Print this Article


උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතිකා කාරක සංඝසභාවේ උපසම්පදා විනය කර්මය ජූනි 22 – 23 දිනවල

උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතිකා කාරක සංඝසභාවේ උපසම්පදා විනය කර්මය ජූනි 22 – 23 දිනවල

උඩරට අමරපුර මහ නිකායේ සාසන ජෝතිකා කාරක සංඝසභාවේ වාර්ෂික උපසම්පදා විනය කර්මය උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය නුවරඑළියේ චන්දජෝති මහානාහිමියන්ගේ සහ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම, වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 22 සහ 23 යන දිනයන්හි මහනුවර ගැටඹේ ආසන්න වරාතැන්න සිරිමහ බෝධි උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වේ.

උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් පෙර පුහුණුව ජූනි මස 15,16,17 යන දිනවලදී ද උපසම්පදා පරීක්ෂණ විභාගය ජූනි මස 17 වෙනි දින පැවැත්වෙන අතර උපසම්පදා අපේක්ෂක අයදුම්පත් බාර ගැනීම මැයි මස 01 සිට ජූනි මස 05 දක්වා සිදු කෙරේ. නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍ර, ලේඛකාධිකාරී ශ්‍රී සුගත මහා විහාරය මැදවල හාරිස්පත්තුව යන ලිපිනයට එවිය යුතු බව සම ලේඛකාධිකාරීන් වන පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස නාහිමියන් සහ ශාස්ත්‍රපති මාදිපොල ධම්මික හිමියන් නිවේදනය කරන ලද බව කාරක සභික ද්විතීය අධිකරණ සංඝනායක, පිරිවෙන්පති ශාස්ත්‍රවේදී පණ්ඩිත බටුගොඩ සංකිච්චායන හිමියෝ සඳහන් කරති.