සෝමවතී මහ සෑ රදුන් පිදීමේ විශේෂ පුණ්‍යමහෝත්සවය
පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති
සියම් මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ
නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
විශ්‍රාමික කථිකාචාර්ය හා වැඩ බැලූ අංශාධිපති
ආචාර්ය
පහමුණේ සුමංගල නා හිමි
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන්කොට ඇති
පොළොන්නරුවේ (ඉපැරණි රුහුණේ) සුපිහිටි ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා පොළොන්නරුවේ සිට
උතුරු දෙසට කිලෝ මීටර් 40 කට දුරින් සේරු නුවරට ආසන්නව මහවැලි ගඟ දෙසට බස්නාහිරින්
(ඉපැරණි මහවැලි ගඟට නැගෙනහිර දෙසින්) පිහිටා ඇත.
ජිනකාලිමාලි ,ධාතුවංශ ආදි ඓතිහාසික ග්‍රන්ථවල එන තොරතුරු අනුව සෝමවතී දේවිය හා ගිරි
අභය කුමරු මෙම සෝමපුරයට පැමිණෙන විට මිහිඳු මාහිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ (60)
හැට නමකින් හා සංඝාවාස 60 කින් සමන්විතව දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබූ බවත්
එම සංඝාවාස හැටක නටබුන් අද ද සෝමවතී චෛත්‍ය රාජයාට නැගෙනහිරින් අඩි 1000 කින් එහා
ඇති ප්‍රාකාරයෙන් පිටත වැලිමළුවේ දක්නට ඇති අතර අභිලේඛන අනුව පශ්චිම නාගාරාමය (රජින
නක අරබ) නමින් සඳහන් වන අයුරින් ඉතා දියුණු විහාරස්ථානයක් බවට පත්ව තිබිණ.
ඒ වන විට භික්ෂූන් වහන්සේ හැට නමකින් සමන්විත පශ්චිම නාගාරාම නම් විහාරයෙහි දාගැබක්
නොතිබු හෙයින් එම අඩුව සම්පූර්ණ කිරීමට සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු මිහිඳු මා
හිමියන්ගෙන් ලැබුණු අවසර ඇතිව චෛත්‍යරාජයා ඉදිකිරීමට පටන් ගත්හ.
එම දාගැබෙහි නිදන් කිරීමට ධාතුන් වහන්සේලා ලබාදෙන ලෙස මිහිඳු මා හිමියන්ට ආරාධනා කළ
මොහොතෙහි තමන් වහන්සේට නාගපුරයෙහි ජයසේන නම් නාග ගෝත්‍රික රජතුමා ගෙන් නාග ලෝකයෙහි
ජයසේන නම් නාග රාජයාගෙන් ලැබී මෙතෙක් වැඳ පුදාගෙන ආ බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර
දකුණු දළදා වහන්සේ සෝමවතී දේවියට එම සෑයෙහි නිදන් කිරීම සඳහා පරිත්‍යාග කළ බවත් එම
මොහොතෙහි දළදා වහන්සේගෙන් විහිදුන බුද්ධ රශ්මි මාලාවන් (අද දක්වාම සෝමවතී චෛත්‍ය
රාජයා තුළ නිදන්කොට ඇති එම දකුණු දළදා වහන්සේගෙන් නිකුත්වන බුද්ධි රශ්මි මාලාවන්
සියැසින් දැක ඡායාරූපවලට ලබාගෙන රූපවාහිනි පුවත්පත් ආදි ජන සන්නිවේදන මාධ්‍ය තුළින්
සමස්ත ලෝකයටම පෙන්වීමට හැකිවීම එම සිද්ධිය සනාථ කරයි) සියැසින් දුටු සෝමවතී දේවිය
හා ගිරිඅභය කුමරු අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සැට රියන් බුබ්බුලාකාර ලෙස
චෛත්‍යරාජයා ඉදිකොට “මණි අගිය” (අග්‍රගණ්‍ය මාණික්‍යය) යන නම් තබා දාගැබට
නැගෙනහිරින් අඩි 1000 දක්වා සලපතළ මළුව සහිතව බස්නාහිරටත් එසේම අඩි 600 ක් (ඉපැරණි
මහවැලි ගඟ සමීපය දක්වාම සලපතල මළුව සහිත සුවිශාල ප්‍රාකාරයකින් හා ඒවටා දිය අගලින්ද
ඉන් ඇතුලත ප්‍රාකාර බැම්මෙහි ආරක්ෂක වාහල්කඩ දොරටු 4 සහිතව ආරක්ෂක විහාර සහිත දොරටු
17 කින් හා මිණිඅගිය නම් පෝය ගෙය ද සෝම නම් පස් පිළිම විහාරයකින්ද සමන්විතව ඉතා
දර්ශනීය හා ආරක්ෂිත විහාරයක් බවට පත්කර ඇති ආකාරය දැනට හමුවී ඇති ඓතිහාසික හා
පුරාවිද්‍යා සාධක අනුව මැනවින් පැහැදිලි වේ.
