|
|
සම්බුදු මැදුර |
|
|
|
බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය
බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය කටුනායක වේයන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා
දර්ශනීය වෙල් යායකට ආසන්න ව පිහිටා තිබීම නිසා ධර්මය හැදෑරීම පිණිස මනා වටපිටාවක්
විහාරස්ථානය සතුව පවතී. මෙම විහාරස්ථානය මීට වසර පහළොවකට පමණ පෙර ආරම්භ වුව ද
විහාරස්ථානයක් ලෙස අත්‍යවශ්‍ය අංග පවා තවමත් ඉදි කළ යුතු මට්ටමේ පවතී.
වර්තමානයෙහි මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති ධූරය දරනු ලබන්නේ අනුරාධපුර භික්ෂු
විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මිනුවන්ගොඩ ඥානාවංශ හිමියන් විසිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අධ්‍යාපන ආයතනය අධිපති
නැදගමුවේ විජයමෛත්‍රී නා හිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය යටතේ උන්වහන්සේ මෙම
විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කොට ඇත. භෞතික පහසුකම් අතින් අවම
තත්ත්වයක තිබුණ ද, මෙම විහාරස්ථානය මඟින් සිදුවන සේවාව ඉතා ප්‍රශස්ථ ය. දැනට මෙම
විහාරස්ථානය තුළ වර්තමාන විහාරාධිපති හිමියන් විසින් ථෙරවාද බුද්ධ ධර්මය දේශීය සහ
විදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇත.
ඉතිරිය»
|
|
මැදින් පුර අටවක පෝය
මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24
වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා
|
|
|
|
|
|
|