දුවේ පුතේ,
ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව
අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා
සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය
හැකි ය.
****
පැන විසඳුම්
ජයග්‍රාහකයා
සදහම් අරණ පැන විසඳුම් තරගයට මේ අයත් නිවැරැදි විසඳුම් එවා තිබුණා.
ඒ. සිතුම්දි සදෙස්නා, තිසරි උපාද්‍යා අබේසිංහ, චමත්කා නෙත්මිණි අබේසිංහ, සංදීපන
මනුජය බාලසූරිය. කේ.ඒ. උමේෂා සෙත්මිණි. කිසාන් රන්සික අමරසිංහ, එස්. පූර්ණිමා
කල්‍යාණි,බී.ශිහානි මලීෂා
වඩාත් හරවත්ව සහ නිවැරැදිව පිළිතුරු එවු අක්කරපනහේ අරියචන්ද හිමියෝ ජයග්‍රාහකයා ලෙස
තේරී පත්වූහ.
1. තෙරුවන් සරණගිය පළමු උපාසක සහ උපාසිකාවෝ - බරණැස් නුවර සිටුතුමා සහ යස මහරහතන්
වහන්සේගේ මව සහ ගිහි කල බිරිඳයි.
2. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අත්හළ යුතු අන්ත දෙක – කාමසුඛල්ලිකානු
යෝගය සහ අත්ථකිලමථානු යෝගය.
3. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න.
ඇසළ පොහෝ දා , බරණැස ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය
පැවැත්වීමට සූදානමින් වැඩ සිටි සේක. ධර්ම ශ්‍රවණයට සූදානම් වූ පස්වග තවුසන්
ඉදිරියෙන් වාඩි වී සිටියහ. දෙවියන්, බඹුන් එහි රැස්වූහ. බුදුරජාණන් වහන්සේ පස්වග
තවුසන් අමතමින් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එහිදී මේ සසර දුකින් එතෙර
වන්නට යන තැනත්තා විසින් අත්හල යුතු අන්ත දෙක ලෙස කාමසුඛල්ලිකානු යෝගය (ශරීරයට අධික
සැප දෙමින් දුක යටපත් කිරීම) සහ අත්ථකිලමතානු යෝගය (ශරීරයට අධික දුක දෙමින් දුකෙන්
දුක නැසීම) ලෙස වදාළ සේක.
පළමුව මෙම අන්ත දෙකෙන් වෙන් ව මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය
අනුගමනය කළයුතු බවත්, එය සතර ආකාරයකින් යුතු චතුරාර්ය සත්‍ය ලෙස වදාළ බුදු හිමියෝ
දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ
නිරෝධගාමිනිපටිපදා ආර්ය සත්‍ය ලෙස විග්‍රහ කළහ.
මේ ලෝකයේ මිනිසුන් මුහුණ දෙන දුක් දොළසකි. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම,
අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නො ලැබීම, අකැමැති දේ
ලැබීම මෙම පඤ්චස්කන්ධය මමය, මාගේ ය, මාගේ ආත්මය යැයි අල්ලා සිටීම දුකක් බවත්,
සත්ත්වයා මේ දුක්වල හිර වී සසර සැරිසරන බවත්, රෝගයක් වේ නම් එයට නිදානයක් තිබෙන්නා
සේ දුකට ද හේතුවක් ඇති බව වදාළහ. දුක නම් තණ්හාව යි. සත්ත්වයා ඉපදෙමින් මැරෙමින්
යන්නේ මේ තණ්හාව නිසා ය. පස්කම් රසයෙහි ගිජුකම (කාම තණ්හා) නැවත නැවත ඉපදෙමින්
පැවතීමේ කැමැත්ත (භව තණ්හාව) ජීවිතය මරණින් අවසන්ය යන විශ්වාසය හා ඊට කැමැත්ත (විභව
තණ්හා) ලෙස විස්තරාත්මකව වදාළ භාග්‍යවතුන් වහන්සේ නිවන සඳහා ඇති එකම මඟ සොයාගෙන ඒ
ආර්ය අෂ්ඨාංගි මාර්ගය වදාළ සේක. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා,
සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙනි.
