වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන
නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 25
සම්බුදු ගුණමහිම: සොවින් තැවෙනවාද ?
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
කෙනෙකුට මනුස්සයෙක් ලෙස ජීවත්වෙන්නට පින් තියෙනවා. තව පින් තිබිය දී හදිස්සියේ ම ඒ
අතරතුර මිය යනවා. එවැනි මරණයකට අපි කියන්නේ කම්මක්ඛය මරණය කියලයි. ආයුෂයි කර්මයයි
දෙකම ගෙවි ගොස් මිය යනවා. ඒ වගේ ම ආයුෂයත් තිබියදී, මනුස්සයෙක් විදිහට ජීවත්වෙන්න
පින් තිබියදී හදිස්සියේ සිය දිවි නසා ගැනීමෙන් හෝ ස්වභාවික විපත් වලින් මිය යනවා.
එතකොට මේ මරණය කියන එක උපච්ඡේදක මරණය ය යි. මරණය මොහොතක් මොහොතක් පාසා අපට දුක ඇති
කරවන දෙයක්. පි‍්‍රය පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න වෙනවා. මවුපියන්ගෙන් ඈත්වෙන්න
ලැබෙනකොට, ඥාතීන්ගෙන් ඈත්වෙන්න ලැබෙන කොට අපට දුකක්. සමහර වේලාවට ඒ ඇත්තෝ මරණයට
පත්වීම දරාගන්න බැරි දුකක්. අපි ඒ පුද්ගලයන්ගෙන් ඈත් වෙනවා. පටාචාරාවට එකම දවසේ
තමන්ගේ දරුවො දෙන්නයි ස්වාමිපුරුෂයයි, මව්පියෝ දෙන්නයි. සියලු දෙනා නැති වුණා.
අන්තිමට තමන්ගේ ඇඳිවතත් තමන්ට
තියෙනවා ද කියලා දන්නේ නැති තරම්. බුදුරජාණන් වහන්සේ
නොසිටින්න. එතුමිය අද අපායේ, කිසාගෝතමි තමන්ගේ එකම දරුවාගේ මළ කඳ වඩාගෙන සුවපත්
කරගන්නට ගියා. පුදුම ශෝකයක්. නමුත් තථාගතයන් වහන්සේ නිසා එතුමියත් එදා නිවන්
දැක්කා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ. මේ කියන්නෙ මොකක්ද පි‍්‍රය පුද්ගලයන්ගෙන්
ඈත්වීම දුකක්. නමුත් මේ පි‍්‍රය පුද්ගලයන්ගෙන් ඈත් වෙනවා. අපි‍්‍රය පුද්ගලයෝ
කියන්නේ අසත්පුරුෂයෝ. අපි දන් දෙනවා නම්, දන් දෙන්නෙ නැති කෙනෙක් එක්ක එකතු වුනොත්
මොකද වෙන්නෙ. අපට ඒක කරදරයක්. අපි සිල් සමාදන් වෙලා, සිල් ආරක්ෂා වෙලා, සිල්
රකින්නට කැමති කෙනෙක් ළඟට ඊට අකැමැති කෙනෙක් ආවොත් මහා දුකක්. මේ තමයි අපි‍්‍රය
පුද්ගලයන් හා එකතුවීම එය දුකක්. ඊළඟට කැමති දේ නොලැබීම, දැන් ඔය ඇත්තො කැමතිද ලෙඩ
වෙන්ට?.ඔය ඇත්තෝ කැමතිද වයසට යනවට? නෑ වයසට ගියත් හිතන්නෙ තරුණ ව ඉන්නයි. ඔය ඇත්තො
කැමති ද පි‍්‍රය පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න. ඔය ඇත්තෝ කැමති ද නරක පුද්ගලයෝ ඇසුරු
කරන්න.නෑ. ඔය ඇත්තෝ කැමතිද මැරෙන්න නෑ. අකැමැත්තෙන් නමුත් අපි වයසට යනවා.
අකැමැත්තෙන් නමුත් අපි ලෙඩ වෙනවා. අකැමැත්තෙන් නමුත් අපි මරණයට
පත්වෙනවා.අකැමැත්තෙන් නමුත් අපට පි‍්‍රය පුද්ගලයන්ගෙන් ඈත්වෙන්ට සිද්ධ වෙනවා.
අකැමැත්තෙන් නමුත් අපට අපි‍්‍රය පුද්ගලයෝ සමඟ එකතු වෙන්න සිද්ධ වෙනවා. ලැබීමකින් හෝ
නොලැබීමකින් අකැමැත්තෙන් නමුත් අපට ලාභයක් ලැබෙන්න පුළුවන්. අලාභයක් ලැබෙන්න
පුළුවන්. ප්‍රශංසාවක් වෙන්න පුළුවන්. නින්දාවක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ම
දුකයි. ඊළඟට.
පංච උපාදනස්කන්ධය ම දුකයි. පඤ්ච උපාදනස්කන්ධය කියන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා,
සංකාර, විඤ්ඤාණ කියන උපාදානස්කන්ධය,රූප,වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, කියන
උපාදනස්කන්ධ පහක් අපට නිරන්තරයෙන් දුක් ඇතිකරන දෙයක්. අපේ ශරීර කූඩුව ගැන හිතන්න.
මේ රූපයට මැස්සෙක් ,මදුරුවෙක්, විද්දත් දුකක්. ශරීර කූඩුවම පංචස්කන්ධ කූඩුවම දුකක්.
