වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන
නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20
චුතිය හා ප්‍රතිසන්ධිය අතර
අන්තරාභවයක් තිබෙනවා ද?
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා.
විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම්
පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ
හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා,
තණ්හා, උපාදාන පහළ වුණා.
ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා
අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා.
ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ
යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස
ආත්මයක් ලැබූ නිසා
තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න,
කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.
ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි,
අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ
වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත
කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත
අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා
කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.
වර්තමානයේ මහා උගත් සම්භාවනීය ඇත්තො ඉන්නවා. භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා. ගිහි
ඇත්තොත් ඉන්නවා. මේ ඇත්තො අන්තරාභවයක් ගැන කතා කරනවා. තථාගත සම්මා සම්බුදු
බුදුපියාණන් වහන්සේ ගේ බුද්ධ දේශනාවතුළ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරාභවයක්
තියනවා කියලා නෑ. ඒ විතරක් නෙවෙයි තුන්වෙනි ධර්ම සංගායනාවේ දී මොග්ගලීපුත්ත තිස්ස
මහා රහතන් වහන්සේගෙන් ඔය අන්තරාභව ප්‍රශ්නය අහනවා එක්තරා භික්ෂු කණ්ඩායමක්.
නමුත් ඒ වේලාවේ උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. ථේරවාදී ශාසනයතුළ එහෙම දෙයක් නැහැ.
ඒ කියන්නේ අද ගොඩක් දෙනෙක් අන්තරාභවය කියා කියන්නේ මෙලෙස යි. එනම් පාවෙන ආත්මයක්
ගැනයි. මිය ගිය කෙනා ඔන්න උඩ ඉන්නවා. මෘත ශරීරයට කරන දේ දිහා බලාගෙන. අම්මා, තාත්තා
අඬනවා. ඔයවගේ දේවල් තමයි මේ අන්තරාභවය කියන ඇත්තො කියන්නේ. ඒ අන්තරාභවය නෙමෙයි. ඒක
පරදත්තූපජීවි කියන ප්‍රේත ආත්මය යි.
පරදත්තූපජීවි කියන ප්‍රේත ආත්මයකින් තමයි ඒ බලාගෙන ඉන්නෙ. එයත් ප්‍රතිසන්ධියක්.
එහෙම නම් චුතියෙන් පස්සේ ප්‍රතිසන්ධිය සිද්ධ වෙනවා. ඒ ප්‍රතිසන්ධි අවස්ථාව තමයි අපි
විඤ්ඤාණය කියා කියන්නෙ. සංස්කාරයෙන් පස්සේ විඤ්ඤාණ හටගන්නෙ ඒකයි. ප්‍රතිසන්ධි
විඤ්ඤාණය පහළ වී චිත්තක්ෂණ දහහතක් ගියාට පස්සේ භව නිකන්තික කියා ලෝභ චිත්ත වීථියක්
පහළ වෙනවා. ඒ කියන්නේ, මේ භවයට ඇලෙන මනෝද්වාරික චිත්ත වීථියක් පහළ වෙනවා. ලෝභ මූල
චිත්ත වීථියත්. ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් චිත්ත වීථි පහළවෙමින් මුලින් හට ගත්ත කලල
අවස්ථාව තමයි වර්ධනය වී දරුවෙක් බවට පත් වෙන්නේ. විද්‍යාවෙන් කියනවා සිත පවතින්නෙ
මොළයේ කියා. ඒ කතාව පිළිගන්නට පුළුවන් ද?
දරුවෙක් මව්කුසේ පිළිසිඳ ගන්න කොට මව්පියන්ගේ සම්බන්ධතාවයෙන් ඒ ගර්භාෂය තුළ යමක්
තැන්පත් වෙනවා. ඉන් පසු ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහළ වෙනවත් එක්ක ම ඒ ඇතිවුණ දේ කලලයක්
බවට පත් වෙනවා. එවිට මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය කලලයක් බවට පත්වෙන කොට එතන ඇතිවෙනවා
රූප වර්ග තුනක්. කාය දශක, භාව දශක, වත්ථු දශක කියා. කාය දශක කියා ඒවා හැඳින්වෙනවා.
ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්‍රිය, කාය
ප්‍රසාද යන රූප දහයේ මිටියටයි. භාව දශකය කියා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ,
ගන්ධ, රස, ඕජා, ජිවිතින්ද්‍රිය භාව රූපය. එහෙනම් ප්‍රතිසන්ධි අවස්ථාවේදී ම තීරණය
කරලා ඉවරයි ස්ත්‍රියක් ද, පුරුෂයෙක් ද, කියා. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව රූපය,
පුරුෂයෙක් නම් පුරුෂ භාව රූපය. වත්ථු දශක නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ,
රස, ඕජා, ජීවිතින්ද්‍රිය, හෘද වස්තුවයි.
එහෙනම් හෘද වස්තුව ඇසුරු කරගෙන තමයි ප්‍රතිසන්ධි සිත පහළ වන්නෙ. එතකොට දැන් මෙතන
මොළයක් කියා එකක් තියනවා ද? එතකොට දරුවෙක් මව්කුසේ පිළිසිඳ ගෙන මාස 03ක් ගිය පසු
තමයි මොළය සකස් වෙන්නේ.
එහෙනම් මේ මොළය ඇසුරු කරගෙන නෙමෙයි සිත් පරම්පරාව පහළ වන්නෙ. මේකට කාරණාවක් තියනවා.
