද්ධි හිමි යන හිමිවරුන් දම් දෙසුම් පවත්වති. දිනපතා සවස 06.00 සම්බුද්ධ පූජාව පැවැත්වේ.

සංවිධායක – වීරසිංහ මහතා ප්‍රමුඛ එක්සත් තරුණ බෞද්ධ සංගමය මගිනි