සිරිතට අනුව පිරිතට ආරාධනා කිරීම
ගල්කිස්ස
උසස් බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති
බුස්දුල්ලේ සිරිධම්ම හිමි
පිරුවානා පොත් වහන්සේ
පිරුවානා යන වචනයෙහි තේරුම කටපාඩම් කරන යන අදහසයි. මෙහි ඇති සූත්‍ර අනිවාර්යයෙන් ම
පැවිදි වීමට පෙර වාචෝත්ගත කරගත යුතු බව අතීතයේ පිළිගත් මතයයි. අනුරාධපුර ජේතවනාරාම
ශි්ලා ලේඛනයක ‘මහණ කරත් පිරිත් සතර බණවර පිරියත් වූවන් මහණ කරනු ඉසා’ යන්නෙන් සතර
බණවර කටපාඩම් අය පමණක් පැවිදි කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
බණවර සතරකින්, සූත්‍ර විසිදෙකකින් සැදුම් ලත් වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත්
වහන්සේ මහා විහාර භික්ෂූන්ගේ අභිමතය පරිදි සකස් කළ බව සඳහන් වේ.
අතීතයේ දී ලංකාවේ භික්ෂු සම්ප්‍රදායන් දෙකක් දක්නට ලැබිණ. එක් සම්ප්‍රදායක් වන්නේ
විදර්ශනා ධූරය සපුරමින් වහ වහා විමුක්තිය පසක් කර ගැනීමට ප්‍රයත්න දැරූ පිරිසයි.
දෙවන කණ්ඩායම වන්නේ ගිහි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් තමන් ද විමුක්තිය සලසා
ගැනීම සඳහා ක්‍රියාත්මක වූ පිරිසයි.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී, ගිහි උපාසක උපාසිකාවන්ගෙන් සිවුපසයෙන් උපස්ථාන
ලබන භික්ෂූන් වහන්සේ ගිහියන් උදෙසා යුතුකම් හයක් ඉටු කළ යුතු බව දක්වා තිබේ. ඒවා
නම්,
පවින් වැළැක්වීම, කුසලයෙහි යෙදවීම, කලණ සිතින් අනුග්‍රහ දැක්වීම, නොඇසූ විරූ දහම්
ඇස්සවීම, අසා ඇති දහම් පිරිසුදු කරවීම, සුගතියට මග කීම, යනාදී කාර්යයන් වේ.
බුදුරදුන්ගේ මෙම උපදේශය මැනවින් වටහාගත් ග්‍රන්ථධූරය දැරූ භික්ෂූන් වහන්සේලා ගිහි
ජනතාවට ලෞකික ජීවිතයේ විවිධ ගැටලු සංසිඳුවාගෙන උසස් ජීවන තත්ත්වයකට ළඟාවීම සඳහා
ඇවැසි ආශිර්වාදයන් නො අඩුව ලබාදීම සඳහා වර්තමාන පිරුවානා පොත් වහන්සේ ක්‍රමානුකූලව
සකස් කළ බව හඳුනාගත හැකි ය.
පිරිත් ශ්‍රවණය කරන දායකයින්ගේ හා දේශනා කරන
දේශකයන් වහන්සේලාගේ වගවීම හා වගකීම
වර්තමාන සමාජයේ බොහෝ ක්‍රියාකාරකම් වචන මාත්‍රයට පමණක් සීමා වී ඇත. අලුතෙන් නිවසක්
සකසා ගත් විට, ව්‍යාපාරයක් ආරම්භ කරන විට, සර්ව රාත්‍රික පිරිත් දේශනාවන් හෝ වරු
පිරිත් දේශනා පවත්වා දියුණුව, අභිවෘද්ධිය ලබා ගැනීමට ද දායක පිරිස් උනන්දුවක්
දක්වති. එහෙත් ඇතැම් අවස්ථාවක දී අපට දක්නට ලැබෙන්නේ පිරිත් දේශනාවෙන් උපරිම
ප්‍රයෝජන ලබා ගත හැකි ආකාරයෙන් දායක පිරිස් කටයුතු නොකරන බවයි. පිරිත් දේශනාවක්
පැවැත්වීම වර්තමාන සමාජයේ ඉතා අසීරු, අධික මුදලක් වියදම් වන කාර්යයකි. එමෙන් ම
දෙපක්ෂයට ම වෙහෙස කර කාර්යයකි. ඒ නිසා පිරිත් දේශනාවක් සාර්ථකව පවත්වන්නේ කෙසේ ද?
එයින් ඉහළ ආනිශංස ළඟා කර ගත හැකි ලෙස කටයුතු කරන්නේ කෙසේ ද? යන්න විමසා බැලිය යුතු
ය.
පිරිත් දේශනාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන පිරිස මුලින් ම කළ යුතු වන්නේ
විහාරස්ථානයට ගොස් භික්ෂූන් වහන්සේ සමඟ ඒ සඳහා සුදුසු දිනයක් යොදා ගැනීමයි. අනතුරුව
පිරිත් ශ්‍රවණය කිරීමට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන අය දැනුවත් කළ යුතු ය. පිරිතට දින
ආසන්න වූ විට නිවෙස් හා අවට පරිසරය ඉතා හොඳින් පවිත්‍ර කර ඒ සඳහා සූදානම් විය යුතු
ය.
පිරිත් දේශනාව සඳහා භික්ෂූන් වහන්සේලා නිවසට වැඩම කරවා ගත් අවස්ථාවේ සිට දායක පිරිස
කායික මානසික හික්මීමකින් කටයුතු කළ යුතු ය. පිරිත් දේශනාවෙන් උපරිම ප්‍රයෝජන
ලැබෙන්නේ දේශනා කරවා ගැනීමෙන් පමණක් නොවේ. දායක පිරිස ඒ සඳහා දක්වන ලද කැපවීම ද
පදනම් ව ය. |