ඇස කන නාසය දිව ශරීරය කියා ප්‍රධාන දොරටු පහක් තියෙනවා.
තව ද මන සමඟ දොරටු හයක් තියෙනවා. මේ දොරටු හයෙන් ම එන අරමුණු හදවතට විතරක් පාලනය
කරන්න බෑ. ඒකට තමයි මොළයේ සම්බන්ධතාවයෙන් පාලනයක් කරනවා.
නමුත් බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ට මොළය නෑ. නමුත් අපට වඩා ඒ ඇත්තෝ උගත් නේද? අපට වඩා
ශ්‍රේෂ්ඨයි නේද? අපට වඩා සම්භාවනීයයි. එහෙනම් ඒ ඇත්තන්ටත් අපට වඩා හොඳ ලොකු මොළයක්
තියෙන්න අවශ්‍යයි. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට මොළයක් නෑ. ඒ අයට ඇස තියනවා. බුදු
කෙනෙක් දකින්නට විතරක්. කන තියෙනවා බුදු බණ අසන්ට විතරක්. එහෙනම් හෘද වස්තුව වැඩ
කරනවා. ඒත් ධ්‍යාන භාවනා වඩන්ට මොළයක් නෑ. එහෙනම් පැහැදිලිව තේරුම් ගන්ට, මොළයේ
නෙමෙයි හිත පවතින්නේ. හෘද වස්තුව ඇසුරු කරගෙනයි. ප්‍රධාන වශයෙන් නමුත් චක්ඛු
ප්‍රසාදය තුළ චක්ඛු විඤ්ඤාණය තුළ එක හිතක් පහළ වෙනවා.
හැබැයි ඉන් එහා දෙයක් නැහැ. සෝත, ඝාන, ජිව්හා, කාය, හෘද වස්තුවෙන් තමයි මේ සියලුම
ක්‍රියාකාරකම් සිද්ධාන්ත සිද්ධ වෙන්නේ. ප්‍රතිසන්ධි අවස්ථාවේ විඤ්ඤාණය පහළ වෙනවාත්
එක්ක ම රූප හටගන්නවා. කර්මජ රූප ටික ඔක්කෝම එතන හටගන්නවා. ඉන් අනතුරුව වේදනා සංඥා
සංඛාර යන නාමස්කන්ධ හටගන්නවා. නාම රූප නිසා ආයතන කීපයක් හට ගන්නවා. සිත තමයි
මනායතනය.
ඉන් අනතුරුව චෛතසිකය ධම්මායතනය විදිහට අපට බෙදාගන්න පුළුවන්. ඉතිං මෙහි දී
ප්‍රතිසන්ධි අවස්ථා විතරයි පැහැදිලි කරන්නෙ. නමුත් දැන් අපි මම ගැනෙන කතා කළේ. දැන්
මම ප්‍රතිසන්ධි අරගෙන ලොකු මහත් වුණා. අද මම භික්ෂුවක් බවට අද පත්වෙලා ඉන්නවා.
මම කොහොමද විඤ්ඤාණයයි, නාම රූපයි හටගන්නෙ කොහොමද කියා කතා කරන්න යන්නේ. දැන් මට
චක්ඛු විඤ්ඤාණ සිත පහළ වෙනවා. මේ ඇත්තෝ දකිනකොට එක එක්කෙනා දකිනකොට පහළ වෙනවා.
මොකද? මේවා රූපාරම්මණ, චක්ඛු ප්‍රසාදය ගැටෙන කොට ඉපදෙනවා චක්ඛු විඤ්ඤාණය. මේ චක්ඛු
විඤ්ඤාණ සිතත් එක්ක පහළ වෙනවා. එක සිතක් නෙමෙයි මේක චිත්ත වැලක්. ඒකට චිත්ත වීථි
කියනවා.
හෘදය වස්තුව ඇසුරුකරගෙන පහළවෙන සෑම චිත්තක්ෂණයක් ගානේ ම හෘද වස්තුව ඇසුරුකරගෙන
පහළවෙන මේ සිත එක්ක ම සිතේ උත්පාද අවස්ථාවේ දී චිත්තජ රූප කොට්ඨාශයක් පහළ වෙනවා. ඒ
හැම අවස්ථාවක දී ම කථමජ රූප පහළ වෙනවා. එයයි රූපය, හැම චිත්තක්ෂණයක ම වේදනා, සංඥා,
සංඛාරය කියා නාම රූප පහළ වුණා. ඉන් පසු නාම රූප නිසා හටගන්නවා සළායතන. ප්‍රධාන
වශයෙන් ඇස, ඇස නිසා හටගන්නවා චක්ඛු ප්‍රසාදය.
එයට අපි කියන්නේ චක්ඛායතනය කියා. මේ චක්ඛායතනයෙන් ගන්න රූපාරම්මණය නිසා කුසල් සිත්
පරම්පරාවක් පහළවෙනවා. එහෙනම් චක්ඛායතනය නිසා තමයි මේ කුසල් සිත් පරම්පරාව පහළ වුණේ.
දැන් මම දේශනා කරන බණ පදයට ඇහුන්කම් දෙනකොට, සෝතායතනයෙන් ශබ්දය අරගෙන සෝතද්වාරික
වශයෙන් කුසල ජවන පරම්පරාවක් පහළ වෙනවා. මල් සුවඳ තේරෙනකොට අන්න ගන්ධාරම්මනයෙන්,
ඝානායතනය පහළ වෙලා. ඒ තුළින් කුසල් සිත් පහළ වෙන්න පුළුවන්. |