පනස් පස්වැනි වියට පා තැබූ අල්කේගම විමල හිමි
කුරුණෑගල විසුද්ධායතන විද්‍යායතන පිරිවෙනේ
ආචාර්ය ශාස්ත්‍රපති
වික්‍රමසිංහ අතපත්තු
ගබ්බල ශ්‍රී බෝධිවනාරාම පුරාණ විහාරය, කටුපිටිය ටැම්පිට පුරාණ විහාරය, නැළව පුරාණ
විහාරය යන විහාරත්‍රයාධිපති,කුරුණෑගල විශුද්ධායන විද්‍යායතන පරිවේණාධිපති
ශාස්ත්‍රපති අල්කේගම විමල හිමිපාණන් වහන්සේ පනස් පස්වැනි වියට පා තැබූහ.
1963 ජනවාරි මස 18 වෙනි දින මාවනැල්ල අල්කේගම නම් වූ ගම් පියසෙහි ජන්මලාභය ලැබුහ.
අපවත්වී වදාළ වල්පොලේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ සහ බෝයගොඩ සෝභිත හිමිපාණන්
වහන්සේ ආචාර්යන් වහන්සේලා වශයෙන් උතුම් ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වු විමල
හාමුදුරුවන් වහන්සේ මලියදේව විද්‍යාරක්ෂක මහ පිරිවෙනට ඇතුලත්ව මූලික උගත මනා ධර්ම
ඤාණය ලැබූහ.
අනතුරුව පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය මහ පිරිවෙන හා පොල්ගොල්ල
ශාස්ත්‍රාරවින්ද මහ පිරිවෙන ඇසුරෙන් උසස් අධ්‍යාපනය ලබා මයිලෑවේ ශ්‍රී නිවාස ,
රඹුක්වැල්ලේ පඤ්ඤාසාර යන නා හිමිවරුන් ඇසුරෙන් සිය වියත් බව වර්ධනය කර ගත්හ.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේ දී උපාධිය ද
ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය ද ලබා ගැනීමට සමත් වූහ.
1984 දී ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් උපසම්පදාව ලබා ගැනීමේ
දී වල්පොලේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ සහ බෝයගොඩ සෝභිත හිමිපාණන් වහන්සේ
ආචාර්යවරුන් වූහ.
2002 දී කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන මහ පිරිවෙනේ පරිවේනාචාර්ය උප ගුරුවරයෙකු
ලෙසින් රාජ්‍ය සේවයට එක්වූ උන්වහන්සේ එහි කෘත්‍යාධිකාරි නාහිමිපාණන් වහන්සේගේ
ප්‍රසාදය කරණකොටගෙන පරිවේණාධිපති ධුරයට පත් වූහ.
කුරුණෑගල විසුද්ධායන විද්‍යායතන පිරිවෙන වයඹ පළාතේ කීර්තිමත් විද්‍යාස්ථානයක් බවට
පත් කළේය. උන්වහන්සේගේ පනස්පස් විය නිමිති කොට ගබ්බල ශ්‍රී බෝධිවනාරාම විහාරස්ථානයේ
දි ආශීර්වාද පින්කම් මාලාවක් පැවැත්විණි. |