Print this Article


පහන් සිතක කවි

ප්‍රතිලාභ

මෙලොව ජය ලබන්නට කරමු ආයෝජනය
පැතුම් ගොනු රැසක්වී මුලාවේ ජීවිතය
එලොව වෙනුවෙන් සිතා කරමු ආයෝජනය
නැවතිලා සසර මග ජය ගනියි ජීවිතය


බුදුන් පුදන මලක්

ගස මතම පරවෙන්න පිපි මලක් නොවෙමි මම
සාලයක බඳුන මත සිරවූ මල නොවෙමි මම
ලඳක වරලසක දවටන මල ද නොවෙමි මම
මඟුල අවමඟුල සරසන මලක් නොවෙමි මම

සිල්වතෙකු දෝතින් බුදු හිමි පුදන සුපිපුණු මල
බුදු ගුණය වනනසේ සුවඳ පතුරනා මල
කෙමෙන් පරවී යමින් අනියතය වඩන මල
ලොව දහම පහදන්න පිපුණු පින් ඇති මල


බුදු මග සුරකිමි

ආරිය සිංහල බොදු සිරිතට සේ
කාරිය පන්සිල් පද සුරැකෙන සේ
වීරිය භව ගමනින් ගොඩ එන සේ
දහිරිය ගමි තෙරුවන නිති සිරසේ

ඉසි, කෝ, මානය කුමටද සිත්සේ
රිසි සේ දන් පැන් පුද දෙමි දවසේ
විසි පෙර යහ හෙළ බොදු විරුවන් සේ
කිසි දින බුදුමග නොහරිමි මනසේ