බෞද්ධයාගේ ප්‍රතිපදාව මෙයයි. මෙය නිවැරැදි ලෙස තේරුම්ගෙන ඒ මඟ ගමන් කිරීමෙන්
ඒකාන්තයෙන් ම නිවන අවබෝධ කළ හැකි බව උන්වහන්සේ වදාළ සේක.
අක්කරපනහේ අරියචන්ද හිමි
2 ශ්‍රේණිය
සුගතසාසනෝදය මහ පිරිවෙන ගාල්ල
****
කලණ මිතුරා
යහපත් කල්‍යාණ මිතුරා සියලු දෙයින් ගුණ යහපත් වූ පුද්ගලයා ය. හෙතෙම සිත, කය, වචනය
යන තිදොරින් ම සංවර වූවෙකි. කිසිවිටෙකත් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් හෝ, වෙන යම් පටු
අදහසින් හෝ මිතුරන් ආශ්‍රය නො කරන්නෙකි. යහපත් කල්‍යාණ මිතුරා තවකෙනෙක් ඇසුරු
කරනුයේ ඔහුට ද යහපතක් වනු දැකීමට ය. ඒ පිළිබඳ ඉගැන්වෙන ශ්ලෝකයක මෙසේ සඳහන් ය.
“උසස් මිනිසුන්ගේ ඇසුර කවරෙකු ගේ නම් උන්නතිය සිදු නො කරන්නෙක් ද? නෙළුම් පතෙහි
පිහිටියා වූ දිය බිඳු මුතු ඇටවල ශෝභාව දරන්නා සේ ය.
බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කලණ මිතුරු ඇසුර නිවන් පිණිස හේතුවෙයි. ඒ සඳහා
පූර්වාදර්ශයක් සපයන කථා පුවතක් ලෙස කෝලිත, උපතිස්ස දෙදෙනාගේ කලණ මිතු දම සිහිපත් කළ
හැක. දිවි ගමනේ කුමන අවධියක පසු වුවද, කලණ මිතුරු ඇසුර ඒ සැම මොහොතක ම අවැසි බව
සිහිතබා ගත යුත්තේ ය. එහි දී වැදගත් වන්නේ මිතුරාගේ වයස හෝ තරාතිරම නොව උතුම්
ගතිගුණ යි.
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පතන ඔබ පළමුව, තමන් තුළ කලණ ගුණ දම් ඇති කර ගත යුතු ය . එවිට
එබඳු මිතුරන්ගේ ආශ්‍රය ඔබට නියත වශයෙන් ලැබෙනු ඇත. සසර නම් වු විෂ සහිත ගසෙහි අමා
ඵල දෙකක් ඇත. එනම් සුභාෂිතයන්ගේ රස විඳ ගැනීම සහ සත්පුරුෂ ඇසුර ය.