මෙතැන් පටන් අපේ සිංහල රජවරු මෙම මණිඅගිය හෙවත් සෝමවති විහාරස්ථානය වැඩිදියුණු
කරමින් සුරක්ෂිත කළ අයුරු සෝමවතී චෛත්‍යරාජයා සමීප මළුවෙහි හා චෛත්‍ය රාජයාට
කිලෝමීටරයක් පමණ දුරින් මාර්ගයේ දකුණු පැත්තේ ඇති දිග්ගෙහි දක්නට ඇති අභිලේඛන
තුළින් මොනවට පැහැදිලි වේ.
සෝමවතී චෛත්‍යරාජයා සහිත මණිඅගිය නම් පෝය ගෙයකින්ද සෝම නම් පස් පිළිම විහාරයකින් හා
ආරක්ෂිත සුවිශාල ප්‍රාකාර බැමි, ගෝපුර, අට්ටාල ආදි විවිධ ගොඩනැගිලිවලින් සමලංකෘතව
සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු විසින් ඉදිකරවන ලද මෙම විහාර සංකීර්ණය තව තවත්
වැඩිදියුණු කරමින් සුවිශාල කෙත්වතු හා රාජකීය ජලමාර්ග සෑදු ආකාරයත්, ක්‍රි.ව. 164
වන විට එකී විහාර ගොඩනැගිලි නැවත සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය කොට අභයගිරියෙන් පවා
භික්ෂූන් වැඩමවා මෙම විහාරස්ථානය ආරක්ෂා කිරීමට රාජකාරි ක්‍රමය පනවමින් එම රාජකාරි
කඩකළහොත් කහවනු 500 ක් දඩ නියම කරමින් කණිට්ඨතිස්ස රජතුමා ශිලා ලේඛන 03 ක් පිහිටුවා
මෙම ස්ථානය වැඩිදියුණු කළ ආකාරය ද පැහැදිලි වේ.
පොළොන්නරු යුගයේ අවසාන භාගයේදී මාඝ චන්ද්‍රභාණු ආක්‍රමණ නිසා රජවරු සහිත මහජනයා
දඹදෙණිය රාජධානිය කරගෙන පැමිණීමෙන් පසු පොළොන්නරු, ප්‍රදේශය මහජනතාවගෙන් තොරවීම
නිසා ස්වභාවධර්මය අනුව මහවැලි ගඟ ගැලු මාර්ගය ද වෙනස් විය.ගජබා රජතුමා සෝම නගරය
මැදින් කපන ලද රජ ඇළ පසු කාලයේ දි වර්තමානයේ දක්නට ඇති මහවැලි ගඟ බවට පත් වූ අතර
ඉපැරැණි ගඟ ගොඩවීම නිසා එදා රෝහණයට අයත්ව ඉපැරණි මහවැලි ගඟෙන් නැගෙනහිර පැත්තේ තිබු
සෝමවතී චෛත්‍ය රාජයා වර්තමානයේ දී දැනට ගලා බසින මහවැලි ගඟට බස්නාහිර පැත්තෙහි
පවතී.
