බෝසත්
දරුවන්ට:
සංවර වදනේ මිහිරියාව
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, පසුගිය පසළොස්වක පොහොය දින නරක වචන, ඇනුම්පද කියන්න හොඳ නැති බව
පුංචි ඔබට බුදුසරණ පුවත්පතින් කියා දුන්නා මතකයි නේද? නන්දිවිසාල කියන ගව පැටියා
ගැනත් කිව්වනේ. නන්දිවිසාලගේ ස්වාමියා, ඒ කියන්නේ අයිතිකරු නන්දිවිසාලට හරිම
ආදරෙයි. තමන්ට උදවු උපකාර කරන මේ සතා හරියට තමන්ගේ දරුවෙකු ලෙසයි ඔහු සිතුවේ. මේ
ස්වාමියා ඒ දිනවල බොහොම අසරණවයි සිටියේ. මිල මුදල් ප්‍රශ්න. ඉතින් මේ ගැන මේ සතාට
හරිම දුකයි. නගරයේ ඉන්නවා ඔට්ටු අල්ලන කෙනෙක්. ඉතින් දවසක් නන්දිවිසාල තමන්ගේ
ස්වාමියා ළඟට ගිහින් කියනවා නගරයට ගිහින් අර ඔට්ටු අල්ලන පුද්ගලයාත් සමඟ ඔට්ටුවක්
අල්ලන්න කියල. ඉතින්, ස්වාමියාත් අසරණ වී සිටිය නිසා අකැමැත්තෙන්, අපහසුවෙන් වුණත්
ඒ අදහසට කැමැති වුණා. ඒ වගේම ඔහුට තමන්ගේ නන්දිවිසාල ගැන හරිම විශ්වාසයි. ඉතින්
කහවණු දහසකට ඔට්ටුවක් ඇල්ලුවා. එහෙත් දරුවනේ, දිනුවොත් කහවණු දහසක් ලැබෙනවා වගේ ම,
පැරදුණොත් තමන්ගේ අතින් කහවණු දහසක් දෙන්න ඕනෑ.
තරග කරන දිනය එළැඹුණා. ගැල් පන්සියයක බඩු පුරවා එකට ගැට ගහලා. ඔන්න දුවේ පුතේ, මේ
වේලාවේ නන්දිවිසාලගේ ස්වාමියාගේ සිතට මුදල් ගැන ලොකු ලෝභකමක් ඇතිවුණා. ලෝභයෙන් මත්
වුණා. ඒ සිතිවිල්ල සමඟ නන්දිවිසාල තමන්ගේ දරුවෙක් වගේ කියන හැඟීම අමතක වුණා.
ගැල් පන්සියයේ පළමුවැනි ගැලෙහි නන්දිවිසාල ගැට ගසා, විශාල කෝටුවක් අරගෙන ‘ඇදපිය
ගොනෝ’ කියලා නරක වචනයෙන් කිව්වා. දරුවනේ, නන්දිවිසාල සෙළවුණේවත් නෑ. තමන්ගේ
ස්වාමියාගේ සැර වචන දරා ගන්නට බැරි වුණා. සිතට ලොකු දුකක් දැනුණාම සමහර වෙලාවට අපේ
පපුව හිරවෙනවා වගේ දැනෙනවා නේද? ඒ වගේ ම, නන්දිවිසාලටත් අර වචන නිසා විශාල අපහසුවක්
දැනුණා. හිතේ තිබුණු මහා ශක්තිය නැතිව ගියා. ගැල් පන්සියය තබා එක ගැලක්වත් ඇදගන්න
බැරිවුණා. ඉතින් මොකද වුණේ? අර ස්වාමියා ඔට්ටුවෙන් පරාද වුණා
දුටුවා නේද දරුවනේ, නරක වචන ඉදිරියේ සතුන් පවා දුර්වල වෙනවා.
ඒත් නන්දිවිසාලට තමන්ගේ ස්වාමියා ගැන දැන් පෙරටත් වඩා දුකයි. නැවත ඔහු ළඟට ගියා.
නැවත ඔට්ටුවක් අල්ලන්න කිව්වා. මේ වතාවේ කහවණු දහසක් නොවෙයි, දෙදහසක්.
‘මේ වතාවේ නම් මම ගැල්ටික අදිනවාමයි. ඒත් ඔබ මට වෙනදා වගේ පුතේ කියලා ආදරයෙන් කතා
කරන්න ඕනෑ. ඒ වචනවලින් මට ලොකු ශක්තියක් ලැබෙයි” කීවා.
ස්වාමියාට තමන් කළ වරද අවබෝධ වුණා. නන්දිවිසාල නහවා පිරිසුදු කළා. මල්මාලා පළඳවා
ඔට්ටුව පවත්වන තැනට රැගෙන ගියා.