කිරිඉබ්බන්ආරේ අමිලධම්ම හිමි
පූර්ව ප්‍රවේශය ( 5) වසර
විද්‍යාලංකාර මහපිරිවෙන
කැලණිය
****
පුණ්ණ මන්තාණිපුත්ත තෙරුන් වහන්සේ
පුණ්ණ තෙරුන්ගේ ජාත භූමිය කිඹුල්වත අසළ වූ ද්‍රෝණවත්ථු නුවර යි. ඔහුගේ නාමය පුණ්ණ
වූ අතර, මවගේ නාමය මන්තානි හෙයින් පසු කලක උන්වහන්සේ පුණ්ණ මන්තාණිපුත්ත යන නාමයෙන්
ප්‍රකට විය. ගිහි නෑකමින් මාමා කෙනෙකු වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් උන්වහන්සේගේ
ආචාර්යවරයා ය. පුණ්ණ තෙරුන්ට පන්සියයක් පමණ ශිෂ්‍ය භික්ෂු පිරිසක් සිටි අතර, ආනන්ද
තෙරුණුවෝ සෝවාන් ඵලයට පත්වූයේ පුණ්ණ තෙරුන්ගෙන් බණ අසාය. පුණ්ණ මන්තාණිපුත්ත
තෙරුන්ගේ නිවැරැදි, නිරවුල්, සුන්දර බණ ඇසූ බොහෝ තෙරුන් වහන්සේලා උන්වහන්සේ පිළිබඳ
පැහැදුන සේක. එමගින් උන්වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ බලවත් ප්‍රසාදයට පත් වූ
සේක. එවකට බඹසර වෙසෙන භික්ෂූන් වහන්සේට පුණ්ණ තෙරුන් දකින්නට ලැබීිමත්, ඇසුරු
කරන්නට ලැබීමත් මහත් වූ ලාභයකි. උන්වහන්සේ ගේ මනා නිවැරැදි, නිරවුල් කතා විලාශයටත්,
චතුර කථිකත්වයටත් නිසි තැන ලබා දුන් බුදුරජාණන් වහන්සේ ධර්ම කථිකයන් අතර
අග්‍රස්ථානයට පත් කළ සේක. උන්වහන්සේගෙන් අපට ගත හැකි ආදර්ශය ලෙස ගුණවතුන්ගේ ගුණ
අවංකව පැවසීම, යහපත් ගතිගුªණ ඇතිකර ගැනීම, අන් අය නිවැරැදි මාර්ගයට යොමු කිරීම වැනි
දෑ ගත හැකිය. අපද එම උදාර ශ්‍රාවක පුත්‍රයන් වහන්සේගේ ගුණ සමුදායෙන් බිඳක් හෝ අපගේ
ජීවිතයට එකතු කර ගනිමු.
මොවිදු ලෝචන විතානාච්චි
10 ශ්‍රේණිය
ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම
****
බුදුසරණ
සදහම් අරණ
ළමා සමාජයේ සාමාජිකයෝ
වටගොඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී විසුද්ධානන්ද දහම් පාසලේ
දරු දැරියන් සදහම් අරණ සාමාජිකත්වය ඉල්ලුම් කොට තිබුණි.
235. කේ.එච්.කසුන් මධුසංඛ 11 ශ්‍රේණිය
236. ඩබ්.ජී. භානුක ප්‍රභාත් 11 ශ්‍රේණිය
237. කේ.ජී. ඉමාෂා සත්සරණි 11 ශ්‍රේණිය
238. කේ. කේ. ඉන්දිකා පි‍්‍රයදර්ශනි 10 ශ්‍රේණිය
239. බී. ජී. අවිශ්ක දිල්ෂාන් 9 ශ්‍රේණිය
240. ටී. එම්. දේශානි රසාංජලි 9 ශ්‍රේණිය
241. පී.ඩී.ජී. මල්ෂා මින්දුලි 9 ශ්‍රේණිය
242. වයි. එම්. පි‍්‍රයන්තිකා 8 ශ්‍රේණිය
243. බී.ජී. පවනි හංසමානි 7 ශ්‍රේණිය
245. බී.ජී.පී. සසුනි විහගනා 7 ශ්‍රේණිය
246. පී.කේ. චතුමි අමාෂා 6 ශ්‍රේණිය
247. ටී.එම්. අමාෂා උමන්දි 5 ශ්‍රේණිය
248. මයුරි කාවින්ද්‍යා 5 ශ්‍රේණිය
249. ඩබ්.එල්. චලනි බුද්ධිකා සමන්මලි 6 ශ්‍රේණිය
250. කේ.එච්. නදුනි මධුභාෂිනි 6 ශ්‍රේණිය
251. පී. එච්. හර්ෂණ දිල්ෂාන් 7 ශ්‍රේණිය
252. යූ.කේ. පසින්ත දිල්ෂාන් 11 ශ්‍රේණිය
253. ඩී. එම්. ප්‍රබෝධ සෙතුම් දිසානායක 7 ශ්‍රේණිය
254. යූ.එල්. සෙව්වන්දි ස්වර්ණමාලි 11 ශ්‍රේණිය
255. ඩබ්. ජී. ලහිරු සඳරුවන් 11 ශ්‍රේණිය
සංස්කරණය - නයනා නිල්මිණි |