කරුණු මෙසේ හෙයින් මෙවන් මහ ඝන කැලයේ මැද වනගත වූ මෙම සෝමවතී චෛත්‍ය රාජයා 1946
වර්ෂයේදී සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික සිරිමල්වත්තේ
ශී‍්‍ර පියරතන නාහිමි හා රාජකීය පණ්ඩිත පහමුණේ ශී‍්‍ර ගුණානන්ද අනු නා හිමියන්
ඇතුළු මල්වතු මහා විහාරයීය මහා සංඝරත්නයත් මහනුවර හා පොළොන්නරු ප්‍රදේශයේ සිංහල හා
මුස්ලිම් පිරිසත් සහ සම්බන්ධ වී එම ස්ථානය සොයාගැනීමෙන් අනතුරුව එවකට පැවති
ඉංගී‍්‍රසි රජයේ ද අනුග්‍රහය ලබාගෙන එළිපෙහෙලි කටයුතු සිදු කොට 1966 වසරේ මුල්ගල්
තබා චෛත්‍යරාජයාගේ අභිනව ප්‍රතිසංස්කරණය කටයුතු සියල්ල නිමකොට 1981 ජුලි 04 වන දින
කොත් පළඳවා මහජනතාවගේ පූජෝපහාරයන්ට පත්විය .
1983 දී ඇතිවූ ත්‍රස්තවාදි කලබල නිසා ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වු මෙම ස්ථානය වෙත
2002 පෙබරවාරි 20 වන දින එවක රජය අනුග්‍රහයෙන් මහාඝන කැලය මැදින් පාර සකස්කොට ළඟාවී
එතැන් පටන් සංරක්ෂණ කටයුතු ආරම්භකිරීම නිසා අද පවත්නා තත්ත්වයට පත්කර ගැනීමට
හැකිවිය. මේ වන විට වසර 50 ක ට පමණ පෙර සිදු කරන ලද චෛත්‍යරාජයාගේ කපරාදුව වාර්ෂිකව
ජලයෙන් යටවීම නිසා බොල් වී වේයන් මතුවෙමින් කෑලි වශයෙන් ගැලවී ගස් පවා ඇලවීමට හේතු
විය. එවන් අවස්ථාවක ගම්පහ සම්පත් සමරකෝන් මහතා සහසම්බන්ධ වී මහ ජනතාවගේ ආධාර
උපකාරයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා පුර්ණ අධීක්ෂණය අනුව චෛත්‍ය රාජයා
සම්පූර්ණයෙන් කපරාදුකොට මල්ආසන ද ඒ අයුරින් ම කපරාදු කොට දර්ශනීය අන්දමින් සකස්
කිරීමට හැකිවිය.
නැවතත් චෛත්‍යරාජයාණන් වහන්සේට පෙර අයුරින්ම වැඳුම් පිදුම් කිරීම සඳහා ප්‍රමාණවත්
අයුරින් සකස් කරගන්නා මොහොතේ මෙම 2018 අපේ‍්‍රල් 01 වන දින සර්වරාත්‍රික පරිත්‍රාණ
ධර්ම දේශනාවක් පවත්වා දෙවන දින සාංඝික මහා දානයක් පිරිනමමින් මෙම චෛත්‍ය ස්ථානය
ඉදිකළ රාජරාජ මහාමාත්‍යාදීන්ට හා වර්තමානය දක්වාම මෙම ස්ථානය වැඩිදියුණු තත්වයට
පත්කිරීමට උදව් උපකාර කළ සෑම රජයකම ජනාධිපති ,අගමැති හා මැතිඇමැතිවරුන් ආදි කොට ඇති
සැමදෙනාටත් ලක්දිව නන් ප්‍රදේශවලින් සහ සම්බන්ධ වූ සැදැහැවත් මහජනතාවටත් පින්
අනුමෝදන් කිරීමේ මහා පුණ්‍යෙීත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. |