එදා වගේ ම ගැල් පන්සියයක බඩු පුරවා පළමුවැනි ගැලෙහි නන්දි විසාල ගැට ගැසුවා. ‘යමු
මගේ පුතේ’ කියලා ආදරයෙන් හිස අතගෑවා.
නන්දිවිසාලගේ හිතට ඒ වචනවලින් මහා ශක්තියක් ලැබුණා. බඩු පුරවා තිබුණු ගැල් පන්සියය
ඇදගෙන ගියේ බලා සිටිය දහසක් දෙනා පුදුම කරවමින්. ඔවුන්ගේ ඔල්වරසන් හඬ මැද්දේ.
යහපත්, ආදරණීය වචනයේ බලය මොනතරම් ද?
ඒ නිසා දරුවනේ, තමන්ගේ අම්මට, තාත්තට කිසිම වෙලාවක සැර පරුෂ වචනයෙන්, නරක වචනයෙන්
කතා කරන්න එපා. ඒ අයගේ සිත් රිදෙනවා. කිසිම කෙනකු ඉදිරියේ එවැනි වචන කියන්න එපා.
යම් මොහොතක එවැනි වචන මුව තුළට ආවේ නම් ඒවා වහාම පාලනය කරගන්නට ඕනෑ.
ඊළඟට අපි කතා කරන්නේ හිස් වචන ගැන. සමහර වෙලාවට නිකරුණේ, කිසිම ප්‍රයෝජනයක් නැතිව
කතා කරමින් සිටිනවා දැක තිබෙනවා නේද? වෙලාවක්, අවේලාවක්, තැනක් නොතැනක්, නැතිව
තමන්ගේ වැඩ කටයුතු මඟ හරිමින් මේ වගේ කරන කතා හිස්වචනයි. .එවැනි වචන කීමෙනුත්
අකුසල් සිදුවෙනවා. මේ නිසා කට තිබුණු පමණට වචන හසුරුවන්නට හොඳ නෑ.
මුගලන් මහරහතන් වහන්සේ ගැන ඔබ අසා තිබෙනවා නේද? දිව්‍ය ලෝකවලට , පේ‍්‍රත ලෝකවලට
වැඩම කරලා ඒ පිරිස් විඳින මහා සැප සම්පත්, අපමණ දුක් වේදනා ගැන අපට කියා දෙන්නට
උන්වහන්සේට අසීමිත හැකියාවක් තිබුණා. ඔන්න දරුවනේ, දවසක් මුගලන් මහරහතන් වහන්සේ
පේ‍්‍රත ලෝකයට වැඩම කළා. ඉතාම ලස්සන පේ‍්‍රතියක් එහි සිටියා. ‘පේ‍්‍රත ලෝකයේ ලස්සන
පේ‍්‍රතයෝත්, ඉන්නවාද?’ ඔව් දරුවනේ, එහෙම අයත් ඉන්නවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ
මේ පේ‍්‍රතියගෙන් විමසුවා මෙපමණ ලස්සන, දිලිසෙන ශරීරයක් ලැබුණේ කෙසේද කියලා.
“අනේ ස්වාමින් වහන්ස, පෙර මම ශරීරය මෙහෙයවා කිසිම අකුසලයක් කළේ නෑ. ඒ නිසා මට ලස්සන
සිරුරක් ලැබුණා” ඇය පැවසුවා.
“ලස්සන ශරීරයක් තිබුණාට ඔබගේ මුහුණ නො පෙන්වන්නේ ඇයි?” මුගලන් රහතන් වහන්සේ නැවත
විමසුවා.
“ඒකම තමයි ස්වාමීන් වහන්ස, මගේ අකුසලය, මම වචනයෙන් බොහෝ අකුසල් කළා. කේළාම්, බොරු
කිව්වා. ඇණුම්පදමයි පිට කළේ. දැන් මගේ මුහුණ හරියට ඌරු පැටවකුගේ වගේ. කාටවත් මුහුණ
දෙන්නට නොහැකියි. ඔබ වහන්සේ මිනිස් ලෝකයට ගිහින් කියන්න වචනයෙන් අකුසල් කරන්න එපා
කියලා” .ඇය පැවසුවා.
ඉතින් අපි නැවත ලබන 15 දා අමාවක පෝදා බුදුසරණ පුවත්පතින් මේ වගේ බණ කතා ගැන තවත්
දැන ගනිමු.
මේ සම්බන්ධව ගැටලුවක් වේ නම්,විස්තර දැන ගන්න තිබෙනවා නම් අපට ලියා එවන්න. ‘බෝසත්
දරුවන්ට’ බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයයි.
- රමණී සුබසිංහ |