අපායට ගියත් අපායේ ඉන්න ඇත්තන්ටත් මේ පඤචස්කන්ධය දුකක්. මනුස්ස ලෝකයේ ඉන්න
මනුස්සයන්ටත් මේ පඤ්චස්කන්ධය දුකක්. දිව්‍ය ලෝකයේ ගියාම දිව්‍ය ලෝකයෙත් මේ
පඤ්චස්කන්ධය දුකක්. බ්‍රහ්ම ලෝකයට ගියාම බ්‍රහ්ම ලෝකයෙත් මේ පඤ්චස්කන්ධය දුකක්.
මොකද? කවදා හරි ඒ ඒ ආත්මවල හිටියට පින් ඉවර වුණහම වෙනත් වෙනත් පාපලෝකවලට යන්න
වෙනවා. ඒකයි දුක,
තමන් කරගන්න මේ පින් හේතුකරගෙන මේ පින් බලයෙන් අපේ ජීවිත ඔසවනවා කොහේටද? කාම
ලෝකයෙන් රූප ලෝකයට, රූප ලෝකයෙන් අරූප ලෝකයට භවයෙන් භවයට අපි ඔසවාගෙන යනවා. මේ භවයේ
කෙළවර දක්වා අපි යනවා. හැබැයි නැවතත් දුකට පත්වෙනවා. ඇයි?
බුදුපියාණන් වහන්සේ මේ කිසිම භවයක් ස්ථිර කළේ නෑ. දැන් හිතන්න. අපි අද මනුස්සයන්වී
ඉන්නවා. ඊළඟ ආත්මෙත් මනුස්ස ආත්මයක් ලැබෙයි ද? ඒක ස්ථිරයි ද? නෑ. ඊළඟ ආත්මයේ හොඳ
දිව්‍ය ලෝකයට යන්න ලැබෙයිද කියන්න බෑ. මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ කර්මානුරූපව, ඒක
නිසා මතක තියාගන්න. මේ පඤ්චස්කන්ධ කූඩුව සතර අපායේ තිබුණත් ගෙන දෙන්නේ දුකමයි.
මනුස්ස ලෝකයේ තිබුණත් දුකමයි. දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තිබුණත් දුකමයි. මොකද මේ
ආයුෂ කෙළවර ඒවායෙන් පිටවෙලා නැවත පහළ ලෝකවලට එන්න සිද්ධ වෙනවා. හැම වෙලාවේ ම දුකයි
ගෙන දෙන්නෙ. එයයි දුක්ඛ සත්‍ය, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්ස, උපායාස, වශයෙන් ද මෙම
දුක විස්තර වේ. ශෝකය කියල කියන්නෙ මොකක්ද? හිත ඇතුළෙන් එන දැවීම, හිත ඇතුළෙන් එන මේ
දුක කඳුළු බවට පත්වෙනවා .එයයි පරිදේවය. හිත ඇතුළෙ තියෙන දුක ඇතිවෙන්නේ ඒ මානසික
දුක්ඛ වේදනාවන් නිසා, කායික දුක නිසාත්, ඇතිවෙනවා, මානසික දුක. උපායාස කියලා
කියන්නෙ මොකක්ද? දෝර ගලන්නාසේ කඳුළු වැටිලා, වැටිලා, වැටිලා, සිහි කල්පනාව නැතිව
වැටෙනවා. “චතුර භාජනයක් උණුකරනවා වාගේ” දැන් ඔය ඇත්තන්ට පුරුදු ඇති. වතුර කේතලයත්
ලිපේ තියලා පත්තු කරලා තියෙනවා නේද? එක පාරට ඔන්න මුලින් ම පැහෙනකොට සූ ගාලා
ශබ්දයකින් පැහෙන්න පටන් ගන්නවා. අර මුල් අවස්ථාව තමයි ශෝකය. උතුරලා ටික වේලාවකින්
ටික ටික පිටාර ගලන්න පටන් ගන්නවා. එය පරිදේවය, සම්පූර්ණයෙන්ම වතුර හිඳිලා යනවා. එය
උපායාසය, එතකොට එහෙනම් අපට ශෝකය හටගන්නේ කොහොමද? ඤාති විපතක්, භෝග විපතක් වැනි
දෙයකින්.
එහෙනම් ඥාතීන් නිසා, භෝග නිසා, රෝග නිසා ඒවාගේ නොයෙක් නොයෙක් ව්‍යසන නිසා, ආපදා
නිසා, අපට ශෝකය හටගන්නවා. අපේ ඥාති කෙනෙක් අපෙන් වෙන් වුණොත්. ශෝකය හටගන්නවා. අපේ
ළඟ තියන වස්තුව, ධනය නැතිවුනොත් ශෝකය හටගන්නවා. නොසිතූ වේලාවට ලෙඩ දුක් රෝග ආබාධ
ඇති වුනොත් ශෝකය හටගන්නවා. මොනයම් ව්‍යසනයක් හරි බාධාවක් හරි ඇතිවුණොත් ඒ වේලාවට
ශෝකය හටගන්නවා. පරිදේවයත් එහෙමයි. ඥාතීන් නිසා, රෝග නිසා බෝග නිසා ආදී ලෙස මේ වගේ
සම්පත් නැතිවෙන කොට, තමන් කැමති දේවල් තමන්ට නැතිවෙන කොට පරිදේවය හටගන්නවා. ඊළඟට
උපායාසයත් එහෙමයි. කායික දුක. මානසික දුක. එතකොට මේ හැම දෙයකටම පින්වතුනේ අපි
කියන්නෙ දුක්ඛ සත්‍ය කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව පිරිසිඳ මේ
ධර්මතාව දැනගත්තා. මේ දුක්ඛ සත්‍ය මනාව අවබෝධ කරගත් නිසා අපි කියනවා. සම්මා
සම්බුද්ධ කියලා. |